කාලයාගේ ඇවෑමත් සමඟම ඕනෑම රටක භාණ්ඩ වල මිළ කෙටිකාලීනව ඉහළ පහළ ගියත් දීර්ඝකාලීනව ඉහළ යෑම නොවැළැක්විය හැකියි. ඊට සාධක ගණනාවක් බළපානවා.
දියුණු බටහිර කාර්මික රටවල් වල
නිර්යාත වෙළෙඳපොළ
ප්‍රසාරණය වීම නිසා, ඒක පුද්ගල ආදායම වැඩි වී තිබෙනවා. අවම වැටුප නෛතිකමය වශයෙන් ආරක්ෂා වී තිබෙනවා.
බඩු මිළ වැඩිවීමට සාපේක්ෂව ජනතාවගේ ක්‍රය ශක්තියත් වර්ධනය වීම නිසා, භාණ්ඩ වල මිල ඉහළ යාම ජනතාවට බරපතළ ලෙස දැනෙන්නේ නැත.
මනා කළමනාකරණයක් තුළින් දේශපාලනය හා ආර්ථිකය තුළනය කර ගතහොත් රටක මෙකියන සමාජ සංස්ථා දෙකම ආරක්ෂා වෙනවා.
වැරදි කළමනාකරණයත් දූෂණයත් නිසා, පාර්ලිමේන්තුව සමාජ විරෝධී සමාජ සංස්ථාවක් බවට පත් වී තිබෙනවා.
එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය කඩා වැටී තිබෙනවා.
ආර්ථිකය කඩා කඩාවැටීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත ජීවන රටාවම අවුල් ජාලයක් බවට පත් වී තිබෙනවා.
ගම, පවුල හා පුද්ගලයා දරුණු අන්දමින් මෙම ව්‍යසනයට ගොදුරු වී තිබෙනවා.
නගරයේ ඉන්න පුද්ගලයින් මහා පරිමාණයේ සොරකම් වල සිට දුම්රියේ මාල කඩා ගැනීම දක්වා විවිධ සොරකම් වල යෙදී ජීවිකාව සරි කර ගන්නවා.
රටක ජනතාව චර්යාත්මකව හා ආකල්පමය වශයෙන් ඇති නැති වශයෙන් පිල් දෙකකට බෙදුණු විට, ගැටුම්, අරගල හා විරෝධතා තුළින් රට හෙම්බත් වේ.
රට කෑ කම්බ හොරුන් මහජන බදු මුදලින් පඩි ලබන හමුදා හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබමින් මන්දිර තුළ සැප විඳිද්දී, දිනපතාම පාහේ විරෝධතාකරුවන් හා පොලීසිය ගැටෙනු දැකිය හැක.
මෙය දුර්දාන්ත පාලනයේම ඛේදනීය ප්‍රතිඵලයක්.
සටන ඇත්තේ ආයුධය තුළ වෙන්න පුළුවන්. එහෙත් ජයග්‍රහණය ඇත්තේ බුද්ධිය තුළයි.
– තෙවන ඇස-
04.11.2023