Sat. Feb 1st, 2025
Spread the News

කරුණානිධි මන්මෝහන්ට දෙහි කපයි

චතුර පමුණුව
source:
ඉන්දීය අගමැති මන්මෝහන් සින් මහතා මියන්මාරයේ පැවැත්වෙන බිම්ස්‌ටෙන් සමුළුව අතරතුරේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට සූදානම් වීම පිළිබඳව තමිල්නාඩු විපක්‍ෂ නායක එම්. කරුණානිධි සිය විරෝධය පළ කර ඇත.

අගමැති මන්මෝහන් සින් ජනපති රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වීම දෙමළ ජනතාවටත් තමිල්නාඩුවටත් කරන නිග්‍රහයක්‌ බව කරුණානිධි පවසා ඇත.

දිල්ලි මධ්‍යම ආණ්‌ඩුව ශ්‍රී ලංකාව සම්බන්ධව වෙනස්‌ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම තමාට පිළිගත නොහැකි බව මුරසෝලි පුවත්පතට අදහස්‌ දක්‌වමින් කරුණානිධි පවසා ඇත. බිම්ස්‌ටෙන් සමුළුව අද මියන්මාරයේ කේ පී ටෝ නුවරදී ඇරැඹීමට නියමිතය.

Protected by Security by CleanTalk