Fri. Nov 22nd, 2024
Spread the News

ආචාර්‍ය සුදත් ගුණසේකර

බොහොම හොඳයි.එහෙත් මොවුන් ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින් වශයෙන් පලමුව එය සන්ශෝධනය කළයුතුය. කවුරු කලත් හොඳ දෙයක් නම් අපි එය හොඳයි කියන්ට ඕනෑ. මොකද ඔවුනුත් 1830 පමණ ඉඳලා සුද්දන්ට වහල් මෙහෙයේ යෙදෙමින් මේ රටේ හිටපු මනුස්සයෝ. හැබැයි ලන්කාවේ දෙමල දේශපාලකයින් මෙන්ම ඉන්දියාවේ දේශපාලකයින්ද එදා සිටම හිතුවෙත් අද සිතන්නෙත්, ක්‍රියා කරන්නෙත් ඔවුන් මෙහෙ හිටියට තවම ඉන්දීය පුර වැසියෝ කියලා. ඒ වගේම 1987 න් පසු ලන්කාවේ පුරවැසිකම ගත්තත් ඔවුන් ක්‍රියාකලයුත්තේ ඉන්දියාවේ මිනිසුන් වශයෙන් කියලයි. ඒ වගේම ඔවුන් මේ රටේ හිටියට,මේටේ සම්පත් වලින් යැපුනට ඔවුන් ඉන්දියන් සම්භවයක් ඇති මිනිසුන් කියමින් ක්‍රියා කළයුත්තේ ඉන්දියාවට පක්ශපාතීව කියලයි වතුකරයේ සිටින මේ දෙමල සම්භවක් ඇති අයත් තවම හිතන්නේ ඒ විදියටමයි.ඔවුන් තවමත් හිතන්නේ ඉන්දියාව ඔවුන්ගේ මව් රට කියල. කොටින්ම ශරීරය ලක් පොලවේ තිබුණට මානසික වශයෙන් නිතරම ඉන්නේ ඉන්දියාවේ. 1987 රජිව්/ජේ.ආර් ගිවිසුමෙන් මේ රටේ පුරවැසිකම ලැබුණත් තවම ඔවුන්ගේ හිත ඉන්දියාවෙ, ශරීරය පමණයි, මෙහෙ තියෙන්නේ. ජීවිකාව සපයාගන්නෙත් ලක් පොලවෙන්.නමුත් කය විතරයි මෙහෙ සිත නිතරම එහෙ.මේ අය ඔක්කොම ලිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන මිනිස්සු. මානසික වශයෙන් එම පරිවර්තනය වන තුරු ලක් රජයට ඔවුන් ලක්වැසියන් වශයෙන් සැලකිය නොහැක.

ඔවුන්ට මේරටේ සින්හලයින්ට ඇති අයිතිවාසිකම් අවශ්‍යනම් ඔවුන් මෙම පරාධීන මානසිකත්වයෙන් මිදී ලක්බිමේ ලක් පුතුන් වශයෙන් සිතිමට සහ හැසිරීමට වහාම සූදානම් විය යුතුයි. ලන්කාවේ දෙමල දේශපාලකයින්ද මේ අනුවම හැඩගැසිය යුතුයි.ඉන්දියාවද එම ප්‍රතිපත්තියම පිළිගත යුතුයි.මේ තුන් පාර්ශවයම මේ අන්දමින් ආකල්පිකව වෙනස්වූ විට සින්හල අපිද ඔවුන් අපේම මිනිසුන් බව පිළිගමු. එසේවූ විට ජනාධිපතිවරයා සිතන සියලුම අයිතිවාසිකම් ලක්පොලවේ දූ පුතුන් වශයෙන් ඉබේම ඔවුන්ටද ලැබෙණු ඇත. එසේ නොමැතිව කය පමණක් මෙහි තබාගෙන, රැකියාව මේ රටේ කුරමින් මානසිකව ඉන්දියාවේ සිටින තාක් කල් මොවුන් කිසිදාක ලාන්කිකයින් නොවනු ඇත. යම් කිසිවෙකුට ඒ අන්දමින් ආකල්පයම වශයෙන් වෙනස්වීමට නොහැකිනම් තව මොහොතක්වත් ඔවුන් කිසිවෙකු මේ රටේ නොසිට ඔවුන්ගේ මව් රට් වන ඉන්දියාවට ආපසු යා යුතුය. මන්ද එවැනි පුද්ගලයින්ට මේ රටේ පුරවැසියන් වෂයෙන් සිටීමට කිසිදු අයිතියක් නැති නිසාය

