සසදා වත , මුවදෙව්දා වත කියවූ අපිට කැකිල්ලේ වත යනු අරුමයක් නොවේ.
නුතන කැකිල්ලේ වත 2019 සිට අද දක්වා නොනැවතී රඟ දක්වනු ලැබේ.
එන්න……න …… !
සියලුම අපගේ TV තියටර් ස් වලදී ……….
….. ……. ……. …… අති විශිෂ්ට රංගන දායකත්වයෙන්……
සවස 6.30 සිට රාත්‍රී 10 දක්වා අපගේ සියලුම තියට ර් හි දී…..
දැන් ප්‍රදර්ශනය කෙරේ………….
පවුල පිටින් පැමිණ නැරඹිය හැකි වසරේ අති දැවැන්ත සිනමා රංගනය.
ගොඩවන්න….. ඔබගේ ලඟම තියට ර්…..එකේදී………
(හඳුන්වා දෙන වීඩියෝ ක්ලිප් එකේ ඇති දෙබස පමණක් මා මෙතැනදී දක්වනු ලැබේ…)
“මේ අරභයා මහාප්‍රාණ දැනුමක් උවමනා නැහැ බං. සාමාන්‍ය දැනුමකින් බලමු.
A සහ B යනු පිල් දෙකක්. දෙක දෙපැත්තෙන් සිට මරාගන්නා කාලයක්. Aට එදිරිව B ද, Bට එදිරිව Aද ද්වන්ධ වූ සටනක අවතීරණ වී සිටි කාලයක්. B කණ්ඩායමේ ඉදිරිපෙළ වූ පතාකයෙක් තමාට පරම හතුරු වූ Aකණ්ඩායම වෙනුවෙන් වෙහෙසේ. තමාට පරම හතුරු A කණ්ඩායමට නිසැක ජයක් අත්කරදීම උදෙසා ඔහු ස්වර්ගගාමී කරවන්නේ වෙන කවුරුවත් නොව ඔහුට ජාතක වූ ඔහුගේම දෙපොලකි. A ඉහලින්ම ජයගනී.
මාරයි ..නේ….බං …
ඇත්තටම ඔහොම වුනාද බං…
බයිස්කෝප් එකක් බං…….උඹට තේරෙන්නේ නැත්ද ?
හරි… හරි..කියපංකෝ….
ඔහු ඔහුගේ ජාතකේ තම පිලේ ලොක්කා වූ B වෙනුවෙන් යෙදෙව්වා නම් ඒක ටිකක් වත් අනුමාන කොරන්න පුළුවන්. ඒකයැ බං අරුමය කියන්නේ ඌ උගේ ජාතක දෙපොල පාවිච්චි කොරලා තියෙන්නේ තම පරම හතුරා දිනවන්ටයි.
හෑ..හෑ……..හෑ……..
ඔය ඇත්තක්ද බං ?
මම උඹට සැරයක් කිව්වනේ ..මේක බයිස්කෝප් එකක් බං…
හරි…හරි….කියපං , කියපං….
ඒ වෙනුවෙන් ඔහු A ලොක්කාගෙන් අතයට ගනුදෙනුවක් වත් කළා වත්ද ?
අතයට ගනුදෙනුවක් ?
ඇයි ?
තමා අතයට ගනුදෙනුවක් කර ඇත්තේ අනෙකෙක් දීලා නෙවේ බං , තම ජාතකේ පුජා කරලා නම් ?
මු මොකෙක්ද ?
මේක තවත් කැකිල්ලේ නාඩගමක් නේද ?
අන්න උඹට වැටහුනා…….!
ඉතින් ඒකනේ බං මේකට කැකිල්ලේ වත කියා නම දමලා තියෙන්නේ…..
තවත් අරුමයක් තියෙනවා බං….
ඒ මොකක්ද ?
දෙදෙනාම ස්වර්ගගාමී වී ඇත්තේ ස්වෝත්සාහයෙන්මය. ඊට වෙන කිසිවෙකුත් උන්ට උපකාර කොට නැහැ. වෙන එකෙකුවත් ඒ ගැන අබමල් රේණුවක තරමේ වූ දෙයක් වත් දන්නේ නැත.
අ….ම්ම…..පා………
එහෙම දෙයක් එකෙක් වත් මුලිච්චි නොවී කොරන්ට පුලුවන්ද බං…? ?..?
යකෝ…එක මේ… මේ කතාවේ හැටි……….
හරි…. හරි..මට වැරදුනා බං. මම ඒ වෙලාවේ හිටියේ උඹ කියන්නේ ඇත්තම කතාවක් ගැන කියනා විදිහේ ලෝකෙකට කොටු වෙලායි….
ඉතින්…ඉතින්….. ?
ඔවුන් ස්වර්ගගාමී වීමට හිතුවාට පවක් නෑ බං. උන් හිතුවේ තවත් 300ක් පමණ ස්වර්ගස්ථ කරමින් තමනුත් ස්වර්ගස්ථ වෙන්ටයි. … ඒකනේ නරක් වුනේ බං…..
ඉතින් …ඉතින්….?
ඉතින්… ඊට අදාළ පුහුණුව උන් ලබාගෙන ඇත්තේ “තනියමයි”. වෙන කිසිවෙක් උන්ට උදව් කරලා නෑ.
