Spread the News

එස්‌. එෆ්. ලොකූ අල්ලාගත් මෙහෙයුම
මල්ලිගේ කතාවෙන් අයියා මාට්‌ටු
* රටින් පනින්නත් ලෑස්‌තිවෙලයි හිටියේ

කාලයෙන් කාලයට චණ්‌ඩින් අපරාධකාරයන්, පාතාලයන් බිහිවෙති. මේ චණ්‌ඩින්ගේ ආයු කාලය කෙටිය. ජීවත්ව සිටිනා කෙටි කාලය තුළ ඔවුහු මහා කෙරුම්කාරයන් ලෙස හැසිරෙති. අහිංසක මිනිසුන් තළා පෙළා විනාශ කර දමා දහදුරා වැඩ සියල්ල සිදුකර තමන්ට රිසිසේ ජීවත් වෙති.

මුළු සමාජයටම මහා පිළිලයක්‌ වන මේ කාලකණ්‌ණින්ගේ ජීව කාලය කෙළවර වන්නේ එක්‌කෝ පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින්ය. එහෙමත් නැත්නම් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක්‌ අතින්ය.

අනුරාධපුරයට පමණක්‌ නොව මුළුÊරටේම ප්‍රසිද්ධ චරිතයක්‌ වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය මහත් ආන්දොaලනයට තුඩුදුන් සිදුවීමක්‌ විය.

වසන්ත සොයිසා ඝාතනයත් සමාගම එස්‌. එෆ්. ලොකූ නමැති චණ්‌ඩියකු කරළියට ආවේය. දකුණු ඉන්දියාවේ තිරගත වන කසි කබල් දෙමළ චිත්‍රපටයක රඟන තුට්‌ටු දෙකේ චණ්‌ඩියකු ගේ වෙස්‌ ගත් අනුරාධපුර දහයියාගම උපත ලැබූ මේ චණ්‌ඩියා ඇඟ කිලිපොළා යන ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගත්තේය.

රටේ සිටින සෙසු චණ්‌ඩින් මැරයන් හෝ සංසන්දනය කරද්දී එස්‌. එෆ්. ලොකූ නමැත්තාගේ විශේෂ තත්ත්වයක්‌ තිබුණේ. මොහු ෙෆ්ස්‌ බුක්‌ සහ අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කළේය.

අනුරාධපුර දහයියා ගමින් මතු වූ මේ චණ්‌ඩියා ෙෆ්ස්‌ බුක්‌ හරහා කාලයක සිට තම අදහස්‌ ප්‍රකාශ කළේය. පැනොරාමා හෝටලයට ප්‍රහාරයක්‌ එල්ල කර වසන්ත සොයිසාට අමතක නොවන පාඩමක්‌ උගන්වන බව ඔහු කලින්ම තම ෙෆ්ස්‌බුක්‌ වෙබ් අඩවිය හරහා දැනුම් දී තිබුණේය.

වසන්ත සොයිසා ඝාතනය කර පොලිසියට බියෙන් සැඟවී සිටි එස්‌. එෆ්. ලොකූ තම ෙෆ්ස්‌බුක්‌ වෙබ් අඩවිය හරහා නැවතත් සිය මිතුරන් හා සම්බන්ධ වුණේය.

ඔහු විසින්ම පටිගත කරන ලද ඔහුගේ පුරාඡේරුව ඇතුළත් වීඩියෝ පටයට ඇතැම් මාධ්‍ය මහා ප්‍රසිද්ධියක්‌ ලබාදුන්නේය. එස්‌. එෆ්. ලොකූ විසින්ම පටිගත කරන ලද වීඩියෝ පටයට අනුව ඔහුගේ වදන් ඉතා ගාම්භීරය. එඩිතරය. ඇඟෙA මවිල් කෙලින් කරවන සුළුය. එස්‌. එෆ්. ලොකූ කර තිබූ ප්‍රකාශයන්ට අනුව ඔහු අනුරාධපුරය දාමරිකයන්ගෙන් දූෂිතයන්ගෙන් බේරා ගැනීමට ඉදිරිපත් වූ වර්තමාන සරදියෙල් කෙනෙකු වැනිය.

