Spread the News

දඹුල්ලේ ගැටලුව

ඉස්ලාම් නායකයන් හා අගමැති අද සාකච්ඡා

පණ්ඩුක සමරසේකර SOURCE:

රංගිරි දඹුලු විහාර භූමි පරිශ්‍රයේ ඉදිකරමින් පැවැතිණයැයි කියන ඉස්ලාම් භක්තිකයන්ගේ ඇදහීම් ස්ථානය පිළිබඳ සාකච්ඡාවක් ඉස්ලාම් දේශපාලනික හා ආගමික නායකයන් සමඟ අද (27) අගමැතිවරයා සාකච්ඡාවක් පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

සාකච්ඡාව පවත්වන්නේ අද ආගමික ඇදහීම්වලින් අනතුරුවය.

මේ ගැටලුවට අදාළ සාකච්ඡාවේදී දෙපාර්ශ්වයේම එකඟතාවට පැමිණෙන තීරණය ඒ ලෙසම ක්‍රියාත්මක කිරීමටද අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇතැයිද එම නිවේදනයේද සඳහන් වේ.

එසේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සෑම ජන කොට්ඨාසයකටම සමාන ලෙස සලකන දුර්ලභ ගණයේ ජන නායකයකු බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා එවන් නායකයකු සිටින රටක ජාති හෝ ආගමික හෝ හේතු පදනම් කර ගනිමින් අනවශ්‍ය ගැටලු නිර්මාණය කිරීම ශ්‍රී ලාංකිකයකුට තරම් නොවන බවද පවසයි