
ඔබයි ගුරු දෙවියා ……..////
ඇස් අද ලොවතුල තෙවනි ඇසක් වූ
සිත් අද ලොවකට දෙවනි සිතක් වු
අදුර නසන්නට ප්‍රදීපයක් වු
ඔබයි ගුරු දෙවියා ……..////
මා මෙලොවට මිනිසෙකුවු දිනේ සිට
පිරිපුන් ඉදුරන් ලැබුනු දිනේ සිට
සාඩම්බර වූ මම ….//
මා මිනිසෙකුයැයි ලොවට කියන කල
මිනිසත්කම ගැන අපට කියාදුන්
ඔබයි ගුරුදෙවියා ….////
දකින දකින දේ හැඩයි හැගෙන විට
ඇසෙන ඇසෙන දේ නිවැරදියයි ගෙන
සාඩම්බර වූ මම …..//
මා මිනිසෙකු යයි ලොවට කියන කල
ප්‍රප්‍රඥාවෙන් මුලු ලොවම දකින්නට
ඥානය ගුරුකොට සවන් යොමන්නට
අපට කියාදුන්
ඔබයි ගුරුදෙවියා ……////
-ධම්මික
On behalf of the teacher’s day – 2019