අයුක්‌තිය අසාධාරණයට එරෙහිව සටන් කිරීමට තමන් ඉදිරිපත්ව සිටින බව ඔහු සිය ෙෆ්ස්‌බුක්‌ ජාලය හරහා ප්‍රකාශ කරන්නේ මහා උජාරුවෙන්ය. අනුරාධපුරයට කැරෝකේ නයිට්‌ ක්‌ලබ් අවශ්‍ය නොවන බව ඔහු කීවේය. රෙස්‌ටුරන් අනවශ්‍ය බවද කියා සිටියේය.

මේ පුරාඡේරු කථා කියන තුට්‌ටු දෙකේ චණ්‌ඩියා කරාතේ වසන්තගේ කැරෝකේ සමාජ ශාලාවට වැදී සිය මිතුරන් සමග මත්පැන් පානය කිරීම පුරුද්දක්‌ ලෙස කරගෙන ගිය අයෙක්‌ බව මුළු රටටම නොරහසකි.

පැනොරාමා සමාජ ශාලාවේ පැලපදියම් වී රුපියල් අසූදහසක බිලක්‌ වැටෙන තුරු මත්පැන් පානය කර තරුණියන්ගේ පහස ලබමින් සියලු දුරාචාරවල යෙදී මුදල් ගෙවා ගැනීමට නොහැකිව එස්‌. එෆ්. ලොකූ වසන්ත සොයිසා සමඟ පැටළුනේය.

එස්‌. එෆ්. ලොකූ වසන්ත සොයිසා සමඟ වෛර බැඳ ගැනීමට හේතු වුණේද මේ සිදුවීම්ය. සිය ගෝලබාලයන් සමඟ පැනොරාමා හෝටලයට කඩා වැදී පිනට මත්පැන් පානය කිරීමට ඔහු උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

මේ වෛරය පිරිමසා ගන්නට එස්‌. එෆ්. ලොකූ සැලසුම් කරන්නේ ඉන් අනතුරුවය. සිය ගෝලබාලයන් සමඟ අනුරාධපුර පැනොරාමා හෝටලයට කඩා වැදී එය පොඩිපට්‌ටම් කරන්නේ කාලයක්‌ තිස්‌සේ ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබූ වෛරය පිටකිරීමටය.

එස්‌. එෆ්. ලොකූ සිය ගෝලබාලයන් 28 දෙනෙකු සමග පැනොරාමා හෝටලයට ප්‍රහාර එල්ල කළද කරාටේ වසන්ත ඝාතනයට ඔහුගේ සිතේ සැලසුමක්‌ තිබුණේ නැත.

මේ ප්‍රහාරය එල්ල කළ උන් අතර සිටි මාළු චූටි නමැත්තා වසන්ත සොයිසාට පොරොවෙන් පහර දෙන්නේ ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහාය.

වසන්ත සොයිසා ඝාතනය කර දින ගණනක්‌ තැන්තැන් වල සැඟවී සිටි එස්‌. එෆ්. ලොකූ අවසානයේදී පොලිසියට කොටු වන්නේ හලාවත නගරයේදීය.

වසන්ත සොයිසා ඝාතනය කළේ ඔහු මුළු අනුරාධපුරයටම පිළිලයක්‌ව සිටි නිසා බව එස්‌. එෆ්. ලොකූ පොලිසිය හමුවේ පාපොච්චාරණය කරන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. වසන්ත විනාශ කර පොලිසියට භාරවීමට සිටි බවද ඔහු කියා සිටියේය.

වසන්ත සොයිසා අනුරාධපුරයට පිළිලයක්‌ව සිටියේ නම් ඔහු මරා දමා පොලිසිය වෙත ඒ මොහොතේම භාරවීමට එස්‌. එෆ්. ලොකූට අවස්‌ථාව තිබුණේය. පැනොරාමා හෝටලය වෙත මුහුණු වසාගෙන තම ස්‌වරූපය වෙනස්‌ කර ගෙන ගොස්‌ ප්‍රහාරයක්‌ එල්ල කිරීමටද එස්‌. එෆ්. ලොකූට අවශ්‍යතාවක්‌ නැත.

එහෙත් දින ගණනක්‌ රට පුරා කට්‌ටි පනිමින් පොලිසිය මගහැරීමට එස්‌. එෆ්. ලොකූ දැඩි උත්සාහයක්‌ ගනිමින් රටින් පලා යැමටද ඔහු සූදානම් වුණේය. ඒ කිසිවක්‌ කරගත නොහැකිව පොලිසියට කොටුවූ පසු මේ මහා චණ්‌ඩියා දැන් කටමැත දොඩවන්නේය.

