කාගෙද මේ වාරය?

Spread the News

කාගෙද මේ වාරය?

එහෙත් 18 වන ආණ්‌ඩුක්‍රම සංශෝධනය හරහා නීතියේ කොඳු නාරටිය කඩා බිඳ දැමීමත් සමඟම දැස්‌ බැඳගත් නීතියේ දෙවඟනට සිදු වූයේ හිටගෙනම නිදා ගැනීමටය. විධායක ජනාධිපති බලතල තමන්ටද හිමි වූ කලෙක සේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලන අම්බරුවෝ ක්‍රියා කරනු දැක දැක ජනතාව තුෂ්නිම්භූත වූහ.

මොනර තෙමේ පිල් විදහාගත් කල තමා නග්නව සිටින බව නොදැන අලංකාර රංගනයක යෙදේ. ඒ මහත් වූ ආඩම්බරයෙනි. මේ දිනවල ‘මොනර කොල’ මිටි වලට ‘පිල්’ මාරු කරන අපේ ඇතැම් දේශපාලනඥයන් තම ඡන්දදායකයන් අබිමුවේ මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ ද ඔවුන් මේ රටේ බුද්ධිමත් ජනතාව ඉදිරියේ නිරුවත් වී සිටිනා වග අමතක වූ නියාවෙනි.

ජනාධිපතිවරණයට දින වකවානු නියම වූ කාලයේ සිටම පක්‍ෂ විපක්‍ෂ උදවිය කැට තබා කීවේ දෙපැත්තේම සැලුන් දොරවල් හරහා යන එන කතා ය. ඉන් පසුව ඇසුනේ හුවමාරු වූ ‘මොනර කොල’ මිටි ගැන කතා ය. මේ දේශපාලන ගොන් පාට්‌ රඟ දක්‌වන උදවිය අපට කියන්නේත්, අපෙන් ඉල්ලා සිටින්නේත් තමන් විසින් අමු අමුවේම මස්‌තබාල්දු කළ වටිනා ඡන්දයමය.

මෙතෙක්‌ කල් දෙන දෙයක්‌ කා වෙන දෙයක්‌ ඔහේ බලා සිටි ජනතාව මේ දේශපාලන ගොන් පාට්‌ අරභයා දක්‌වන ප්‍රතිචාරය දැක බලා ගත හැක්‌කේ ජනවාරි 8 දාටය.

පළමුව මව් බිමය, දෙවනුව මව් බිමය, තෙවනුවත් මව් බිමය කියා ජනාධිපතිතුමා පවසන විට පොදු අපේක්‍ෂකතුමා මෛත්‍රී රාජ්‍යයක්‌ බිහිකිරීමට ප්‍රතිඥා දෙයි.

මෛත්‍රිගේ ‘මෛත්‍රී රාජ්‍ය’ ගැන ඇසෙන විට නිතැතින්ම අපට සිහිපත් වන්නේ එදා ෙ-. ආර්. ගෙන ආ ‘ධර්මිෂ්ඨ රාජ්‍යයයි. වර්ෂ 1977 දී ෙ-. ආර්. ජයවර්ධන යුගයේ අප අත්විඳි ධර්මිෂ්ඨ රාජ්‍ය පාලනය ගැන හොඳම විග්‍රහය ඇත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චJද්‍රයන්ගේ ‘ධර්මිෂ්ඨ රාජ්‍ය පොතේ ය.

එතුමා කී පරිදි 1977 න් පසු බිහි වූ ධර්මිෂ්ඨ රාජ්‍යයේ මිනිසුන් ‘ප්‍රගල්භ ලක්‍ෂණ’ වලින් හෙබි මිනිසුන් ය. එනම් තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීම උදෙසා සියලු දෙනාම කපාගෙන යැමේ ගතිගුණ ප්‍රගුණ කළ මිනිසුන් ය.

මේ සමාජයේ කිසිදාක සුදුස්‌සාට හිමි සුදුසු තැන නොලැබේය. නුසුදුස්‌සා විසින් සුදුස්‌සා කපාගෙන ඒ තැන ලබා ගනී. හැකියාව ඇති එකා සෑම විටම නොහැකියාව ඇති එකාගේ කැපිල්ලට නිරන්තරවම නතු වේ.

ගම් මට්‌ටමේ, බිම් මට්‌ටමේ සිටම රාජ්‍ය හා පෞද්ගලික අංශවලත්, ප්‍රාදේශීය දේශපාලනයේ සිට දියවන්නා කවුන්සිලය දක්‌වාත් මේ තත්ත්වයේ වෙනසක්‌ නොවේ. පොලොන්නරුවේ ගොවි පවුලක උපන් මෛත්‍රීපාල සිරිසේන පරිනත දේශපාලනඥයකු වී වඩ වඩා ජනතා ප්‍රසාදයට ලක්‌වීමට ඔහු සතු අව්‍යාජ ගැමිකමත්, අවංකකමත් හේතු වූවාට සැක නැත. මේ බව අපට හැඟෙන්නේ ප්‍රතිවිරුද්ධ පිලෙන් ඔහුට එරෙහිව සුපුරුදු මඩ ක්‍රියාන්විතයක්‌ තවම හරිහැටි දියත් කිරීමට අසීරු වී ඇති බව පෙනෙන නිසා ය.