එමනිසා ජනාධිපතිවරයා කියන පරිදි මේ රටේ සින්හලයින්ට තියෙන අයිතිවාසිකම්, ඉඩකඩම්, ගෙවල් දොරවල් සහ අයිතිවාසිකම් ඔවුන්ට ලබාදියයුත්තේ ඉන්දියාවට ඇති සියළුම ආළවන්තකම් අත්හැර මේ ලක් බිමේ පුතුන් වශයෙන් ජීවත් වීමට මෙන්ම සිතන්නට එකඟ වෙන බවට පොරොණ්දු ගිවිසුමක් අත්සන්කිරීමෙන් පසුව පමණක් විය යුතුයයි මම අවධාරණය කරමි.

එහෙත් ඊට පෙර අනිවාර්‍යෙන්ම කළයුතු තවත් වැදගත් එක් කරුණක් කිවයුතුව ඇත. එනම් ඊට පෙර 1505-1948 දක්වා වසර 443 ක් පුරා විශේෂයෙන්ම 1818 සහ1848 නිදහස් සටන්වලදීද පෘතුගීසි, ලන්දේසි සහ ඉන්ග්‍රීසින් ආදී පරසතුරන්ගෙන් මේ සින්හලයින්ගේ මහපොලවත්, රටත්, ජාතියත් බේරාගැනීමේ සටන් වලදී, දස දහස්ගනනින් මිය ගිය එසේම මේ රටත්, ජාතියත්, සාශනයත් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන අපට රැකදුන් මේ රටේ පරම භූමිපුත්‍රයින් වන වීරෝධාර උඩරට සින්හලයින්ගෙන් පැවත එන භූමිපුත්‍ර සිනහලයින්ගේ ජන්ම අයිතිවාසිකම් පළමුව ලබාදිය යුතුය.එසේ නොකොට සුද්දන්ගේ බැලමෙහෙයට 1830න් පසු මෙහි පැමිනි පසුකාලීන ජනකොටසක එවැනි අයිතිවාසිකම් ලබාදීමට කවුරු හෝ කටයුතු කරන්නේනම් මේ රටේ පරම භූමිපුත්‍රයින් වශයෙන් අපි එයට ඉඳුරාම විරුද්ධවෙමු.

ජාතියේ අවාසනාවට ඉහතින් සඳහන් කළ පරිදි ඉතිහාසයේ ආරම්භයේ පටන්ම, විශේෂයෙන්ම 1505 සිට 1948 දක්වා මේ සින්හල රට ඔබටත් මටත් ජීවිත පරිත්‍යාගයෙන් සටන්කොට පරසතුරන්ගෙන් බේරාගත් වීරෝධාර සින්හලයින්ගෙන් පැවත එන උඩරට සින්හල වැසියන්ගේ අහිමිවූ ජන්ම අයිතිවාසිකම් නැවත ලබා දීම සඳහා සිතන පතන කිසිම දේශපාලකයකු අප අතර තවම බිහිවීනැති වීම බලවත් අභාග්‍යයකි. මේ රටේ සින්හල ජාතියේ ආරම්භයේ සිටම ඔවුන්ගේ මුතුන් මිත්තන් විසින් ආරාක්ෂාකොට දුන් මහපොලව අතුළු ඔවුන්න්ට අහිමිවූ ඔවුන්ගේ ජන්ම අයිතිවාසිකම් කිසිවක් ඊනියා නිදහස ලබා වසර 75 ක් ගතව ඇතත් අද වනතුරුම ඔනුන්ට ලබා දී නැත.මේ වූ කළී හෙන ගහන අපරාධයකි.

