Spread the News

ක්‍රිස්‌තු පූර්ව පළමුවැනි සියවසට අයත්
දිඹුලාගල දේවගල පුරාණ වැවේ
පුරාවස්‌තු රැසක්‌ රැගෙන ගිහිල්ලා

source:මනම්පිටිය – ඡේ. ඒ. ජයකොඩි සහ
පොලොන්නරුව – කරුණාරත්න ගමගේ

ක්‍රිස්‌තු පූර්ව 1 වන සියවසට අයත් ඓතිහාසික දිඹුලාගල දේවගල පුරාණ වැවක පිහිටි ඉපැරැණි සොරොව්වක්‌ කිසියම් පිරිසක්‌ විසින් විනාශකර එහි තිබූ පුරා වස්‌තු රැසක්‌ රැගෙන ගොස්‌ ඇති බව අරලගංවිල පොලිසිය පැවසීය.

මීට දින කීපයකට පෙර මෙම සොරොව්වට හානි සිදුකර තිබෙන අතර ඒ අසල ඇති තවත් පුරාවස්‌තු රැසක්‌ ගැනීම සඳහා පූජනීය වස්‌තු හා පෞරාණික ගලA කණු වලටද හානි සිදුකර ඇති බව කරන ලද පරීක්‍ෂණවලින් තහවුරුවී ඇත.

මාදුරු ඔය ජලාශයෙන් නිකුත් වන ජලය පිඹුරත්තෑව වැවට ගලා යැමෙන් එම වැවෙහි ජලයද ර¹ පැවතීම සඳහා මෙම සොරොව්ව එකල භාවිතා කර ඇති බවද සඳහන් වේ.

අනුරාධපුර පොළොන්නරු යුගවලට අයත් මෙම පෞරාණික නටඹුන් රැසක්‌ම මෙම දේවගල ප්‍රදේශයේ පිහිටා ඇති අතර ඒවා රැක බලා ගැනීමට කිසිවකුගෙන් අවධානය යොමු වී නැතැයි ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක්‌ පැවසූහ.

මේ සම්බන්ධව මෙතෙක්‌ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඒ සඳහා විශේෂ මෙහෙයුමක්‌ අරලගන්විල පොලිසිය මගින් ආරම්භ කර ඇති බව අරලගන්විල පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ පරීක්‍ෂක ලලිත් රාජමන්ත්‍රී මහතා පැවසීය.