Sat. Jan 18th, 2025
Image: Photo by Dang Hong:pexels
Spread the News

ආශ්චර්යයමත් රජු !

පාලකයන් පත්වේ. පාලකයන් ඉවත්වේ.

ලොව මිනිස් ප්‍රජාව බිහි වුය කවදාද එදා සිට රජු හෙවත් නායකයකු පත්කිරීමේ විවිධ වූ ක්‍රමවේදයන් භාවිතයට ගෙන ඇත. පාලකයකු තැනීම මිනිසකු බිහි කිරීම මෙන් නොවේ. පාලකයකු තේරීම වඩා දුෂ්කර වූ කර්තව්‍යක්.  තම ප්‍රවේණිය අනුව , තම හැකියාව අනුව , දුන් නායකත්වය අනුව , කල සේවය අනුව මෙකී නොකී දහසකුත් එකක් ක්‍රමවේද ඒ සඳහා ඉතිහාසය පුරාම භාවිතයට ගෙන ඇත.

ඉතිහාසය දෙස ආපිට හැරී බැලීමේදී පෙර රජදරුවන් බිමේ නායකයින් ලෙස තම මව් බිමේ උන්නතිය වෙනුවෙන් කල කී දෑ අදටත් නෂ්ටාවශේෂ ලෙස ඉතිරිව දැකගත හැකිය.

නමුත් ඒ එකදු වූ ක්‍රමයකටවත් හසුනොවන හරි අපුරු ක්‍රමයකට රජකු පත්කරගත්තා යයි කීවොත් ?

දශක 5ක ඉතිහාසයක් පුරාවට මේ මිහි මත එකදු වූ බීජයක් හෝ රෝපණය නොකරා වූ  , එකදු හෝ ශාඛයක් පැල නොකරා වූ , එකදු වූ ගොඩනැන්විමක් කර නැත්තා වූ  , තම පෞද්ගලික ධනයෙන් එකදු වූ පරිත්‍යාගයක් කිසිවෙකුට නොකලා වූ , එකදු වූ ජාතික, ආගමික සේවයක් නොකලා වූ තම ඉතිහාසය පුරාම වැනසීම , ගැරහීම , මෙන්ම ද්වේශය , වෛරය , ඊර්ෂ්‍යායාව , පරුෂ වචන , සම්ප්‍රප්පලාප , මුසාව යන සය වැදෑරුම් “හැකියාවන්” වැපුරුවා වූ සහ එවැනි වූ ප්‍රතිපත්තීන් පමණක්ම තම ගුරුන් ලෙස ඇදහු කණ්ඩායමක පුද්ගලයෙකුට තමන් ඒ කල “සේවය” වෙනුවෙන් රටේ රජකම ලබාදුන්නා යයි කිවොත් ඔබට එය අදහා ගත හැකිද ?

ඔවුන් සිටවූ ශාඛයක් මේ මිහි මත නැත.

ඔවුන් ඉදිකළ දෙයක් මේ මිහි කත නොදරයි.

ඔවුන් කල පරිත්‍යාගයක සාක්ෂියක් මේ මහා දෙරණ තුල නැත.

ඔවුන් කල සේවයක ලකුණක් මේ මිහි මඬලේ නොමැත.

නමුත් කල වැනසීම් , ගැරහීම්  වල නෂ්ටාවශේෂ වූ සාක්ෂින් දෙරණ පුරා පවතී.

බිමක් ඉදිරියට යාමට යත්න දරන සෑම අවස්තාවකදීම ඊට බාධා කරමින් ඊට අකුල්හෙලීම ඔවුනගේ සාමාන්‍ය සිරිතක් විය.

එවන් පිරිසක් අතර වූ මිනිසෙක් රජකරනු ලැබුවා යයි කිවොත් ඒ අප දායක වී ඇත්තේ කුමක් සඳහාද ?

බලන්න ! ඕනෑම පුද්ගලයෙකුට ඍණ පමණක්ම නොව ධන පාර්ශ්වයකුත් ඇත. එය රජාටත් අදාලය. උදා; දුටුගැමුණු මහා රජතුමා පළමුව තම බලය වෙනුවෙන් යුධ වැදුනේ ආක්‍රමණිකයා සමග නොව තම එක්කුස උපන් මලනුවන් සමගය. නමුත් මිනිසුන් අද දක්වා අනුස්මරණය කරන්නේ ඔහු ආක්‍රමණිකයා හා කල සටනයි. මේ ආකාරයට සෑම පුද්ගලයෙකුටම වාගේ ධන සහ ඍණ පැති ඇත.      

තාමාට පෙර රජදරුවන් ගේ ඍණ පමණක්ම හුවා දක්වමින් එය පමණක්ම සමාජගත කිරීමෙන් පුරවැසියන් තුල ඔවුන් කෙරේ උද්දීපනය කරනු ලැබූ ගිනියම් වූ ක්‍රෝධය , දැඩි වෛරය සහ ඊර්ෂ්‍යායාව තම වාසියට හරවාගෙන ඒ හරහා තමාට රජවීමට අවශ්‍ය පුරවැසි කැමැත්ත ලබා ගත්තා යයි කිවොත් ?

එයත් ආශ්චර්යයකි.

එවිට පුරවැසියා රජා පත්කිරීම් කර ඇත්තේ “හොරු අල්ලමියි” කියා හෙවත් යමෙකුට දඬුවම් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.  දුන් පොරොන්දු ප්‍රකාරවය. ඔහුගේ පෙර කල කි දෑ හෝ ඔහු ගේ පෙර ක්‍රියාකාරකම්මොනවාද කියා යන කිසිවක් මෙහිදී අදාළ කරගෙන නැත. සලකා බලා නැත.

බලා ඉඳිමු !

ස්තුතියි !

Protected by Security by CleanTalk