ඉන්ටර්නෙට් බලලා පුරුදුවන්නැති…. ?
ඒ විතරක් නෙවෙයි බං…..ස්වර්ගස්තවිම සඳහා උවමනා කළමනා ටික ඕඩර් කොරලා ඇත්තෙත් , ගෙන්වාගෙන ඇත්තෙත් “තනියමයි”.
නෑ……………..!
නෑ නෙවෙයි යකෝ ඔව්……..!
ඔවුන් ඒවා ගෙදරට ගෙන්වාගෙන ඇත්තෙත් “තනියමයි”. රටකින් රටකට බඩුවක් යනකොට වන කරමේ පවා මුන් මේවා ස්වර්ගස්ථ වීම සඳහා ගෙනියන නිසා , ඒක හොඳ වැඩක් නිසා විරුද්ධ වෙලා නැහැ….
අම් …ම…..පා…….!
අම් …ම…පා ඇත්තද බං…..
ඒ විතරක්ද බං ……
උන් ඒවා ස්වර්ගස්තවන ආකාරයට පිළියෙළ කොරගෙන ඇත්තෙත් “තනියමයි” කියා කියනවනේ….
පුදුමයි බලහං මොකෙක් වත් මේ යුවලට උදව් නොකළ හැටි ?
නැතුව…නැතුව….
ඉතින් … ඉතින්…..?
ඉතින් ඔවුන් ස්වර්ගස්ථ වුනා බං……..
නෑ….නෑ…..නෑ…..
ඔය ආයෙත් නෑලු…….
නෑ නෙවෙයි ඔව් බං.
ඉතින් … ඉතින්….?
කිසිවෙකුට නොදන්වා , කිසිවෙකුගෙන් උපකාරයක් නොගෙන තනියම පුහුණුව ලබා , තනියම බඩු භාණ්ඩ ඇනවුම් කොරලා , තනියම ඒවා මෙහෙට ගෙනල්ලා , තනියම ස්වර්ගගාමී වන අකාරයට ඒවා සකස්කොරවාගෙන ස්වර්ගගාමී වූ උන් ගැන අන්තිමේදී වැරදි කාරයෝ උනේ අහක හිටිය එවුන් බං…
ඒ කියන්නේ…?
පුහුණු වෙනවා දැක්කේත් නැතිලු. බඩු භාණ්ඩ ඇනවුම් කරනවා දැක්කේත් නැතිලු. බඩු ටික ගේනවා දැක්කේත් නැතිලු. ඒවා ස්වර්ගස්ථ වන ආකාරෙට සකස්කොරගන්නවා දැක්කේත් නැතිලු. ස්වර්ගස්ථ වෙනවා දැක්කේත් නැතිලු.
ඉතින් … ඉතින්…..?
ඉතින් දැක්කේ නැහැ කියලා අහක වුන්ට මෙන්න විලංගු දානවා බං……
උන්ගේ මහගෙදර උන් අයට වෙන්නැති….?
නෑ …නෑ…
එහෙනම් ලඟම ඤාතින්ට වෙන්නැති…..?
නෑ…නෑ….
එහෙනම් අල්ලපු ගෙදර අයට……?
නෑ..නෑ…බං නෑ ..නෑ…
එහෙනම් ආයේ දෙකක් නෑ …. ආශ්‍රය කොරපු යාළුවන්ට වෙන්නැති.
නෑ…නෑ…නෑ……නෑ….
රට රැකපු එවුන්ට.
මොනවා ? මේක මහා හතරබීරි කතාවක්නේ……?
ඇයි බං පුදුමේ… මේක කැකිල්ලෙනේ..
ඊටත් වැඩිය හතරබීරි කථාවක් මෙතන තියෙනවා ආයිබෝවන්ට….
ඒ අහවල් කෙන්ගෙඩියක්ද බං…. ?
ලඟම ඤාතින්ටත් නොදැනී (ලඟම ඤාතීන්ගෙන් දැන්වීමක් කොරලා නෑ.), අල්ලපු ගෙදර එකාටවත් නොදැනී (අල්ලපු වත්තෙන්ද දැන්වීමක් කොරලා නෑ), ආශ්‍රය කල එවුන්ටවත් නොදැනී (ආශ්‍රය කරපු එවුන්ද දැන්වීමක් කොරලා නෑ.), අඩු තරමේ ගෙදර ඈයන්ටවත් නොදැනී (ගෙදර ඈයෝද දැන්වීමක් කොරල නෑ.) තට්ට තනියම සියලු දේ කරගත් මේ දෙපොල ගැන අපි කොහොම නම් දැනගන්නද කියා දැනුම් තේරුම් ඇති තැන් වලට කියන්න තරම් මොලයක් මේ රට රකින එවුන්ට නොමැතිවීම ගැන අපිට පුදුමයක් නැත්ද බං…………
මහගෙදර උන් ඔක්කොම සැපට නිඳනවා……….
පාරේ රස්සාව කොරපු එවුන්ට අච්චු………..
අනිච්චේ දුක්ඛේ සංසාරේ…..
(විශේෂ ලියුම්කරුවකු ගෙනි.)