උතුරේදී අසුවූ ප්‍රභාකරන් රූකඩය!

Spread the News

උතුරේදී අසුවූ ප්‍රභාකරන් රූකඩය!

* 2014 සත්‍ය සෙවීමේ කොමිසම උගුලක්‌
source:
* එන්.ජී.ඕ. කාරයෙක්‌ උතුරේ ආණ්‌ඩුකාරයා කරන්නැයි සිවාජිලිංගම් ද්‍රවිඩ සන්ධාන සමුළුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වේ

* ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් තමිල්නාඩුවේ සිට ගෙන්වූ මැයි- 17 සංවිධානයේ තමිල්වානි ප්‍රභාකරන් උතුරේ හමුදා කඳවුරු ඡායාරූප ගත කරද්දී අසුවේ

* ද්‍රවිඩ සන්ධානයෙන් ආනන්ද සංගරී ඉවතට?

* සටන් විරාම ගිවිසුමට දායක වූ හිටපු රාජ්‍ය නිලධාරියෙක්‌ රාජ්‍ය යාන්ත්‍රණයට යළි රිංගීමට උත්සාහ කරයි

* මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියට සම්බන්ධ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයට ද රජයෙන් ලැප්ටොප් පරිගණකයක්‌

* ඇත්ත හෙළිවෙතැයි සැකෙන් ද්‍රවිඩ සන්ධානය සංගණනයට එරෙහි වේ

“සත්‍ය සහ සහජීවන කොමිසමක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමට
දකුණු අප්‍රිකානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර ජනවාරි මස දී
සාකච්ඡාවක්‌ පැවැත්වීමට අදහස්‌ කරනවා
– ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති ජියොප් ඩොයිඩ්ඡේ


ශ්‍රීධරන් නමැත්තා කොටි හිතවාදී තමිල්මානිව බේරා ගැනීමට උත්සාහ කිරීම

තමිල්මානි හෙවත් තමිසා මහා පිර්බාහරන්

2014 වසර තව පැය 48 කින් උදාවේ. ඉදිරි දින 70 කට පසු ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාවේ වන්නි හමුදා මෙහෙයුමේ නායකයන්ට තොණ්‌ඩුව දැමීමට බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කැනඩාව මෙන්ම කොටි ඩයස්‌පෝරාව පුන පුනා බලා සිටියදී දැන් තවත් උගුලකට ශ්‍රී ලංකාව යොමු කිරීමට දකුණු අප්‍රිකාව සූදානම් වේ.

ඒ දකුණු අප්‍රිකානු රජය සිදු කළ අයුරින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළේ ද යන්න දැන ගැනීමට සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පිහිටුවීමයි. පසුගියදා මෙරට පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වූ දකුණු අප්‍රිකානු ජනාධිපති ෙ-කබ් සුමා මෙවන් කොමිසමක්‌ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත යෝජනා කළේය. එහෙත් අපේ රටේ ජනතාව සත්‍ය සෙවීමේ කොමිසමක විපාක නොදනී. ඔරමඑය aබා Reජදබජසකසඑසදබ ඤපපසිසදබ දකුණු අප්‍රිකාවේ ජනාධිපතිව සිටි නෙල්සන් මැන්ඩෙලා මෙවන් කොමිසමක්‌ පිහිටු වනු ලැබුවේ බිහිසුණු අපරාධවලට සම්බන්ධ ඔහුගේ අප්‍රිකානු කොන්ග්‍රසයේ ක්‍රියාකාරීහු ගලවා ගැනීමේ අරමුණෙනි. ඊට නිදසුන් ලෙස අප්‍රිකානර් රෙසිස්‌ටන්ස්‌ මූමන්ට්‌ නායක ටෙරි බැලන්ෙච් සහ සුදු ජාතික ගොවීහු 3149 ක්‌ ඝාතනය වීම දැක්‌විය හැකිය. ටෙරි බැලන්ච් මරා දැමීමට සති දෙකකට පෙර 17 හැවිරිදි සුදු තරුණියක්‌ වූ ඇනිටා ස්‌මිත්ට අතවර කර ඇගේ උගුර 16 වතාවක්‌ කපා දමා තිබිණි. ඇගේ දැත් ද කපා ඉවතට විසිකර තිබූ බව හෙළි විය. මේ හැර සිවිල් වැසියන් 1100 ක්‌ ඝාතනය කළේ අප්‍රිකානු කොන්ග්‍රසය යෑයි අගරදගුරු ඩෙස්‌මන් ටූටුගේ සත්‍ය සෙවීමේ කොමිසම කියා සිටියේය.