කරාතේ වසන්ත ද සුදු චරිතයක්‌ නොවන බව මුළු රටටම හෙළිවී හමාරය. සදාචාරාත්මක නොවන ආකාරයට අනුරාධපුර පූජා භූමිය ආසන්නයේ කැරෝකේ සමාජ ශාලාවක්‌ පවත්වාගෙන යමින් ඔහු අසීමිතව මුදල් ඉපයූවේය. අනුරාධපුරයට නොගැළපෙන සංස්‌කෘතියක්‌ ගෙන ආවේ ඔහුය. මේ මිනිසා කරන කියන නීති විරෝධී ක්‍රියා හමුවේ දේශපාලනඥයෝ පමණක්‌ නොව පොලිසියද ඇස්‌ කන් පියාගෙන සිටියහ.

කරාතේ වසන්තගේ මොන තරම් වැරදි තිබුණද මේ ආකාරයට ඔහු කපා කොටා ඝාතනය කිරීම කෙසේ වත් අනුමත කළ නොහැකි ශිෂ්ට සමාජය මෙය පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

පැනොරාමා හෝටලය විනාශ කර කරාතේ වසන්ත ඝාතනය කිරීමෙන් පසු අනුරාධපුර පොලිසිය සිය රාජකාරිය විශිෂ්ට අයුරින් ක්‍රියාත්මක කළහ. මේ අපරාධය සිදුවී දින තුන හතරක්‌ ගතවන්නට පෙර ඊට සම්බන්ධ වූ එස්‌. එෆ්. ලොකූ ඇතුළු අපරාධකාරයන් 28 දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකිවීම පොලිසිය ලැබූ විශාල ජයග්‍රහණයක්‌ විය.

ප්‍රහාරය එල්ලවී දින තුනක්‌ ගතවන විට ඊට සම්බන්ධවූ අපරාධකාරයන් 25 දෙනක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ. එහෙත් ප්‍රහාරය මෙහෙය වූ එස්‌. එෆ්. ලොකූ සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම ට හැකිව තිබුණේ නැත.

අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහගේම පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ එස්‌. එෆ්. ලොකූ සහ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර සිටියහ.

මේ පොලිස්‌ කණ්‌ඩායම් තුනට නායකත්වය දුන්නේ අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නන්දසිරි ජයපද්මය.

පොලිස්‌ නිලධාරීහු අනුරාධපුරය සහ ඒ අවට ප්‍රදේශ කීපයක්‌ පීරමින් සැකකරුවන් දෙදෙනා සොයන්නට වූහ. මේ අතර වත්තල ප්‍රදේශයේ නිවසක එස්‌. එෆ්. ලොකූ සැඟවී සිටින බවට තොරතුරක්‌ නන්දසිරි ජයපද්ම වෙත ලැබුණේය.

වත්තල පොලිසියට මේ පිළිබඳව දැනුම් දී සැකකරුවන් වහා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන්නේ අනුරාධපුරයේ සිට පොලිස්‌ නිලධාරීන් වත්තලට එන්නට සෑහෙන කාලයක්‌ ගත වන නිසාය.

වත්තල පොලිසියේ නිලධාරීන් සැකකරු සැඟවී සිටින බවට තොරතුරු ලැබුණු නිවස වට කළද ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ ලැබුණේ නැත. ඒ නිවසේ සැඟවී සිට ඇත්තේ එස්‌. එෆ්. ලොකූගේ සොහොයුරුය. ඔහු ද ඒ වන විට නිවස අතහැර ගොස්‌ සිටියේය. පොලිසියේ බලාපොරොත්තු සුන් විය.

මේ අතර එස්‌. එෆ්. ලොකූ තංගල්ලේ නිවසක සිටින බවට තවත් තොරතුරක්‌ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහ වෙත ලැබුණේය.

එසේ ක්‍රියාත්මක වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා තංගල්ල පොලිසියට මේ පිළිබඳව දැනුම් දුන්නේය. සැකකරුගේ නිවස වහාම පරීක්‍ෂා කිරීමට අවශ්‍ය උපදෙස්‌ ද ලබා දුන්නේය.

