යාපනයේ කදුරුගොඩ විහාරය දැනට පාලනය කරනු ලබන්නේ යාපනයේ නාග විහාරය යටතේය. දීර්ඝ ඉතිහාසයකට හිමිකිම් කියන කදුරුගොඩ විහාරයේ දැනටත් බෞද්ධ ස්ථූප 57 ක් සංරක්ෂණය වී ඇත.එම විහාරයේ කටයුතු භාරව පත් කෙරුනු එහි තාවකාලික සංඝාවාසයක වැඩසිටි කෝට්ටේ විජයානන්ද හිමියන්
පසුගිය වෙසක් දින රාත්‍රියේදී එතැනින් නෙරපා ඇති බවත් එදිනම රාත්‍රියේදී තාවකාලික සංඝාවාසය කඩා ඉවත් කළ බවත් අපට වාර්තා වූයේ වෙසක් සද බැස යාමටත් මත්තෙනි.නමුත් මේ සිද්ධිය පිටුපස තිබෙන හස්තය නිවැරදිව හදුනාගන්නා තෙක් අපි මුනිවත රැක්කෙමු.එහෙත් පසුගියදා පැවති ජනාධිපති මෙහෙයුම් කමිටුවේදී බළලා මල්ලෙන් එළියට පැන්නේය. මෙම හිමියන් කදුරුගොඩ විහාරයෙන් නෙරපීම සදහා උපදෙස් දුන්නේ තමන් බව පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක පිළිගත්තේය.Protected by Security by CleanTalk