ඒකීයභාවය ආරක්‍ෂා කරමින් යහපත් රටක්‌ උදා කරනවා

Spread the News

ඒකීයභාවය ආරක්‍ෂා කරමින්
යහපත් රටක්‌ උදා කරනවා
මෛත්‍රීපාල සිරිසේන කියයි

කුෂාන් සුබසිංහ – ගාල්ල එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල – ලලිත් චාමින්ද, කළුතර විජයසිරි විද්‍යාසේකර

ලබන 09 වැනිදා ජනාධිපති ධුරයට පත්වී තමා රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරමින් යහපත් රටක්‌ උදා කිරීමට කටයුතු කරන බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05 වැනිදා) පැවසීය.

ගාල්ලේ පැවති අවසන් මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් ඒ බව සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළුතර, මොරටුව සහ මරදාන ප්‍රදේශවල පැවති ප්‍රචාරක රැලි කිහිපයක්‌ ද ඇමතීමට නියමිතව සිටියේය.

තමන් බලයට පත් වූ පසු රට දෙකඩ වීමට, ඊළම ඇති වීමට හෝ උතුරේ හමුදා ඉවත් කිරීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැති බවත් රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීමට මෙන්ම සදාචාරවත් සමාජයක්‌ බිහි කිරීමටත් කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසීය.

නීතියේ ආධිපත්‍යය සුරක්‍ෂිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය රකින්න කටයුතු කරන බවත් එල්.ටී.ටී.ඊ. හෝ ඊට සම්බන්ධ කවුරුවත් පොදු විපක්‍ෂයේ හෝ ඊට අදාළ සංවිධානවල නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

තමන් ස්‌ථිරවම ජනතා සහයෝගයෙන් හා ජනතා ආශිර්¨වාදයෙන් මේ මැතිවරණය ජයග්‍රහණය කරන බවත් රාජපක්‍ෂ පවුලට සම්පූර්ණ ආරක්‍ෂාව ලබාදීමට තමන් සහතික වන බවත් එමෙන්ම රටේ කිසිදු ප්‍රචණ්‌ඩ ක්‍රියාවකට ඉඩ නොතබන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් කීය.