සැකකරුවන් සැඟවී සිටින නිවෙස තංගල්ල පට්‌ටිපොළ පොල්කොටුව වැටලීමට තංගල්ල පොලිසිය කටයුතු කළහ. පොලිස්‌ මෙහෙයුම සාර්ථක විය. තංගල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නිවසේ සිටි එස්‌. එෆ්. ලොකූගේ සොහොයුරා හසිත රණසිංහ අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත් වූහ. වසන්ත සොයිසා ඝාතනය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන නන්දසිරි ජයපද්ම ඇතුළු නිලධාරීහු තංගල්ලට ගියහ.

zzකෝ උඹේ අයියා. අපිට අයියා ඉන්න තැන කියපං.ZZ

අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා එස්‌. එෆ්. ලොකූගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

zzසර් අයියා මීට දවස්‌ දෙකකට උඩදි මට කතා කළා. එයා මට කිව්වා උඹ ගිහින් පොලිසියට භාර වෙයන් කියලා. එයත් පොලිසියට භාරවෙන්න එනවා කියලා.ZZ

සිය සොහොයුරා වූ එස්‌. එෆ්. ලොකූ තමන්ට දුරකථනයෙන් කතා කළ ආකාරය පිළිබඳව හසිත රණසිංහ පොලිසියට කියා සිටියේය. එස්‌. එෆ්. ලොකූ සැඟවී සිටින ස්‌ථානය සොයා ගන්නට පොලිසියට පුංචි පොටක්‌ පෑදුනේය.

එස්‌. එෆ්. ලොකූ සිය සොහොයුරාට ඇමතුම ලබාදුන් දුරකථන අංකය සොයාගත් පොලිසිය එම අංකය හිමි පුද්ගලයා කව්දැයි සොයන්නට වූහ.

දුරකථනය හිමි පුද්ගලයා අනුරාධපුරයේ හෝටලයක කැෂියර් වරයකු ලෙස සේවය කරන ෆයිබර් සමන් නැමැත්තා බව පොලිසිය සොයා ගත්තේය. ඒ වන විට මෙම හෝටලයේ හිමිකරුද පොලිස්‌ අත්අඩංගුවට ගෙන සිටියේ වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ය. පොලිසිය හෝටල් හිමියාගෙන් ෆයිබර් සමන් පිළිබඳව තොරතුරු විමසන්නට වූහ.

“ෆයිබර් සමන් මගේ හෝටලේ වැඩ කරන්නෙ සෑහෙන කාලෙක ඉඳලා. මිනිහගෙ නෝනට කැන්සර් එකක්‌. එයා සීදුවෙ පදිංචි වෙලා ඉන්නෙ. නෝනට බෙහෙත් ගන්න මිනිහ මගෙන් රුපියල් දහදාහක්‌ ඉල්ලුවා.

ෆයිබර් සමන් පිළිබඳ සියලු තොරතුරු හෝටල් හිsමියා හෙළි කළේය.

එකත් එකටම එස්‌. එෆ්. ලොකු ඉන්නෙ ෆයිබර් සමන් එක්‌ක. මිනිහා ඉන්න තැන සොයා ගත්තොත් අපට එස්‌. එෆ්. ලොකු අල්ල ගන්න පුළුවන්.

අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නන්දසිරි ජයපද්ම, එස්‌. එෆ්. ලොකු කොටු කර ගැනීමට සැලසුමක්‌ සකස්‌ කළේය.

එස්‌. එෆ්. ලොකු සිය සොහොයුරාට ඇමතුම් ලබාදුන් ෆයිබර් සමන්ගේ දුරකථන අංකයට ඇමතුමක්‌ ලබා ගත්තේය. හෝටල් හිමියා යොදවා ෆයිබර් සමන්ට කථා කරවීමට පොලිසිය කටයුතු කළහ. බිරිඳට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රුපියල් දස දහසක මුදල එවන්නට ස්‌ථානයක්‌ දැනුම් දෙන ලෙස ඔහු ෆයිබර් සමන්ට කීවේය.

හෝටල් හිමියා අත්අඩංගුවේ සිටිනා බව නොදැන සිටි ෆයිබර් සමන් අදාළ මුදල අනුරාධපුරයේ සිට හලාවත දක්‌වා ධාවනය වන බස්‌ රථයක කොන්දොස්‌තරවරයකු අත එවන ලෙස දැනුම් දුන්නේය.

අනුරාධපුරයේ සිට හලාවත බලා යන බස්‌රථයක කොන්දොස්‌තරවරයකු මෙම මෙහෙයුම සඳහා පොලිසිය සම්බන්ධ කර ගත්තේය. මෙම බස්‌ රථයේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු යෙදවීමට නන්දසිරි ජයපද්ම කටයුතු කළේය. පොලිසිය ක්‍රියාත්මක කර තිබු මෙහෙයුම පිළිබඳව කිසිවක්‌ කොන්දොස්‌තරවරයා දැන සිටියේ නැත.

ෆයිබර් සමන් බස්‌ රථයේ කොන්දොස්‌තරවරයා යෑයි සිතමින් දුරකථනයෙන් කථා කළේ වෙස්‌වලා ගෙන සිටි පොලිස්‌ නිලධාරියාටය.

බස්‌ රථය පිටු පසින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ නිලධාරීන් රැගත් වෑන් රථයක්‌ ධාවනය විය. අනුරාධපුර මුලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නන්දසිරි ජයපද්ම, පොලිස්‌ පරීක්‍ෂක විදානගමගේ ඇතුළු පොලිස්‌ නිලධාරි පිරිසන් රැගත් ජීප් රථය ධාවනය වුණේ වෑන් රථයටත් පිටු පසින්ය.

සල්ලි ටික අරගෙන හලාවත පෙට්‌ට්‍රල් ෂෙඩ් එක ළඟට එනවා. මම එතන ඉන්නවා. ෆයිබර් සමන් කොන්දොස්‌තරවරයා ලෙස වෙස්‌ වලාගෙන සිටි පොලිස්‌ නිලධාරියාට කීවේය.

බස්‌ රථය හලාවත ඉන්ධන පිරවුම් හල අසල නතර කෙරිණි. ෆයිබර් සමන් බස්‌ රථය අසලට ආවේ කොන්දොස්‌තරවරයා මුණ ගැසී රුපියල් දසදහසක්‌ ලබා ගැනීමටය.

බස්‌ රථය තුළ වෙස්‌වලාගෙන සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ක්‍රියාත්මක වූහ. ඔවුන් එකවරම ෆයිබර් සමන් අල්ලා ගත්හ. ඒ වන විට බස්‌ රථය පසුපසින් පැමිණි වෑන් රථයේ සිටි පොලිස්‌ නිලධාරින්ද එහි ළඟා වූහ.

“කෝ එස්‌. එෆ් ලොකු? ඌ ඉන්න තැන කියනවා. අනවශ්‍ය ප්‍රශ්න ඇති කළොත් තමුසෙ අමාරුවෙ වැටෙයි.

පොලිස්‌ නිලධාරීන් ෆයිබර් සමන්ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. තමන් කර මුලින්ම හසු වී තිබෙන බව ෆයිබර් සමන් තේරුම් ගත්තේය. පොලිස්‌ නිලධාරීන්ගෙන් කිසිම ගැලවීමක්‌ නැත.

“සර් මට කරදර කරන්න එපා. එස්‌ එෆ්. ලොකු කාර් එකේ ඉන්නවා.

කිසිදු කලබලයකින් තොරව ෆයිබර් සමන් හලාවත නගර මධ්‍යයේ පිහිටි වෙළෙඳසලක්‌ අසල නතර කර තිබූ මෝටර් රථයක්‌ වෙත පොලිස්‌ නිලධාරීන් කැඳවා ගෙන ගියේය.

පොලිස්‌ නිලධාරීන් එකවරම මෝටර් රථය වට කළහ. එස්‌. එෆ්. ලොකූ රථය තුළ සිටියේය. ඔහුට සැඟවී සිටින්නට උදව් උපකාර කළ සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවකුද එහි විය.

එස්‌. එෆ්. ලොකු අත්අඩංගුවට පත් වුණේය. තමන් සිදු කළ මහා අපරාධය කොනක සිට වමාරන්නට එස්‌. එෆ්. ලොකූ වැඩි කාලයක්‌ ගත්තේ නැත. පොලිසිය හමුවේද ඔහු මහා වීරයකු ලෙස හැසිරුණේය.

ඒ වන විට වසන්ත සොයිසා ඝාතනයට සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව සිටියහ.

පසුගිය කාල සීමාව පුරා පොලිසිය වෙත එල්ල වු දැඩි ප්‍රහාර දෝෂාරෝපණ යන්තමින් හෝ මග හරවාගෙන පොලිසියේ ක්‍රියාශීලී භාවය, අපක්‍ෂපාතී භාවය පෙන්වීමට මේ පරීක්‍ෂණය පිටිවහලක්‌ වුණේය.

