Spread the News

p1 4 9

Divaina : සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ තැප්‍රොබේන් ආපන ශාලාවේදී 2019.04.21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත් මොහොමඞ් ඉන්ෂාෆ් නමැත්තාගේ අවශ්‍යතාවය මත මෙරටට ආනයනය කර ඇතැයි කියන කඩු 6000 සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර ඇති බව පොලිස්පතිවරයා ලිඛිතව දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ඊයේ (31දා* අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් ගොනුකර තිබූ පෙත්සම ඊයේ (31 දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අභියාචනාධිකරණයට ලිපියක් ඉදිරිපත් කරමින් ඒ බව දැනුම් දුන්නාය.

එම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ මතය අධිකරණයට දැනුම් දීම සඳහා එම නඩුව ලබන මැයි 6 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරු නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක