සුභපැතුම් ලබන්නේ සහ ලැබිය යුත්තේ සුභ පැතුම් ලැබිය යුතු පුද්ගලයන්ටය. රට , දැයට , උරුමයට අබමල් රේණුවක හෝ සේවයක් කල කෙනෙක් නම් උහු හෝ ඇය “සුභ” පැතුම් ලැබිය යුතුමය. ඔවුන් ඉදිරියේ දන නමස්කාර කොට මල් කළඹවල් ඔවුන් පා යුග හොවා ප්‍රදර්ශනය කල යුතුය.
දිනක් මට පුදුමයක් දනවන සිද්ධියක් සිදුවිය.
එක මිනිහෙක් ඔහුගේ මුළු දිවිය පුරාවට කල සේවය නම් කුණු හරුප කීමය. කුණු හරුපෙන් කාට හෝ බැන වැදීමය. ඒ හැර ඔහු බිමකට නොමිලේ කල හැකි පැලයක් වත් සේවයක් ලෙස ඉන්දුවේ නැත. දවසේ වැඩි කාලයක් බිමත්ව ඉන්නා ඔහු කොහේ ගියත් , මොනවා කලත් ඔහුගේ වාග් කෞශල්‍යය ඇත්තේ බැනීමක් වෙනුවෙන්මය. තමන් වසර දශක දෙකකටත් වැඩි කලක් මහජන අපේක්ෂකයකු වූ ඔහු වේතනයක් ලැබුවෙකි. නමුත් තම පෞද්ගලික වියදමින් නැති බැරි ළමයකුට ළමයෙකුට කොපි පොතක් , පැන්සලක් හෝ නොදුන් මොහු කතිකාව අපුරුවට හැසිරවීමට උපන් හැකියාව තිබුනෙක් විය.
ඔහුට පිලකින් නැවතත් නියෝජිත වරම ලැබිණි. මහජන මතය ප්‍රකාශ වුනි.
පුදුමයකි ! ඔහුට ලබා දී තිබු මහජන කැමැත්ත ලක්ෂ 3 හමාරට ලංව තිබුණි. ඔහු නැවතත් නියෝජිතයෙක් විය. අදටත් ඔහු සේවයක් ලෙස කරන්නේ බැනීමක් පමණි. ඔහු බැනීමක් සඳහා තේරී පත්වූ එකම නියෝජිතයා විය.
මා තනියම කල්පනා කළේය.
මහජන කැමැත්ත බැනීමක් වෙනුවෙන් ?
දශක 3ක් තිස්සේ මේ බිමේ රට , දැයට , උරුමයට තම මාසික වේතනය තම නිවසටත් හොරා වීසි කර අප්‍රමාන වූ සේවයක් කල මිනිසුන් සිටි. ලොවම මේ බව හොඳින් දනී. එය රහසක් නොවේ. නමුත් උන් එකෙක් තම මහජන මතය විමසුවා නම් ඌට ලැබෙනා මතයක් නම් ඇත්ද ?
මිනිසුන් සමාජ මාධ්‍යයන්හි මල් තියයි.
ඒ කා වෙනුවෙන්ද ?
01.රටට කිසිදා කිසිවැඩක් නොකළ එවුන් වෙනුවෙන්ය.
02.උන් මේ දැයේ දායාද වුවාට තමන්ගේ දැයට අංශු මාත්‍රයක හෝ සේවයක් නොකළ එවුන් වෙනුවෙන්ය. ඔවුන් කෙතරම් කුහක වී ඇත්ද කියා කියතොත් තමනුත් අයත් තමන්ගේ දැයට නිරන්තරව අක්‍රෝෂ පරිභව කරන්නෝය. දැයට දෙස් තියන්නෝය. දැය විවේචනය කරන්නෝය. එපමණක් නොව දැයට වින කටින්නෝය.
03.මිනිසුන් උන්ගේම උරුමයට ගල් ගසන්නෝ වෙනුවෙන් මල් එළයි. පයට පාවඩ දමයි. බැති ගී ලියයි. ගයයි.
04.විදෙස් රටවලින් කහවනු ගෙන තම මව්බිමට කෙළවන්නට කැසකැවුවෝ මලින් පුදනු ලැබේ. තමා උපන් බිම , තමා ළමා කල හැදී වැදුන බිම , තම තරුණ කල දිවිය කෙලි දෙලෙන් ගෙවීමට ඉඩ හසර ලබා දුන් බිම , තමා ඇතැම් විට මියෙන දින මිහිදන් කරන්නට ඇති බිම පරයන්ගෙන් කහවනුවට යටවී මෙය නසන්නට , නශ්ටාවසේශ කරන්නට කැස කැවුවෝ ජනයා මල් කළඹ වල් වලින් පය දෝවනය කර සනසවති. තුති ගී ලියති. ගයති.
මිනිසුනි ! මෙවන් මිනිසුන්නට සුභ පතන්නට තබා මේ බිමෙහි උන්ගේ කෙල පිඩක් හලන්නට තරම් වත් නුසුදුසු වූවෝ වෙති.
දිනෙක බිමට තම සේවය දුන් අයෙකුට මල් තබව්. දිනෙක තම දැයට පණ දුන්නෙකුට මල් තබව්. දිනෙක තම උරුමය සුරක්ෂා කල වූවෙකුට මල් තබව්.
එයයි අපේ විජයග්‍රහණය !
ස්තුතියි !