Spread the News

කොටින්ට මුදල් ආධාර දුන් සිද්ධිය
අධිකරණය මගහරින 6 දෙනා
වහාම අල්ලන්න නියෝග 

ඒ. ඡේ. ඒ. අබේනායක 

source:

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවැති සමයේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට රුපියල් ලක්‌ෂ 100 ක මුදල් ආධාර ලබාදීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් නඩු පවරා තිබියදී අධිකරණය හමුවේ පෙනී නොසිටි පුද්ගලයන් හයදෙනකු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විඡේසුන්දර මහත්මිය ඊයේ (29 වැනිදා) වරෙන්තු නිකුත් කළාය. එලෙස අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකරුවන් තවත් විත්තිකරුවන් පිරිසක්‌ සමග එක්‌ව දෙමළ පුනරුත්ථාපන සංවිධානයක්‌ හරහා එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ආධාර ලබාදීම මගින් ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කොට ඇතැයි නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබිණි.