Spread the News

කදුරට ගුවන් විදුලිය බෞද්ධ විරෝධී වෙලා


ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා විසින් ඉතාමත් ජනප‍්‍රියත්වයට පත්ව තිබූ ක`දුරට ගුවන් විදුලි සේවයේ වැඩසටහන් කප්පාදු කර දමා මුස්ලිම් ආගමික වැඩසටහන්ද දිනපතා ප‍්‍රචාරය කරවීමට සලස්වා එහි අධිපතිත්වය සහ ප‍්‍රධාන ඉංජිනේරු තනතුරුද මුස්ලිම් ජාතිකයන්ට පවරා ක`දුරට ගුවන්විදුලිය බෞද්ධ විරෝධි ගුවන්විදුලියක් බවට පත්කර තිබෙන බව ”දම්සර” ට වාර්තා වී තිබේ.
පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් ක`දුරට සේවයට කර ඇති මෙම විනාශය අසන්නන්ගේ බලවත් අප‍්‍රසාදයට පත්ව තිබෙන බවද වාර්තා වේ. කලක් ඉතාමත් ජනප‍්‍රියත්වයට පත් ව තිබූ ක`දුරට ගුවන් විදුලිය අද ගරා වැටෙමින් සීඝ‍්‍රයෙන් විනාශ මුඛයට යමින් තිබේ.
දවස පුරා ප‍්‍රචාරය කළ වැඩසටහන් පැය කීපයකට සීමා කර ඇත. විනාඩි 5 න් පිරිත් සච්ඡුායනයක් පවත්වා සිය සේවය ආරම්භ කරන ලංකාවේ එකම ගුවන් විදුලිය මෙයයි. පෙරදී වැඩසටහන් ආරම්භයේදී විනාඩි 15 ක් පැවති පිරිත් සච්ඡුායනය අද විනාඩි 5 න් නිම කෙරේ. එය කුමන විදිහේ පිරිතක්දැයි කිසිවකු නොදනී. ගුවන්විදුලියේ සභාපතිගේ සහ ක`දුරට
සේවයේ නව අධිපති ලෙස පත්කර සිටින නුරානියා හසන්ගේ සංකල්පයක් අනුව පුද්ගලික ගුවන් විදුලි නාලිකා මෙන් කටයුතු කර ලාභ ඉපැයීම මෙහි අරමුණ බව වාර්තා වේ. මෙසේ පෙරවරු 5.30 ට ආරම්භ වන වැඩසටහන් පැය 1/2 කින් අවසන් වේ. පෙරවරු 6 සිට ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය හා සම්බන්ධ කෙරෙන අතර ඉන්පසු 12.30 දක්වා ක`දුරට සේවයේ වැඩසටහන් නැත. නැවත පස්වරු 12.30 ට ආරම්භ වන වැඩසටහන් පස්වරු 5 දක්වා පැවැත්වේ. ඉන්පසු දිනපතා පස්වරු 5 සිට 6 දක්වා මුස්ලිම් ආගමික වැඩසටහන් ප‍්‍රචාරය කෙරේ. 6 සිට දෙමළ වැඩසටහන් ප‍්‍රචාරය කර පස්වරු 7.30 ට විකාශනය නිම කෙරේ.
එහෙත් මුස්ලිම් ආගමික හා දෙමළ වැඩසටහන් වලට සවන් දෙන කිසිවෙකු නැත.–මීට පෙරදී දවස පුරා ප‍්‍රචාරය කළ වැඩසටහන් ස`දහා බෞද්ධාගමික වැඩසටහන් රාශියක් අයත්ව තිබිණ. එලෙස පැවති ධර්ම දේශනා, බෝධිපූජා, අපවත් වීම් පිළිබ`ද ගුණකථන, රාත‍්‍රි පිරිත් සච්ඡුායනයන් ආදී සියල්ල දැන් අත් හිටුවා ඇත. පෙරදී ක`දුරට ගුවන් විදුලිය මධ්‍යම පළාතේ සිදුවන බොහෝ බෞද්ධාගමික වැඩසටහන් සහ ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කළත් අද ඒවා කරන්නට ඉඩක් නැත. ඒ වෙනුවට මීට පෙර සිකුරාදා පමණක් පැවති මුස්ලිම් ආගමික වැඩසටහන් දිනපතා පැවැත්වීමට කටයුතු යොදා ඇත. අද හාමුදුරුවන්ට මෙම ගුවන් විදුලියේ තැනක් නැත.
ක`දුරට සේවයේ නව පාලකයා ලෙස පත් කර ඇති නුරානියා හසන් මහතාට නිල වාහනයක් ඇතුළු පහසුකම් රාශියක් ද ලබා දී තිබේ. එහෙත් සේවකයන්ට ප‍්‍රවෘත්ති වාර්තාකරණයට හෝ වැදගත් සිදුවීම් ආවරණය කිරීමට යාම ස`දහා වාහනයක් නැත. පෙරවරු 5 ට සේවයට වාර්තා කිරීම ස`දහා ගමනාගමන පහසුකම් ද නැත. පසුගිය මස නව පාලකයාගේ නිල වාහනයේ වියදම රු 88000 ක් බවත් ඔහු වැඩසටහන් සකස් කිරීමට යයි කියමින් පිරිසක් රැුගෙන නුවරඑළියට ගිය ගමන ස`දහා වියදම රු 45, 000 ක් බවත් දැනගන්නට ලැබී තිබේ.–මෙලෙස වියදම් දරන්නේ ආයතනය අධික ලෙස පාඩු ලබමින් තිබියදීය. වැඩසටහන් සකස් කිරීමට යයි කියමින් අධික වියදම් දැරුවත් ඒවා අසන්නට කෙනෙක් නැත. මධ්‍යම පළාත පුරා වැඩසටහන් විකාශනය කිරීමේ දුර්වලතාද ඇත. මධ්‍යම පළාතේ සමහර ප‍්‍රදේශ වලට පවා ක`දුරට සේවය ඇසෙන්නේ නැත. ඒ ස`දහා සුදුසු උපකරණ නොමැති වීම ඊට හේතුවයි. මෙලෙස ඉතා ජනප‍්‍රියව පැවැති ක`දුරට ගුවන් විදුලිය විනාශ කිරීම ගුවන් විදුලිය තම බූදලයක් කරගෙන සිටින උදේ සිට දේශපාලන කථා පවත්වමින් සාධාරණත්වය ගැන බෙරිහන් දෙන බෞද්ධ වැඩසටහන් කපා දමා ඇති හඞ්සන් සමරසිංහ සභාපති වරයාගේ නවතම ජනතා සේවයයි.