1830 න් පසු සුද්දන් විසින් ඔවුන්ගේ තේ වතු අධිරාජ්‍යයේ වහල් වැඩට දකුණු ඉන්දියාවෙන් ගෙනවිත් 1948 දි සුද්දන් යනවිට මෙහි අතරමන්කොට දමාගිය කයින් පමණක් මෙහි සිටියත් මන්සින් සහ අනිත් සැම අතින්ම ඉන්දියාව තම මව් රට් වෂයෙන් සිතන ඉන්දියාණු සම්භවක ඇති පුද්ගලයින්ගේ තත්වය නගා සිටුවීමට හා අයිතිවාසිකම් ලබාදීමට පෙර මේ රටේ පරම භූමිපුත්ත්‍රයින් වන සින්හලයින්ගේ අහිමිවූ එම ජන්ම උරුමයන් ලබාදීමට ක්‍රියා කළයුතු නොවේද.

මෙම වැඩ පිළිවෙල යටතේ දෙමල ජනයාගේ ඉඩම්, නිවාස සහ සෞක්‍ය ප්‍රස්න විසඳා දීමට මෙන්ම ඒ යටතේ බලාපොරුත්තුවන බවද එසේම ඒ සඳහා අව්ශ්‍ය වැඩපිලිවෙල සකස්කිරීම සඳහා විශේෂ කමිටුවක් පඅත් කිරීමටද ජනාධිපත්වරයා කටයුතු කරණ බව ප්‍රකාශකොට ඇත.ඒ වූ කළී හොඳ ක්‍රියාවකි.එහෙත් එසේ කිරීමට පෙර වසර දහස් ගානක් මේ මහ පොලව තම ජන්ම භූමිය පරසතුරන්ගෙන් ආරක්ෂාකරගෙන සිටි සින්හල භූමිපුත්ත්‍රයින්ගේ පරම අයිතිවාසිකම් ලබාදියයුතු නොවේද.

පිටරටකින් සුද්දන්විසින් ඔවුන්ගේ තේ වතුවල වැඩට 1830 න් පසු ගෙන ආ පර දේශක්කාරයින් පිරිසකට දේශපාලකයින් චන්දය ලබාගැනීම සඳහා තම අම්මාගේ අප්පාගේ බුධලයමෙන් මේ බෙදා දීමට සූදානම් වන්නේ 1815 සිට මේ දක්වාම සින්හලයින්ට අහිමිව තිබුණු ඔවුන්ගේ මව්බිම සහ සියළුම ජන්ම උරුමයන් නොවේද.

1948 සිට මහජන චන්දයෙන් පත්වූ කිසිම රජයකින් මේ අයිතිහාසික සාධාරණයෙන් මිදීමට ම්කිසිදු ඵලදායී පියවරක් නොගත්තා පමණක් නොව ඔවුන්ගේ සමාජ ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා පිහිටුවා තිබුණු එකම ආයතනයවූ උඩරට ගැමිපුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පවා 2014 ජනවාරි 1 වන දා සිට වසා දැමීමට තරම් අකුර්තඥවූ ඊනියා නිදහස් ලන්කාවේ සියළුම රජයන් වීරෝධාර උඩ රැටියන්ගේ මෙකී ශෝකාන්තයට රිජුවම වගකිවයුතුය.

එමනිසා දැන්වත් මේ මහ පොලවේ ජන්ම උරුමකරුවන්වන භූමිපුත්‍රයින්ගේ අහිමිවූ අයිතිවාසිකම් ලබා නොදී 1948 සිට වසර 75 ක තිස්සේ සින්හල දේශපාලකයින් විසින් සිදුකරණ මෙවැනි වතු දෙමල චන්ද ලබාගැනීමේ මේ ජාතිද්‍රෝහි නින්දිත චන්ද සූදුව දැන්වත් නතරකොට පළමුව භුමිපුත්‍රයින්ගේ අයිතිවාසිකම් ලබාදීමට ක්‍රියා කරන මෙන් නාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු රජයෙන් මම තරයේ ඉල්ලා සිටිමි

