කළු කොඩි ඔසවන තැතක්‌ නිසා අද යාපනයට දැඩි රැකවල්

Spread the News

කළු කොඩි ඔසවන තැතක්‌ නිසා
අද යාපනයට දැඩි රැකවල්

හේමන්ත රන්දුණු source:

හැටහය වැනි ජාතික නිදහස්‌ උත්සවය පවත්වන අද (04 වැනිදා) දිනයේ යාපනය නගරය පුරා කළු කොඩි ඔසවමින් විරෝධතා පැවැත්වීමට එල්. ටී. ටී. ඊ. හිතවාදී සංවිධානාත්මක පිරිසක්‌ උත්සාහ කරන බවට ලැබී ඇති තොරතුරු අනුව යාපනය නගරයට දැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදවා ඇත.

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද පොළඹවා ගනිමින් මෙම සංවිධානාත්මක පිරිස්‌ උද්ඝෝෂණ කිරීමට උත්සාහ කරන බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබේ. පොලිස්‌ ආරංචි මාර්ග පවසන්නේ ඇතැම් දේශපාලනඥයන් තම පටු දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙවැනි සැලසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවයි. ඊයේ සිට යාපනය නගරයට විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යොදවා ඇති අතර එම ආරක්‍ෂාව අද දවස පුරාම ලබාදීමට නියමිතය.