කෙසේ නමුත් මේ දක්‍ෂයාට, අවංකයාට ආණ්‌ඩුව තුළ හිමිවිය යුතුව තිබූ ‘නිසි ස්‌ථානය’ කලට වේලාවට ඔහුට ලැබී තිබුණේ නම් නිසැකවම අද දවසේදී ජනපතිවරණයේ පොදු අපේක්‍ෂකයා අන් අයෙක්‌ වීමට බොහෝ සෙයින් ඉඩ ඇතිවනු නියතය. නමුත් ඒ එසේ නොවුන වග සේම පක්‍ෂ අභ්‍යන්තරයේත් රජයේත් තමන් අරභයා ක්‍රියාත්මක වූ කැපිලි කෙටිලි ගැන පසුගියදා කඳුළු පිසදමමින් මෛත්‍රී කියූ කතා අපට යළිත් වතාවක්‌ මතක්‌ කර දෙන්නේ ෙ-. ආර්¾ ගේ ධර්මිෂ්ඨ සමාජයේ ප්‍රතිඵලය.

ඒ අයුරින්ම පසුගිය කාලයේ එජාපයේ සජිත් ප්‍රේමදාසයන් හට ද අත් වී තිබුණේ මෙබඳුම ශෝචනීය ඉරණමකි. කෙසේ නමුත් ‘කැපෙන්න’ ‘කැපෙන්න’ මුවහත් වෙමින් ඉදිරියටම ආ සජිත්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පක්‍ෂයේ නියෝජ්‍ය නායකකම දීමට නායක රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය.

මේ අයුරින්ම කැපිල්ලට එරෙහිව එළිපිටම යුද්ධ ප්‍රකාශ කළ හිටපු ඇමැති පාඨලී චම්පික මහතා ජනතාවාදී දේශපාලනයක නියෑලී සිටි දේශපාලන මහත්මයෙතු ලෙස ගොඩ නංවාගෙන සිටි ප්‍රතිරූපය ‘කැපිලි’ වලින් යටපත් කිරීමට නොහැකි වූ අයුරු ජනතාවට මතක තිබේ.

වරලත් විදුලි ඉංජිනේරුවරයකු වූ එතුමාට තමා මහත් වැර වීරියෙන් ඔසවා තැබූ ලංකා විදුලිබල මණ්‌ඩලය අතහැර මොන්ටිසෝරියක්‌ බඳු අමාත්‍යාංශයක්‌ බලාකියා ගෙන ඔහේ ඉන්නට සිදු වූයේ ද මේ දේශපාලන කැපිලි නිසා ය. එහෙත් අද දවසේදී පාඨලී චම්පික ප්‍රමුඛ අතුරලියේ රතන හිමි ඇතුළු ජාතික හෙළ උරුමයම පොදු අපේක්‍ෂක වේදිකාවේ ආකර්ශනීය චරිත බවට පත් වී සිටීම දේශපාලන කැපිලි පාරාවළල්ලක්‌ බවට පත්වීමේ කදිම නිදර්ශනයකි.

තවද එසේම මේ රටේ තිස්‌ වසරක්‌ පුරා පැවැති ශාපලත් යුද්ධය එහෙම පිටින්ම රටින් අතුගා දැමූ එකම රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මහතාට ඉතිහාසයේ හිමි තැන තවමත් එලෙසින්ම පවතී. එදා එතුමාට ජනපතිවරණයේදී අභියෝග කළේ මිනීමරු ප්‍රභාකරන්ගේ ඔලු කට්‌ට ගැලවී යන්නට වෙඩි තැබූ යුද හමුදාවට අණ දුන් සෙන්පතියා වූ සරත් ෙµdන්සේකා මහතා ය. ඔහු මුළු රටම මවිත කොට යුද අඳුම උනා තියා රෙද්ද බැනියම හැඳ පොදු අපේක්‍ෂකයා වී හංසයා ලකුණින් ජනපති හා තරග වැදුනේ වැරදි වෙලාවේදී බව මේ රටේ බහුතර ජනතාවගේ මතයයි.

ලැබූ යුද ජයග්‍රහණය සිත් සේ අයිතිකර ගන්නට, සිත් සේ විඳ ගන්නට රටේ රාජ්‍ය නායකයාව සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට එදා තිබුණේ අවස්‌ථාවටත් වඩා අයිතියක්‌ය යන්න රටේ ජනතාව විශ්වාස කළහ. එනිසාම ඔවුහු එතුමාට සුවිශාල ජන වරමක්‌ ලබා දුන්හ.