සත්‍ය සෙවීමේ කොමිසම සිය විමර්ශන කටයුතු කරන අවස්‌ථාවේ රාජ්‍ය නොවන සංවිධාන 23 ක්‌ මැදිහත්වී එකී විමර්ශන හෙළිදරව් කිරීමට මාධ්‍යවලට අවසර දිය යුතු බව කීවේය. එහි ප්‍රතිඵලය වූයේ නෝර්වේ අරමුදල් ලබන රූපවාහිනි සේවාවක්‌ විමර්ශන විභාගය විකාශනය කිරීමය.

අවසානයේදී දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසම සිය වාර්තාව නෙල්සන් මැන්ඩෙලාට භාර දුන්නේය. එහි සඳහන් වූයේ මැන්ඩෙලාගේ හිටපු බිරිය වූ විනි මැන්ඩෙලා මෙහෙය වූ එක්‌සත් පාපන්දු සමාජය අපරාධකාරී ක්‍රියා රැසකට සම්බන්ධ බවත්, මිනී මැරූම්, වධහිංසා කිරීම්, පහර දීම් හා ගිනි තැබීම්වලට වගකිවයුතු බවය. ඒ අනුව විනි මැන්ඩෙලා මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම ගැන වගකීම දැරිය යුතු බව කොමිසම නිර්දේශ කළේය. එහෙත් අද වන තෙක්‌ බටහිර රටවල් හෝ දකුණු අප්‍රිකානු රජය ඇයට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළේ නැත.

නෙල්සන් මැන්ඩෙලා තම සගයන්ට සමාව දෙද්දී ශ්‍රී ලංකා රජය සතුරන් වූ කොටි ත්‍රස්‌තයන් 11000 කට සමාව දුන්නේය. මේ පසුබිම මැද සත්‍ය සෙවීමේ කොමිසමක්‌ කුමකට ද යන ප්‍රශ්නය පැන නගී.

රජය මෙයට පෙර උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම පත් කළේය. එම කොමිසමේ නිකුත් කළ නිර්දේශ සියල්ල ඉටු කරන ලෙස ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා මානව හිමිකම් කවුන්සිලය ද රජයෙන් ඉල්ලා ඇත.

එකී කොමිසමේ ඇතැම් නිර්දේශ මෙරට ජාතික ආරක්‍ෂාවට ද තර්ජනයක්‌ වී තිබීම නිසා එකී කොමිසමේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීම බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ.

මේ තත්ත්වය මත අප්‍රිකානු කොන්ග්‍රසයේ සත්‍ය සෙවීමේ කොමිසම යනු තවත් තොණ්‌ඩුවක්‌ බෙල්ලට දමා ගැනීමකි. එසේම ඡේකබ් සුමාගේ රජයේ ඇතැමුන් කොටි හිතවාදී බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසඳය සමග දැඩි සබඳකම් පවත්වන බව රහසක්‌ නොවේ. නැගෙනහිර කොටි හමුදා නායකයකු වූ රමේෂ්ගේ බිරිය වූ වත්සලා දේවි නමැති කොටි කාන්තාවට දේශපාලන රැකවරණ දුන්නේ ද දකුණු අප්‍රිකාවයි.