ක`දුරට සේවයේ නව පාලකයාට කොත්මලේ ප‍්‍රජා ගුවන් විදුලියද නැගෙනහිර පළාතේ පිරෙයි එෆ්.එම් සේවයද භාර දී ඇත. එය ක`දුරට සේවය ඇතුළු ප‍්‍රාදේශීය ගුවන් විදුලි සේවා විනාශ කිරීමේ හඞ්සන් සමරසිංහගේ කොන්ත‍්‍රාත්තුවකි.
එදා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශණය කළ අවමංගල දැන්වීමකට අය කළ ගාස්තුව වූයේ රු 500 න් 600 ක් වැනි මුදලකි. එය අද රු 3000 කටත් එහාය. තමන්ගේ පෞද්ගලික පළි ගැනීමකට ලක් කිරීමට අවශ්‍යව තිබූ සේවකයන් දෙදෙනෙක් එළියට දැමීමේ අවශ්‍යතාවය මත සේවක සේවිකාවන් 30 කු ගෙදර යවා ඇත. මේ සභාපතිගේ හපන්කම්ය’ ක`දුරට සේවයට සවන් දෙන ශ‍්‍රාවකයින් ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ ” ක`දුරට සේවය ” බේරා දෙන ලෙසයි. එහි බෞද්ධාගමික වැඩසටහන් බොහොමයක් අහෝසිකර දැමීම ශ‍්‍රී දළ`දා සමි`දුන් වැඩ සිටින සෙංකඩගල පුරවරයට ගුවන් විදුලියේ සභාපති විසින් කරන ලද බලවත් අවමානයකි. මේ පිළිබ`දව මල්වතු අස්ගිරි උභයපාර්ශවීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ සහ ගරුතර මහා සංඝරත්නයේ අවධානය යොමු වේ යැයි යන්නද සෙංකඩගල බොදු ජනතාවගේ අපේක්ෂාවයි.

Source:http://www.dhamsara.org