එදා ජනතාව තුළ තිබූ මේ සරල අදහස වටහා නොගත් හෝ වරදවා වටහා ගත් වීර සෙන්පති ජෙනරාල් සරත් ෙµdන්සේකා මහතාට සිය කටුක පරාජයේ අමිහිරි අත්දැකීම් ජීවිතය කාලය තුරාවට අමතක නොවනු ඇත. සියලු තනතුරු අහිමි කර ගත් මේ යුද සෙන්පතියාට සිපිරි ගෙයි ලැඟීමට සිදු වූයේ සංග්‍රාම භූමියේදී ගත් නිවැරැදි තීරණ දේශපාලන භූමියට අදාළ නොවූ නිසා ය.

කෙසේ වෙතත් ඒ සා විශාල ජන වරමක්‌ වර්ෂ 2010 ජනපතිවරණයේදී ලබාගත් වත්මන් ජනපතිවරයා ලබා ගත් ජන වරම ගෙවී ගිය සිව් වසරක කාලය තුළ අව භාවිත කළේ යෑයි ජ.වි.පෙ. ප්‍රධාන පොදු සන්ධානයේ සියලු සන්නවේදන මාධ්‍ය හරහා දැවැන්ත ජන මතයක්‌ ගොඩ නැගෙමින් සිටී. ඒ අතර තමා මී ළඟට බලයට පත් වූ පසු ශ්‍රී ලංකාව විනය ගරුක රටක්‌ බවට පත් කරන්නේ යෑයි මෑතකදී ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.

එහෙත් රටේ ජන ජීවිතය එහෙම පිටින්ම අවුල් කළ, මිනීමරු ත්‍රස්‌තවාදය පරාජය කළ ජනාධිපතිවරයාට ගෙවී ගිය සිව් වසර තුළ ශ්‍රී ලංකාව ඉතාම විනය ගරුක, නීතිගරුක රටක්‌ කිරීමට තිබූ අවස්‌ථාව තමන් අතින් ගිලිහී ගියේ මක්‌ නිසාද කියා සැබැවින් ම මහින්ද රාජපක්‍ෂ මහතා විමසා බැලිය යුතුව තිබේ.

යම් හෙයකින් එතුමා ද සිංගප්පූරුවේ ලී ක්‌වාන් යූ මහතා මෙන් නීතිය ඉහළින්ම රට තුළ ප්‍රතිෂ්ඨාපනය කොට පාතාල මැරයන් අතුගා දමා සාමය හා නීතිය රජයන සමාජයක්‌ ගෙවී ගිය සිව් වසර තුළ ස්‌ථාපනය කොට තිබුණේ නම් මෙවර ජනපතිවරණයේදී එතුමාට හිමිවන්නේ නිතරඟ ජයග්‍රහණයක්‌ බව මධ්‍යස්‌ථ මතධාරීන්ගේ මතයයි.

එහෙත් 18 වන ආණ්‌ඩුක්‍රම සංශෝධනය හරහා නීතියේ කොඳු නාරටිය කඩා බිඳ දැමීමත් සමඟම දැස්‌ බැඳගත් නීතියේ දෙවඟනට සිදු වූයේ හිටගෙනම නිදා ගැනීමටය.

විධායක ජනාධිපති බලතල තමන්ටද හිමි වූ කලෙක සේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලන අම්බරුවෝ ක්‍රියා කරනු දැක දැක ජනතාව තුෂ්නිම්භූත වූහ.

රාජ්‍ය නිලධාරීන් ගස්‌ බැඳීමේ සිට ගුරු මෑණිවරුන් දණ ගැස්‌සීම දක්‌වා රටේ දේශපාලන පාදඩකරණය විය. හිරෙන් ඇප මත නිදහස්‌වන දේශපාලන අපරාධකාරයන්, ස්‌ත්‍රී දූෂකයන් මිනීමරුවන් මල් මාලා පළඳවා කැඳවාගෙන ගියේ උන්ගේම බත් බැලයන් ය.

මේ සියල්ල දැක බලා ගනිමින් මේ රටේ බහුතර ජනතාව ද දෙන දෙයක්‌ කා වෙන දෙයක්‌ ඔහේ බලා සිටීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළහ.

දේශපාලකයෝ ද ළඟ සිටින ඡන්දදායකයන්ට වඩා දුර සිටින කුජ, බුජ, සිකුරු, හා සෙනසුරාලා විශ්වාස කළෝය. ඔවුන් පේන කාරයන් හා නක්‍ෂස්‌ත්‍රකරුවන්ගේ ඔඩොක්‌කුවට ම වැටුණාහ. එහෙත් ඒ සියලුම පේනකාරයන් අන්දමන්ද කරමින් මෛත්‍රී ආගමනය සිදුවිය. මෙය එතෙක්‌ දේශපාලන නිද්‍රdවක ගැලී හුන් ජනතාවට ද කම්පන ප්‍රතිකාරයක්‌ (Sයදජන ඔරුaඑපැබඑ) සේ විය.

ජයන්ත විඡේසිංහ