කොටි සංවිධානයේ ඉල්ලීම මත අප්‍රිකානු රජය මෙරට යුද හමුදාවට බිම් බෝම්බවලට ඔරොත්තු දෙන බµල් යුද රථ සැපයීම ද නතර කළේය. මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපති සුමා ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් සමග ද සාකච්ඡා කළේය. එසේම හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩේලාගේ අවමඟුල් උත්සවයට කොටි හිතවාදී බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසඳයේ ප්‍රකාශක සුරේශ් සුරේන්ද්‍රන්ට ද සහභාගිවීමේ අවස්‌ථාව හිමි විය. ප්‍රිටෝරියා නුවර වෝටක්‌ලුප් ගුවන් හමුදා කඳවුරේ පැවැති එකී අවමඟුල් මෙහෙයට සහභාගි වූ සුරේන්ද්‍රන්ට ශෝකය පළ කිරීමේ පොතේ අත්සන් කිරීමට ද ඉඩ ලැබිණි. මෙලෙස දකුණු අප්‍රිකානු මැදිහත්වීමක්‌ තුළින් ශ්‍රී ලංකාවට ද සත්‍ය සෙවීමේ කොමිසම නමැති උගුලට යොමු කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ කරන අවස්‌ථාවේ සුරේෂ් සුරේන්ද්‍රන් නමැති කොටියා උතුරු නැගෙනහිර යථා තත්ත්වයක්‌ ඇති කිරීමට නම් ශ්‍රී ලංකා රජය යෝජනා 15 ක්‌ ඉටු කළ යුතු යෑයි ඉල්ලා ඇත. මේ එම යෝජනායි. “උතුරේ ජනතාවට ඕනෑම දෙයක්‌ ගැන නිදහසේ කතා කිරීමට ඉඩ දෙනු. උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කරනු. ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරනු. අත්අඩංගුවේ සිටින කොටි ක්‍රියාකාරීන්ගේ අනන්‍යතාවය හෙළි කරනු. උතුරේ සිංහලයන් පදිංචි කිරීම නතර කරනු. යුද අපරාධ ගැන සෙවීමට ජාත්‍යන්තර ස්‌වාධීන කොමිසමක්‌ පත් කරනු. ජාත්‍යන්තර මැදිහත්වීම මත දේශපාලන විසඳුමක්‌ දෙනු.

මෙම යෝජනා මාලාව ඔහු දකුණු අප්‍රිකානු රජයට ද යවා ඇත. කොටින්ට එරෙහි වන්නි මෙයෙqම නතර කිරීම සඳහා දැඩි උත්සාහයක්‌ ගත්තේ දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසමේ ප්‍රධානියා වූ හිටපු අගරදගුරු ඩෙස්‌මන් ටූටුයි.

මේ හිටපු අගරදගුරුවරයා ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බව කියමින් ජාත්‍යන්තර කොමිසමක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි ද කියා සිටියේය.

එසේම මානව හිමිකම් කොමිසාරිස්‌ නවි පිල්ලේ දකුණු අප්‍රිකානු කාන්තාවකි. ශ්‍රී ලංකාවට එරෙහි දරුස්‌මාන් කමිටුව දකුණු අප්‍රිකාවේ යස්‌මින් සුකා නමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනිය ද සම්බන්ධ විය. මේ පසුබිම මැද උගත් පාඩම් කොමිසමේ නිර්දේශවලින් ගැලවීමට නොහැකිව සිටින රජය දකුණු අප්‍රිකානු උගුලක්‌ වූ සත්‍ය සෙවීමේ කොමිසමක්‌ ස්‌ථාපිත කළහොත් සිදු වන්නේ ඉල්ලාගෙන කෑමටය.

කොටින්ට එරෙහි යුද්ධය නිමවී සිව් වසරක්‌ ගතවී ඇතත් රජය තවමත් සතුරන් කවුද සහ මිතුරන් කවුද යෑයි අවධාරණයට ලක්‌කර නැත.

එය පැහැදිලි වී ඇත්තේ 2002 ෙද්‍රdaහි සටන් විරාම ගිවිසුමේ කොටස්‌කරුවන් සිය පාවාදීමේ අතීතය ජනතාවට අමතක වී ඇති බව සිතමින් රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව උත්සාහ කිරීමය. ඉන් එක්‌ අයෙක්‌ හිටපු රාජ්‍ය නිලධාරියෙකි. පසුගිය රජය පරාජයවීමත් සමගම මොහු ලන්ඩනයට පැන ගියේය. ඉන් පසු ශ්‍රී ලංකාවේ තත්ත්වය බලා ආපසු පැමිණි විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයකට බැඳී සතිපතා එම සංවිධානය නියෝජනය කරන මෙම රහස්‌ වාර්තා යෑවීය. වරක්‌ මොහු ගුවන්විදුලි සංස්‌ථාවේ හිටපු ක්‍රීඩා විචාරකයකු සමග දැඩි වාදයකට එළැඹි වර්තමාන ජනාධිපතිවරයාව නිර්දය ලෙස විවේචනයට ලක්‌ කළේය. එහෙත් හිටපු රාජ්‍ය නිලධාරියා පසුගිය සතියේ ෙ-සුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේව යුදෙව්වන්ට පාවා දුන් පොන්ටියස්‌ පිලාත් නමැති රෝම ආණ්‌ඩුකාරයා මෙන් මගේ අත පව් නැතැයි කියමින් අත සෝදා ගත්තේය.

දැන් ඔහු ජනාධිපති හා ආරක්‍ෂක ලේකම්වරයා වර්ණනා කර ඇත. ඒ යළිත් රජයට යොමු වී තානාපති ධුරයක්‌ හෝ ලබාගැනීමට බව පැහැදිලි වී තිබේ.

අතීතය අමතක කළ ෙද්‍රdaහීන් මිතුරු වෙස්‌ ගැනීම බිහිසුණු ක්‍රියාවකට මුල පිරීමක්‌ යෑයි රුසියාවේ හිටපු ජනාධිපති වැලඩ්මීර් පුටින් වරක්‌ කියා සිටියේය.

මේ අතර ප්‍රභාකරන්ට එරෙහි වූ නඩුවක්‌ විභාග කිරීමෙන් ඉවත් වූ හිටපු විනිසුරුවරයකු වූ උතුරු පළාත් මහ ඇමැතිගේ අලුත්ම තුරුම්පුව පසුගියදා එළිදැක්‌විණි. ඒ රජය හිටපු කොටි නායකයකු වූ පදුමන් ලවා යළි කොටි සංවිධානය ආරම්භ ක්‍රියා කරන බව විග්නේශ්වරන් කියා සිටීමය. පසුගියදා පැවැති එන්.ජී.ඕ. සංවිධානයක වාර්ෂික සමුළුව අමතා විග්නේශ්වරන් මෙලෙස ප්‍රකාශ කර ඇත.

අපේ ඉඩම් පැහැර ගන්නවා. අපේ ව්‍යාපාර පැහැර ගන්නවා. අපගේ රැකියා අවස්‌ථා පැහැර ගන්නවා. යුද වැන්දඹුවන් සහ කාන්තාවන් පවා ආරක්‍ෂා වී නැහැ. රජය කොපමණ කලක්‌ උතුරේ හමුදාව තබා ගන්නවාද?

කොළඹ හතේ පදිංචිකරුවකු වූ විග්නේශ්වරන්ට අවශ්‍ය වී ඇත්තේ උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම බව එම ප්‍රකාශයෙන් සනාථ නොවන්නේද?

මේ අතර මන්නාරමේ මාන්තායිහි ජල නළ එලීමේ යෙදී සිටි ද්‍රවිඩ කම්කරුවන්ට ඇටසැකිලි කීපයක්‌ හමුවීමේ සිද්ධිය විගස උතුරේ කොටි හිතවාදීන්ට වාර්තා විය. තිරුකේත්ස්‌වරම් නමැති මෙම ස්‌ථානය කොටින්ගේ පාලනය යටතේ තිබූවක්‌ බවට හෙළි විය. ඇටසැකිලි කීපයක්‌ හමුවී ඇති බවට වාර්තාවීමත් සමගම එම ස්‌ථානයට දිව ආවේ උතුරු පළාතේ ධීවර ඇමැති දෙතිස්‌වරම් නමැත්තායි. ඇටසැකිලිවල වධහිංසා පැමිණ වූ සලකුණු තිබූ බව ඔහු විගස කොටි මාධ්‍ය අමතමින් කියා සිටියේය. දෙතිස්‌වරම් වෝහාරික වෛද්‍ය විශේෂඥයෙක්‌ නොවේ. එසේ නම් ඇටකටුවල වධහිංසා වල ලකුණු ඇතැයි කියන්නේ කෙසේද? මේ සමගම කොටි ඩයස්‌පෝරාව මන්නාරමේ සමූහ මිනී වළක්‌ ඇතැයි කියමින් ප්‍රචාරයක්‌ දියත් කළේය. 2014 ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමු කිරීම සඳහා තවත් හමුදාව ඝාතනය කළ වුන්ගේ ඇටසැකිලි මතුවී ඇතැයි ඔවුහු කියා සිටියහ. එහෙත් සෙබළුන් 5500 ක්‌ අතුරුදන්වී තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනා වධ කඳවුරුවල රඳවා පසුව වෙඩි තබා මරා වළ ලා තිබේ.

වවුනියාවේ පැවැති ද්‍රවිඩ සංවිධාන සාකච්ඡාවේදී ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගිවීම ද ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් සිය වාහනයෙන් ගෙන යමින් සිටි ඉන්දීය ජාතිකයෙක්‌ නාච්චිකුඩා ප්‍රදේශයේදී හමුදා සහ නාවික කඳවුරු ඡායාරූප ගත කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු තමිල්නාඩුවේ ආනන්ත වික්‌ටන් පුවත්පතේ තමිල්මානි ප්‍රභාකරන් වේ. එහෙත් මොහුගේ අනන්‍යතාවය උතුරේ කොටි හිතවාදීන් හඳුන්වනු ලැබුවේ තමිසා මහා පිර්බාහරන් යනුවෙනි.