තවද අවසාන වශයෙන් මේ රටේ දේශපාලකයින් මෙන්ම ප්‍රතිපත්ති සකස්කරණ පුද්ගලයින් සෑමදෙනාගේම දැඩි අවධානය සඳහා තවත් එක් විෂේශ කරුණක් මෙහිදී අවධාරණයෙන් කිවයුතුව ඇත.එනම් ශ්‍රි ලන්කාවේ මධ්‍යම කඳුකරය රටේ සමස්ථ ජීවි පද්ධතියේ මෙන්ම ශිෂ්ඨාචාරයේද පදනමය.එසේම රටේ හා ජාතියේ හදවතය. එමනිසා මධ්‍යම කඳුකරයේ විශේෂයෙන්ම මූ. ම. අඩි 1000 ට ඉහල ප්‍රදේශ අපගේ හදවත මෙන් ආරක්ෂාකළයුතුය.මන්ද එසේ නොකලහොත් යම්සේ හදවත නතරවූ දාට සත්වයා මියයන්නාසේම, මධ්‍යයම කඳුකරයෙන් ආරම්භවන ගන්ගාපද්ධතිය ගැලීම නතරවී ශ්‍රී ලන්කාවේද සමස්ථ ජීවී පද්ධතිය මෙන්ම ශිෂ්ඨාචාරයද අවසන් වන බැවිනි. එම ව්‍යශනයෙන් රට ජාතිය සහ රටේ ශිෂ්ඨාචාරය බේරාගැනීම සඳහා විශේෂයෙන්ම පහත සඳහන් පියවරද ගත යුතුයයි මම යෝජනා කරමි

1 නුවර එලිය නගරය හැර මු.ම. 2අඩි 5000 ඉහල ඇති සියලුම ජනාවාස ඉවත්කොට එම සමස්ථ ප්‍රදේශයම රජකාලේ මෙන් දැඩි රක්ෂිත ප්‍රදෙශයක් වශයෙන් ප්‍රකාශ කිරීම.

2අඩි 3500 න් ඉහල ඇති තේ කර්මාත ශාලා සහ ඊට අනුබද්ධ ගොඩනැගිලි හැර සෙසු සියලුම ජනාවාස ඉවත් කිරීම

3. 3500-5000 අතර ජ.වැ.ස සහ රා.තේ.ව.අධි යටතේ විශාල තේ වතු වලට පමණක් සීමා කිරීම

4.අඩි 3500 ට ඉහල ප්‍රදේශ වලින් ඉවත් කෙරෙන වතු කම්කරුවන් සහ උඩරට ප්‍රදේශවල ඉඩම්නැති ගැමියන් අඩි 1000 -3500 අතර කොටසේ මිශ්‍ර වගාවන් යටතේ මිශ්‍ර ජනාවාස වශයෙන් අක්කර 2 ½ කුඩා ගොවිපල ක්‍රමය අනුව පදින්චි කිරීම. මෙම ජනාවාශ කිසිවිටෙකත් එක ජනවර්ගයකට පමණක් සීමා නොකළ යුත්තේ ලකපොලවේ එක් අටහ්කින් වර්ගවාදී වශයෙන් සහ දේශපාලන වශයෙන් වර්ගවාදි පදනම මත ඔවුන් කල්ලි ගැසෙන බැවින් සහ ලාන්කිකයින් වශයෙ අන්තර්ග්‍රහනය වීමට් එය භාධාවක් වන බැවිනි.

අවසාන වශයෙන්, ඉහතින් දැක්වූ පරිදි මේ රටේ සමස්ත ජීවී පද්ධතියේ සහ ශිස්ඨාචාරයේ නම සහ හදවත වන ශ්‍රී ලන්කාවේ මධ්‍යම කඳුකරය, ලන්කාවේ හදබිම වශයෙන් ප්‍රකාශකොට එම සන්කල්පය ආගමක් වශයෙන් අදහන මෙන් රටේ ජනතාවට ආයාචනය කළයුතුය. එසේම අනගත පරම්පරාවට කුඩාකල සිටම මද්ධ්‍යම කඳුකරයේ ඇති වටිනාකම පිලිබඳ නිසි අවබෝධයක් ඇතිකොට ගැනීම සඳහා රටේ සියලුම පාසැල්වල පළමු ශ්‍රේනියේ සිට විශ්ව විද්‍යාලවල අවසන් වසර දක්වාම විෂයක් වශයෙන් උගන්වනමෙන්ද මම ලන්කා රජයෙන් ඉල්ලමි

Protected by Security by CleanTalk