උතුරේ රාජ්‍ය ආයතනවල පත්වීම් “භාෂාව” නිසා අවුල් වේ

Spread the News

උතුරේ රාජ්‍ය ආයතනවල පත්වීම් “භාෂාව” නිසා අවුල් වේ

දිනසේන රතුගමගේ
source:
උතුරු ප්‍රදේශයේ බොහෝ රාජ්‍ය ආයතන සඳහා මෙවර ලබාදී ඇති කළමනාකාර සහකාර පත්වීම්වලින් වැඩි ප්‍රමාණයක්‌ දෙමළ භාෂාවෙන් පමණක්‌ රාජකාරී කටයුතු කෙරෙන කාර්යාලවලට සිංහල නිලධාරීන් යෙදවීම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබේ.

මෙම පත්වීම් ලබා ගිය පිරිස එකම දෙමළ වචනයක්‌ හෝ නොදන්නා අතර කාර්යාලවල සිටින අය සිංහල නොදන්නා පිරිසකි. මේ තත්ත්වය මත තමන්ට උදැසන සේවයට වාර්තා කිරීම සඳහා අත්සන් තැබීමත් සවසට සේවයෙන් බැහැර වීම සඳහා අත්සන තැබීමත් හැර වෙනත් කිසිදු රාජකාරියක්‌ නොමැති බව එම පළාත්වලට ගිය සේවක සේවිකාවෝ ප්‍රකාශ කරති.