මොහු ඉන්දීය මාධ්‍යවේදියකු ලෙස හඳුන්වනු ලැබූවත් මෙරටට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත්‍රයක්‌ මත යෑයි හෙළිවී තිබේ.

මෙම ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රීධරන් කොටි රූකඩය වූ බී.බී.සී. සේවයට පැවසුවේ එකී තැනැත්තා තම මිත්‍රයකු බවයි. ශ්‍රීධරන් විගස නාච්චිකුඩා පොලිසියට ගොස්‌ තමිල්වානිව බේරා ගැනීමට උත්සාහ කළේය.

එහෙත් අත්අඩංගුවට ගනු ලැබූ තැනැත්තා තමිල්නාඩුවේ ධර්මපුරම්හි පදිංචි කොටි හිතවාදියකු බවත් පසුගිය දෙසැම්බර් 21 වැනිදා ඔහු මෙරටට පැමිණි බවත් ආරක්‍ෂක නිලධාරීන්ට හෙළි විය.

පූට්‌ස්‌ ස්‌ටෙප්ස්‌ ඔප් ටයිගර්ස්‌ නමැති ග්‍රන්ථය ලිව්වේ ද මේ කොටි හිතවාදියායි.

පොලිස්‌ නිලධාරීන් මානිගේ කැමරාව පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී නාච්චිකුඩා ආරක්‍ෂක හමුදා කඳවුරුවල ඡායාරූප 50 ක්‌ තිබූ බව අනාවරණය වී ඇත. අනතුරුව පොලිස්‌ නිලධාරීන්ට ශ්‍රීධරන් ද්‍රවිඩ භාෂාවෙන් උඹේ කැමරාවට අලාභවෙලා යෑයි කියපන් යනුවෙන් මානිට පවසනු ශ්‍රවණය විය.

මානි මෙයට පෙර ද මෙරටට පැමිණ ඇති බව වැඩිදුර පරීක්‍ෂණවලින් හෙළි විය.

යාපනයේ කොටි හමුදා නායකයා වූ තීපන්ගේ සමීපතම ඥතියකු වන ශ්‍රීධරන් තමිල්නාඩුවේ ධර්මපුරම්හි සිට මානි නමැත්තාව මෙරටට ගෙන් වූයේ යාපනය පෙන්වීමටද? ධර්මපුරම් යනු නාම් තමිලර් නමැති කොටි හිතවාදී පක්‍ෂයේ කේන්ද්‍රස්‌ථානයකි.

මෙවන් තොරතුරු හෙළි වන අවස්‌ථාවේ රජය මාධ්‍යවේදීන්ට ලැප්ටොප් පරිගණක දීම ගැන විරුද්ධ පක්‍ෂය චෝදනා නැඟීය. එහෙත් ලැප්ටොප් ලබාගත් පිරිස අතර ඊනියා සටන් විරාමයට පක්‍ෂ වූවන් මෙන්ම ජම්පටා වීදියේදී අසුවූ මරාගෙන මැරෙන බෝම්බකාරියට සම්බන්ධ ද්‍රවිඩ පුවත්පතක ප්‍රධානියකු ද විය. මේ කොටි බෝම්බකාරියගේ දින පොතේ ඉහත කී ද්‍රවිඩ පුවත්පතක ප්‍රධානියාගේ අංකය ද විය.

මේ අතර නාච්චිකුඩා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ මානි ප්‍රභාකරන් 2012 වසරේ දී ද සංචාරක වීසා බලපත්‍රයකින් මෙරටට පැමිණ තොරතුරු රැස්‌ කරගෙන තමිල්නාඩුවට ගොස්‌ ඇත. එහිදී ඔහු පුලිකාමම් කේඩි නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත. ඔහු මෙවර පැමිණ ඇත්තේ ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් උතුරු ප්‍රදේශය හමුදා පාලනයට ගොදුරු වී ඇතැයි කියමින් වීඩියෝ පටයක්‌ නිර්මාණය කිරීමටය.

මානි ප්‍රභාකරන් සමග උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් වූ පසුපතිපිල්ලේ තයාපරන් වැන්නවුන් ද සිටි බව ආරක්‍ෂක බලධාරීහු හෙළි කළහ.

කීර්ති වර්ණකුලසූරිය