ඔන්න සර් අපි අපේ සිහිනය ජය ගත්තා

Spread the News

ඔන්න සර් අපි අපේ සිහිනය ජය ගත්තා” කියා දකුණු පළාතේ ප්‍රාදේශීය සභාවක සංස්කෘතික නිලධාරී හැටියට සේවය කරන පුද්ගලයෙක් මට ලියා එවා තිබෙනවා.

මේ සිහිනයට දායකත්වය දුන් බටහිර රටක ප්‍රධාන සංඝනායක යයි කියාගන්නා පුද්ගලයෙක් සහ එතුමාගේ සොහොයුරෙක් වන ශ්‍රී ලංකා පොලිස් සේවයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්ද මෙම සිහිනය ජය ගැනීමට සක්‍රීයව දායකත්වයක් දුන් බව මම ඉතා හොඳින්ම දනිමි.

මෙම සංස්කෘතික නිලධාරියා දක්ෂ ගීත ප්‍රබන්ධකයෙක් ලෙස සම්මානයට පාත්‍රවූ අයෙකු හැටියට ප්‍රසිද්ධියක් උසුළයි.

“නැව ගිලුනත් බෑන් චූන්” සම්ප්‍රදායට අනුව රෝමය ගිනි ගනිද්දී වීණා වැයූ නීරෝ මෙන්
කුසගින්නේ පසුවන මිනිසුන්ට සුන්දර වූ පදමාලාවලින් දිව බොජුන් ලබාදුන් ප්‍රථම ගීත රචකයා මෙන්ම අවසන් ගීත රචකයාද මොහු නොවන බව කිව යුතුව ඇත.

අගහිඟකම් නිසා දීග යාමට නොහැකිව නිවෙස් තුළ මහලු වන අපේ ගැමි තරුණියන් අස්වසා ලු” නිකන් ඉන්න මට අහලා ගියත් ඇති” කියන වැකිය සරළ නමුත් ඉතා ගැඹුරු කතාවක් කියනවා.

උණු උණුවේ පිසන ලද කිරිබත ලුණු මිරිසක් සමග මේසයට එද්දී ඒ අසලම අයිසින් දැමූ කේක් ගෙඩියක් සූදානම් කර ඇත්තේ කිනම් අන්දමක උත්සවයක් සමරන්නට දැයි සිතා බැලිය යුතු කාලය එළැඹ ඇත.

(මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා)

06.10.2924