Spread the News

කතරගමට බෝම්බ ඇඳුම ගෙන ආ
කොටි සැකකරු ගාල්ලෙන් අල්ලයි

හේමන්ත රන්දුණු
source:
කතරගම මුස්‌ලිම් නිවාඩු නිකේතනයේ සඟවා තිබියදී සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලය එම ස්‌ථානයට රැගෙන ආබව කියන කොටි ත්‍රස්‌තවාදියා ගාල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ත්‍රස්‌තවාදියා මුස්‌ලිම් නමකින් පෙනී සිට ඇති බව රහස්‌ පොලිසිය පවසයි.

මොහු කිසියම් ප්‍රහාරයක්‌ සඳහා මෙම මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලය කතරගම මුස්‌ලිම් නිවාඩු නිකේතනයට රැගෙනවිත් ඇත්තේ පසුගිය 2007 වර්ෂයේදීය.

කොටි බුද්ධි අංශය ලබාදුන් නියෝග අනුව කතරගම මුස්‌ලිම් නිවාඩු නිකේතනයට රැගෙන ආ බෝම්බ ඇඳුම් කට්‌ටලය එහි ගබඩා කාමරයේ රෙදිසෝදන යන්ත්‍රයක්‌ තුළ සඟවා තබා ඇත.

අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තවාදියා කොටි සංවිධානය බලවත්ව පැවැති සමයේ ක්‍රියාකාරීව සිටි කොටි සාමාජිකයෙකි.

බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන මෙම කොටි ත්‍රස්‌තවාදියා උතුරු පළාතේ සිට විවිධ ත්‍රස්‌තවාදී කටයුතු වල නිරත වී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.