Spread the News

p7 2 2 1

*පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි

– * රාජසභා මණ්ඩපය මාස හයක් තිස්සේ අව්වට වේලෙනවා.  වැස්සට තෙමෙනවා. වගකිව යුත්තන් නිහඩව බලාගෙන ඉන්නවා

පුරාවිද්‍යා පනත සකස් කලේ අගමැතිතුමා ඉන්න පාර්ලිමේන්තුවේ. නීති සම්මත කලේ අගමැතිතුමා ඉන්න පාර්ලිමේන්තුවේ. එසේ තිබියදීත් කුරුණෑගල රාජසභා මණ්ඩපය විනාශ කරපු නගරාධිපතිට නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ මන්දැයි පුරාවිද්‍යා සුරැුකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත ස්වාමීන් වහන්සේ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ පසුගියදා මේ සම්බන්ධව සංදේශයක් බාරදීම ස`දහා බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේදීය. වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ. කුරුණෑගල යුගය, මහනුවර යුගය, යටත් විජිත යුගය ආදී යුග තුනකට අයිතිය තිබෙන මේ රාජසභා මණ්ඩපය විනාශ කරලා මාස හයක් ගතවෙලත් තවම ඒ අය නිදැල්ලේ ඉන්නවා. ඒ වගේම මේ නගරාධිපති නිසා අගමැතිතුමාගේ තත්වයත් හෑල්ලූ‍වට ලක්වෙනවා. මේ තරම් නීති තියෙද්දිත් මේ තරම් පුරාවිද්‍යා පනත ශක්තිමත්ව තියෙද්දිත් වගකිව යුතු අය නිහ`ඩව බලා සිටීම කනගාටුවට කරුණක්. මේ රාජසභා මණ්ඩපය මාස හයක් තිස්සේ අව්වට වේලෙනවා. වැස්සට තෙමෙනවා. වගකිව යුත්තන් නිහ`ඩව බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි පුරාවිද්‍යා කොමසාරිස්තුමාට, නීතිපතිතුමාටත් මේ සම්බන්ධව සොයා බලා කටයුතු කරන්න කියලා බල කර සිටිනවා යැයි උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.