Sat. Jan 18th, 2025
Spread the News

නැවක් අවශ්‍ය වන්නේ මුහුදු ගමනකදීය. වත්මන් නාවික ක්ෂේත්‍රයේ දියුණුව නොවන්නට අතීතයේදී ඒ සඳහා භාවිතා කලේ රුවල් නැව්ය.

නැවක් සෑදීම නැව් තනන්නාගේ රාජකාරියයි. නැව තැනුවාටම නැව යාත්‍රා නොකරයි. ඒ සඳහා නැව හසුරුවන්නෙක් අවශ්‍යය. එපමණක් නොව නැවේ වූ විවිධ වූ රාජකාරීන් සඳහා ඊට පුහුණු කරනු ලැබූ සේවක මඩුල්ලක් අවශ්‍ය වේ. නමුත් නැව යාත්‍රා කිරීමක් වෙනුවෙන් අදාළ සියලු කාර්මික අවශ්‍යතාවන් සම්පුර්ණයෙන් සපුරා තුබුනද , නැව සතුව කපිතාන් වරයකු සිටියද , නැවට අදාලව සක්‍රිය කාර්යක්ෂම සේවක මඩුල්ලක් අනුයුක්තව සිටියද , නැවේ කුඹ ගස නොමැති නම් නැවට යාත්‍රා කල හැකි වුවද එයට ඉල්ලක්කයක් වෙත යාම තරමක් අපහසු වේ.

කුඹ ගසක් අවශ්‍ය ඇයි ?

01. නැවක් නැවක් යයි තවත් නැවක් විසින් හඳුනාගනු ලබන්නේ පළමුව කුඹ ගස නිසාය හෙවත් නැවෙහි අනන්‍යතාව බලන්නකු විසින් පළමුවරට හඳුනාගනු ලබන්නේ කුඹ ගසෙනි. .

02.යාත්‍රා කිරීම පහසුකරනු වස් රුවල් විටෙක ඇමිණීම සඳහාය.

03.නැවේ කපිතාන් වරයාට වුවත් නොපෙනෙන දුරක් , නොපෙනෙන වපසරියක් කුඹගස මත වූ නැව් සේවකයාට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් පවතින නිසාය.

04.ආගන්තුක නැව් සතුරුද , මිතුරුද කියා පළමුවෙන් හඳුනාගනු ලබන්නේ අන් තැනක නොව කුඹගසෙහි අමුණා ඇති කොඩිය නිසාය.

05.සතුරු ප්‍රහාරයකදී පළමුව අරමුණු කරන්නේ කුඹ ගසය. එවැනි වූ ඉල්ලක්ක ගත ප්‍රහාරයකින් කුඹ ගසෙහි වන විනාශය මුළු නැවටම බලපෑමෙන් යාත්‍රා කරනා නැව ඉන් නන්නත්තාර කල හැකි නිසාය.

06.සතුරු ප්‍රහාරයකින් නැව සම්පුර්ණයෙන් මුහුදු බත් වුවද එහි තවමත් ජිවතුන් අතර සිටින්නන්ට නැවත ගොඩබිමක් දක්වා යා හැකි එකම අධාරකයත් කුඹ ගස නිසාය.

ඉතින් ?

මේ ආකාරයටම රටකටත් , දැයකටත් , උරුමයටත් කුඹ ගසක් අවශ්‍යය.

රටක් යාත්‍රා කරයි. ඊට අදාළ විවිධ ශ්‍රේණිවල , විවිධ වූ වෘත්තිකයක් සහ විවිධ නායකයින් රටක් සතුව ඇත. නමුත් රටකට කුඹ ගසක් නොමැති වුවහොත් රටට යාත්‍රා කල හැකි වුවද ඉලක්ක සාක්ශාත් කල නොහැකිවේ.

බලන්න !

01.රටක් රටක් යයි අන්‍යයයෝ විසින් පළමුවෙන් හඳුනාගනු ලබන්නේ රටක වූ කුඹ ගස් වැනි වූ මිනිසුන් නිසාය. නැතිව රටක වෘත්තිකයින් හෝ නායකයින් නිසාම නොවේ. ඊට බොහෝ උදාහරණ ලොව පුරාම ඇත. මිනිස් කුඹ ගස හෝ කුඹ ගස් දෙස බලා මෙම රට , මෙම දැය මෙවැනි වූ මිනිසුන් ගෙන් සමන්විත යයි ඔවුන් පළමුව තක්සේරුවකට පැමිණේ. එම බිම ආක්‍රමණය කිරීමට කවරකු හෝ සිතයි ඔහු ඒ ගැන එක වරක් දෙවරක් නොව කිහිප වරක්ම සිතා බැලීමට ඉන් පසුව ඔවුන් පෙළඹේ.

550ස් ජාතකයේ මේ ගැන හරි අපුරු කථාවක් ඇත.