වසන්ත සොයිසා ඝාතනයේ පරීක්‍ෂණ කටයුතු කරගෙන යැම සඳහා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අතුල වීරසිංහ සහ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නන්දසිරි ජයපද්ම පෞද්ගලිකවම සහභාගි වූහ. ඒ සඳහා දැඩි ලෙස කැප වී කටයුතු කළෝය.

පොලිසිය ක්‍ෂණිකව ක්‍රියාත්මක නොවන්නට මේ මහා අපරාධයට සම්බන්ධ වූවන් මෙන්ම මහා චණ්‌ඩියකු වීමට වෙර දරන එස්‌. එෆ්. ලොකූ නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ නැත.

රණසිංහ මුදියන්සේලාගේ ඉරෝන් රණසිංහ නොහොත් එස්‌. එෆ්. ලොකු 26 හැවිරිදිය. අනුරාධපුර දහයියාගම උපත ලැබූ මොහු අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විදුහලෙන්ය.

අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු ඉරෝන් රණසිංහ යුද හමුදා විශේෂ බලකායට එකතු වන්නේ 2007 වර්ෂයේ මැයි මස 20 වැනිදාය.

එතැන් පටන් 2015 වර්ෂයේ ජුනි මස 30 වැනිදා දක්‌වා වසර අටක කාලයක්‌ තිස්‌සේ ඔහු විශේෂ බලකායේ සේවය කළේය.

ඉකුත් මැයි මස 19 වැනිදා අනුරාධපුර පැනොරාමා හෝටලයේදී කරාටේ වසන්ත සමග ගැටුමක්‌ ඇති කර ගන්නා තුරුම ඔහු යුද හමුදා විශේෂ බලකායේ රාජකාරී කළේය.

එස්‌. එෆ්. ලොකු ලෙස දහයියාගම අහිංසක ජනතාව අතර මොහු ප්‍රසිද්ධව සිටියේය. කරාටේ වසන්ත සමග දිගින් දිගටම ආරවුල් ඇති කර ගත් එස්‌. එෆ්. ලොකු ඔහුට ප්‍රසිද්ධියේම අභියෝග කළේය.

එස්‌. එෆ්. ලොකු නීතියේ රැහැනට හසු කර දීමට කරාටේ වසන්ත උපායක්‌ යෙදෙව්වේය. පැනොරාමා හෝටලයට කඩා වැදුණු එස්‌. එෆ්. ලොකු තමන්ට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළ බවට කරාටේ වසන්ත අනුරාධපුර පොලිසිය වෙත බොරු පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන්නේ ඔහුගෙන් ගැලවීමටය.

මේ සිදුවීමෙන් පසු යුද හමුදා විශේෂ බලකාය අතහැර දැමූ එස්‌. එෆ්. ලොකු, කැලේ පනිමින් පොලිසියෙන් බේරීමට උත්සාහ කළේය.

වසන්ත සොයිසා ඝාතනය වන්නේ මේ අතරතුරදීය. අනුරාධපුරයට චණ්‌ඩියකුව සිටි වසන්ත සොයිසා අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහු විනාශ කර දැමූ එස්‌. එෆ්. ලොකු නමැති චණ්‌ඩියා තවමත් ජීවතුන් අතරය. ඔහු මේ වන විට බන්ධනාගාරගතව සිටියි. බන්ධනාගාර විශ්වවිද්‍යාලය තුළ දී විවිධ අපරාධකාරයන්ගේ ඇසුර ලබමින් අපරාධ විද්‍යාව පිළිබඳව ඔහු උපාධිය ලබා ගනු නොඅනුමානය.

හෙට දිනයේ එස්‌. එෆ්. ලොකු බන්ධනාගාරයෙන් පිට වන්නේ අපරාධ පිළිබඳ විශේෂ පුහුණුවක්‌ මෙන්ම උපාධිය ද ලබා ගෙන මහාමැරයකු ලෙසයි. එවිට අනුරාධපුරයේ ජනතාවට පමණක්‌ නොව මුළු රටේම ජනතාවට ඉතිරි වන්නේ දෙවියන්ගේ පිහිට පමණය.

* හේමන්ත රන්දුණු