Spread the News

tea3

Divaina :

අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කළ රුපියල් කෝටියක් පමණ වටිනා තේ කන්ටේනර් තුනක් විනාශ නොකොට යළි ජාවාරම්කරුවකු අතට පත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතගේ උපදෙස් මත මීගමුව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම ඒකකය විසින් ඊයේ (21 දා) පුළුල් විමර්ශන අරඹා ඇත.

මෙහි මූලික විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව පසුගිය ජනවාරි මාස 18 දා විදේශයකට අපනයනය කිරීම සඳහා සූදානම් කොට තිබූ කසළ තේ කන්ටේනර් තුනක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන එම කසළ තේ පොලිස් ආරක්‍ෂාව මත සීදුව කොටුගොඩ පිහිටි තේ ගබඩාවේ රඳවා තිබිණි. එම නඩු විභාගයේදී ජාවාරමට සම්බන්ධ විත්තිකරුවන් චෝදනාවන්ට වරද පිළිගත් අතර ඔවුනට අධිකරණයෙන් රුපියල් ලක්‍ෂ 1 1/2 ක දඩ නියම කොට තිබිණි.

නඩු විභාගයෙන් අනතුරුව එම කසළ තේ තොගය විනාශ කිරීමට අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කර තිබූ අතර ඒ අනුව කන්ටේනර් තුනක වූ කසළ තේ ලොරි 5 ක පටවා විනාශ කිරීමට කොච්චිකඬේ ඕවිටියවත්ත කසළ අංගනයට අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් මාර්තු මස 3 ගෙන ගොස් ඇත. එහිදී කසළ තේ තොගය සම්පූර්ණයෙන් විනාශ කර නැති අතර සුළු කොටසක් පමණක් විනාශ කළ බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. විනාශ නොකළ කසළ තේ තොගය පසුදින විනාශයට පත්කරන බවත් එතෙක් සීදුව පොලිසියේ රඳවන බවත් පවසා රෙජිස්ට‍්‍රාර්වරයා විසින් එම කසළ ලොරි සීදුවට හරවා යැවූ බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

හරවා යැවූ කසළ තේ ලොරි සීදුව පොලිස් ස්ථානයට නොගොස් වත්තලට රැුගෙනවිත් කසළ තේ ජාවාරම්කරුවකු අතට පත් කළ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී රෙජිස්ට‍්‍රාර්වරයා විසින් ප‍්‍රකාශ කර ඇත්තේ කසළ තේ අඩංගු ලොරි කසළ අංගනයට රැුගෙන එද්දී අතරමගදී ලොරිය කැඩුන බවත් පසුව ඒවා කසළ අංගනය වෙත රැුගෙන ආවත් විනාශ කිරීම සඳහා ප‍්‍රමාණවත් කාලයක් නොතිබූ බැවින් එම ලොරි සීදුව පොලිස් ස්ථානය වෙත ආපසු හරවා යැවූ බවත්ය. මෙහිදී විමර්ශන කරන පොලිස් නිලධාරීන්ට ගැටලූවක් වී ඇත්තේ සීදුව පොලිසිය වෙත රැුගෙන යන ලෙසට උපදෙස් දුන් කසළ තේ තොගය පසුව කසළ තේ ජාවාරම්කරුවකු අතට පත්වූයේ කෙසේද යන්නය.

මීගමුව සමූහ – විමල් කීර්ති