Spread the News

ජාතික වෙසක් උත්සවය යාපනයේ  පවත්වන්න  පූර්ණ සහාය දෙනවා

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා, නාච්චා¥ව – ප‍්‍රභාත් වනසිංහ

arunsiddaඋතුරේ දේශපාලනඥයන් සෑම විටම සිදු කරනු ලැබුවේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඉන්දියාවේ න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කිරීම මිස එම ජනතාව වෙනුවෙන් නොවන බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා සඳහන් කළේය.

අරුන් සිද්ධාර්ථන් මහතා මේ බව කියා සිටියේ පෙරේදා (04 දා* සවස අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රය මගින් සංවිධානය කරන ලද දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වූ සාම පාගමන පෙරේදා සවස අනුරාධපුරයට ළඟා වූ අතර එම සාමාජිකයන් රුවන්වැලි මහාසෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදී සාම පා ගමන අර්ථවත් කරමින් රුවන්වැලිසෑ විහාරවාසී පූජ්‍ය ගලේවෙල සමිත ස්වාමීන් වහන්සේ විසින් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රීය කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා වෙත පිරිනැමීය.

අරුන් සිද්ධාර්ථන් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තවදුරටත් පැවසුවේ,

‘‘එළාර රජුගේ සොහොන තනවා තම විරුද්ධවාදියාට ගෞරව දැක්වීමට දුටුගැමුණු රජතුමා කටයුතු කළා මෙන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදී සමයේ ජීවිතක්ෂයට පත් උතුරු නැගෙනහිර අහිංසක ජනතාවට ගෞරව දැක්වීම සඳහා රජයේ මැදිහත් වීමෙන් ස්මාරක තනාදීමට කටයුතු කරන මෙන් තමන් ඉල්ලා සිටින බවද පැවසීය.

යාපනය කේන්ද්‍ර කර ගනිමින් මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වීම රජය පියවර ගෙන ඇති බවත්, ඊට පූර්ණ සහාය තම සංවිධානය ලබාදෙන අතර මේ වන විට යාපනය ප‍්‍රදේශය ඉතා සුරක්ෂිත බැවින් එම අසිරිමත් දිනය සැමරීමට බෞද්ධ ජනතාව ඇතුළු සියලූම දෙනාට ඊට එක්වන ලෙසද හෙතෙම කීය.

රුවන්වැලි සෑ පුද බිමට පැමිණි මෙම යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සාමාජිකයන් විසින් අනුරාධපුර පූර්වාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය පොතානේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේද

මුණගැසී සාම පා ගමන පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළහ.