Spread the News

කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ ජාතියෙන් සමාව ගත යුතුයි

පොදු සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය කියයි
 source link:

ජ’පුර සරසවි සිසුහු ආචාර්ය ටෙරන්ස් පුරසිංහට එරෙහිව පෙළපාළි යමින්.ඡායා – රොෂාන් පිටිපන

පණ්ඩුක සමරසේකර

ශ්‍රීජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ අංශාධිපති ටෙරන්ස් පුරසිංහ මහතා සති අන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසුහු ඊයේ (6) සවස උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ. නුගේගොඩ නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණය හේතුවෙන් රථවාහන ගමනා ගමනයටද බාධා ඇති විණි. බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කර කටවුට් ගිනි තබමින් පැවති මේ දැවැන්ත උද්ඝෝෂණයේ දී කතා කළ පොදු සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු බුද්ධික රුවන් ශිෂ්‍යා මෙසේ පැවසීය.

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ අංශාධිපති ටෙරන්ස් පුරසිංහ මහතා සති අන්ත පුවත් පතකට තීරු ලිපියක් ලියමින් කියන්නේ ශ්‍රී ලංකාවේ තිබුණේ ත්‍රස්තවාදයක් නොව රැඩිකල් තරුණවාදයක් කියලයි. මහින්ද රාජපක්ෂ මේ රැඩිකල් තරණවාදය ඝාතනය කළා කියලයි. අපි කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ රජයේ ආරක්ෂක අංශ එහෙම කර තිබේ නම් ඔප්පු කරන ලෙසයි. රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් අරගෙන රටට විරුද්ධව හිතුමතේ එවැනි ප්‍රකාශ කරන්න එපා.

මේ මොහොතේ සියලු දෙනා එකාවන්ව පෙළ ගැහිලා දරුස්මාන් වාර්තාවට විරුද්ධ වෙන මොහොතේ, අපි පොදු සරසවි එකමුතුව ලෙසත්, සරසවි ශිෂ්‍ය සංගමය ලෙසත් දේශමාමක ශිෂ්‍ය ව්‍යාපාරය ලෙසත් ටෙරන්ස් පුරසිංහට කියනවා ජාතියෙන් සමාව අරගෙන මේ වරද නිවැරැදි කරගන්න කියලා. ඒ එක්කම රජයට බල කර සිටිනවා ටෙරන්ස් පුරසිංහගේ ජාති ද්‍රෝහී ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා