නොවැලැක්විය හැකි හේතුවක් නිසා ජූනි මස 01 දින ට යෙදී තිබූ ජනගත කිරීමේ උත්සවය පැවැත්වීමට නොහැකි වූ නමුත් ජූලි මස 20 දින එළඹෙන ගුරු දින නිදහස් චතුරස්‍රයේ පුස්තකාල ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සතුටින් දන්වමි.මෙම අවස්ථාවට පහත දැක්වෙන පරිදි අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී අති පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ද කූරගල රජමහා විහාරාධිපති අති පූජ්‍ය වතුරෙකුඹුරෙ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේද සඳගිරිය රාජමහා විහාරාධිපති අති පූජ්‍ය දෙල්තොට ධම්මජෝති නායක ස්වාමීන් වහන්සේද දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් අති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේද සාභාගි වීමට නියමිත යි. කූරගල සටනට කාලය ධනය ශ්‍රමය කැප කළ සියලු දෙනට මෙන්ම වර්තමානයේ මෙරට පුරාණ සිද්ධස්ථානයන්ට එල්ල වී ඇති සතුරු බලවේග වලට එරෙහිව සටන් වදින සියලු දෙනට මෙම අවස්ථාවට ගෞරවයෙන් යුතුව ආරාධනා කරමි.

මතුගම සෙනවි රුවන්
කූරගල සටනට කාලය ධනය කැප කළ පිරිසක් 2002-3-15/16
ඡායාරූප ජාතික බෞද්ධ බලවේගය මගිනි








































2002-3-15