දුනු ශිල්පයේ කෙල පැමිණි එක්තරා රජකු තම රාජ්‍ය තම මලනුවන්ට පවරා තම විමුක්තිය සඳහා කැලෑ වැදුණු මොහොතේ අවට රාජ්‍ය වල වූ රජවරුන් මේ බව දැන තම සේනාව මෙහෙයවා එම රාජ්‍ය තම ග්‍රහණයට ගත්තේය. වනේ හුන් රජාට මේ බව ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණි. “අහෝ ඛේදයකි ! මා නොමැතිකමින් මගේ මව් රටට වූ විපතක මහත… එම්බල පුරුෂය , උන් සියල්ලෝම මා රජ කල රාජ භෝජන වැළඳු රාජ මේසයේම එකම විටෙක වට හිඳ රාජභෝජන වළඳන්නට වන වේලාවක් ඇත. ඒ වේලාවද , එපමණක් නොව මාගේ දුන්නද මට ගෙනත් දෙව” කියා විධාන කලෝය. පුරුෂයා එය ඒ ලෙසම ඉටුකළේය. ආක්‍රමණික රජදරුවන් එම රාජ මේසයේ වට හිඳ රාජ භෝජනය වළඳන්නට සුදානම් වුවා පමණි රජගෙදර වහල සිදුරු කරගෙන ආ ඊ තලයක් මේසය උඩ වූ රාජ බත පුරවා තිබු රාජ වළඳේ හරි මැදට වැදිනි. “මම එන්නට කලියෙන් වහා පිටව යනු” යන පයින්ඩයක් ඊතලයේ පසු කොටසේ අමුණා තිබුණි.

ඔහුගේ හැකියාව සහ ඒවා තිබු අනතුරු හැඟවීම ගැන ආක්‍රමණිකයන් බිරාන්ත විය. මොහුගේ ආගමනය අප සැමගේ විනාශය කියා දැනගත් ඔවුන් වහ වහා පසුබසින්නට විය. එදා එම මිනිස් කුඹ ගස විසින් තමන් කව්දැයි අමතක නොවන මතකයක් ආක්‍රමණිකයන්ට ඉතිරි කළේය. රාජ්‍ය ගැලවුනි. රට වැසියෝ ප්‍රීති ඝෝෂා නඟන්නට විය.

02.රටක් එහි නායකයින් විසින් යාත්‍රා කරවන කල මිනිස් කුඹ ගස් විසින් රාජ්‍ය පාලනයට සලසන පහසුකම් නිසා රටක යාත්‍රාව ඉතා පහසුවෙන් පැදවිය හැකි වන බව ගැන ලොව උදාහරණයන් බොහෝය.  

උදා; එක් කලෙක වේදේහ නම් රජෙක් රටක් පාලනය කරනා කල ඔහුට හුන් මහෞෂධ නම් පණ්ඩිතයෙක් නිසා රජුට වූ ලාභය ගැන උම්මග්ග ජාතකය කියවා බලන්න.

03.මිනිස් කුඹ ගසක දර්ශන වපසරියද , චින්තන වපසරියද සාමාන්‍ය මිනිසකු ගේ මෙන් නොවේ. ඔහුට යමක් අරභයා තීක්ෂණ වූ නුවනක් , පෘතුල දැනුමක් පවතී. ඔහු රටේ රජා නොවුනාට රටට , දැයට , රාජ්‍යත්වයට වන කුමන්ත්‍රණ ඉවෙන් මෙන් දැනගැනීමේ සහජ හැකියාවක් ඔවුන් සතුව පවතී.

උදා; දඹදෙණියේ රජුව හුන් පරාක්‍රමබාහු රජු ගේ සිංහල නොවන අඹුව විසින් රාජ්‍යත්වය සිංහලයෙන් වෙනතකට හැරවීම උදෙසා කල අති ශූර කුමන්ත්‍රණය ඉවෙන් මෙන් දැනගත්තේ එදා අමාත්‍ය මණ්ඩලයේ සිටි එවැනිම අති ශූර සිංහල සෙනවියෙක් ඔහු කල ප්‍රති ක්‍රියාන්විතයක් නිසා සිංහල රාජ්‍යත්වය බේරුනි. ඔහුගේ උපක්‍රමයන් නොවන්නට අද වන විට මේ බිම ඉතා විශාල උගුලකට හසුවන්නට ඉඩ තිබිණි.

04. මිතුරන් මෙන් රටකට ඇතුල් වන ජාත කපටීන්, කපටීන් ලෙස හඳුනාගැනීමේ දුර්ලභ වුත් සහජ වුත් හැකියාවක් මිනිස් කුඹ ගස් සතුව පවතී. මේ මිතුරන් ලෙස වමාරන්නේ ජාතියේ පරම හතුරන් යන ඉව ඔවුන් සතුය. මිට මෙරටේ උදාහරණද බොහෝ ඇත.

05.රණ ශුරයින් නිතරම ඉල්ලක්ක කරන්නේ නායකයින්ම , රජාම නොව තම සතුරු පාර්ශ්වයේ කුඹ ගස්ය. ඉන් රට , දැය , උරුමය නනත්තාර කල හැකි බව ඔවුන් හොඳාකාරවම දනී.

06.කවර ආකාර හෝ ආක්‍රමණයක් නිසා බිම සම්පුර්ණයෙන් විනාශ වුවද යම් පිරිසක් මිනිස් කුඹ ගසක් අල්ලාගෙන තවදුරත් බිම රැකගත් කතා අප්‍රමාණව ඇත. ඉන් සිඳුණු ජාතිය නැවත යථාවත් කල අවස්ථාද එමට ඇත.

එවන් වූ කුඹගස් හි තෝතැන්නයි මගේ සිංහල මව් බිම.

එසේ නම්,

අපි කාට නම් බිය වෙමුද ?

ස්තුතියි !

(විශේෂ ලියුම්කරුවකු විසිනි.)

Protected by Security by CleanTalk