Spread the News

එල්ටීටීඊ. රැඳවියෝ උපවාසයක්‌ අරඹති

සමන් ගමගේ

එම්. ඒ. සුමන්තිරන්
පොදු සමාවක්‌ යටතේ තමන් වහා නිදහස්‌ කරන ලෙස රජයට බල කරමින් කොළඹ අනුරාධපුර සහ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ඊයේ (12 වැනිදා) පෙරවරුවේ සිට උපවාසයක්‌ අරඹා තිබේ.

වත්මන් රජය පොරොන්දු වූ පරිදි තමන්ට නිදහස ලබා නොදුන් බවත් රජය කළේ අසත්‍ය පවසමින් තමන් මුළා කිරීම බවත් සඳහන් කරමින් ඔවුහු මෙසේ උපවාසයේ නිරතව සිටිති.

ඉකුත් යුද සමයේ කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සහ බස්‌ රථවල, දුම්රියවල බෝම්බ පිපිරවීම්වලට සම්බන්ධ වූවන් ඇතුළු ත්‍රස්‌තවාදී සැකකරුවෝ දෙසීයකට අධික පිරිසක්‌ මෙසේ බන්ධනාගාරගතව සිටිති. මෙම සිරකරුවන්ට සතියක්‌ ඇතුළත නිදහස ලබා දිය යුතු බව පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාද රජයට පවසා තිබිණි.