කිලිනොච්චියේ හින්දු කෝවිල කින් බෞද්ධ නටබුන් කිහිපයක් මතු වීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය අරබයා පහත සඳහන් සටහන තබන්නට අදහස් කළෙමි.
මිනිස්සුන්ට බලහත්කාරයෙන් ඉතිහාසයක් ගොඩ නංවන්න බැහැ.
රටක ඉතිහාසය මූළික වශයෙන් ඒ රටේ ප්‍රධාන සංස්කෘතියට අයත්වෙනවා.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඉන්දියාව යටත් වුණේ පරිපාලනයේ දී පමණයි.
යටත් විජිත පාලනය කාලෙදිත් ඉන්දියාවේ සංස්කෘතිය එලෙසින්ම ආරක්ෂා වුණා. ශ්‍රී ලංකාවේ තිබුනෙත් ඊට සමාන තත්වයක්.
දේශපාලකයන් වෙනුවට දේශපාලුවන් රටේ පාලනය භාර ගැනීමත් සමගම රටේ සංස්කෘතිය සුද්දන් හරහා කතෝලික පල්ලිය විසින් මෙහෙය වන දෙමළ ඩයස්පෝරාවට භාරදීමට බලවත් කුමන්ත්‍රණයක් දියත් වී තිබෙනවා.
හැම ජන කොට්ඨාශයක්ම සමාදානෙන් සහ සහජීවනයෙන් මේ රටේ ජීවත් විය යුතුයයි පුරසාරම් දෙඩුවත් සිදුවෙන්නේ හාත්පසින් වෙනස් දෙයක්.
සිංහල බෞද්ධයාගේ උරුමයන් දිනපතාම කප්පාදු වෙමින් තිබීම ඇත්තෙන්ම ඛේදවාචකයක්.
ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන ජන කොට්ඨාස අතරෙන් ඓතිහාසික හා භූගෝලීය වශයෙන් ජාතික අනන්‍යතාවය කට උරුම කිව හැකි එකම ජන කොට්ඨාසය වන්නේ සිංහල බෞද්ධයන්.
යම්කිසි හෙයකින් ශ්‍රී ලංකාවේ මුල් වැසියන් දමිළ ජන කොටසක් වී නම්, සිංහලයින් ඊට පසුව මෙම දිවයිනට සංක්‍රමණය වී පසුකාලෙක බලය බෙදීම් මෙන් ම පුරාවිද්‍යාත්මක උරුමයන් ටද අයිතිවාසිකම් කීමට උත්සාහ කළේ නම්, සිංහල බෞද්ධයාට අත්වන ඉරණම ගැන මා අමුතුවෙන් කියන්න යන්නේ නෑ.
අන් අය සමග යුද්ධයක් සඳහා නොව බුද්ධිමත් සංවාදයක් සහ තිරසාර සහජීවනයක් වෙනුවෙන් බුද්ධිමත් ප්‍රජාවක් ලෙස අපි යථාර්ථයට මුහුණ දෙමු.
– තෙවැනි ඇස-
24.05.2023