කොටි එලිලන්ගේ බිරිය ආනන්දි හමුදාවට එරෙහිව පොල් ගැසීමෙන් වළකියි

Spread the News

කොටි එලිලන්ගේ බිරිය ආනන්දි
හමුදාවට එරෙහිව පොල් ගැසීමෙන් වළකියි
source:
* දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකා යස්‌මින් සුකා සහ හිටපු කැරලිකරු සුනන්ද දේශප්‍රිය එක්‌ව පිටු 42 ක සුදුකොඩි වාර්තාවක්‌ එළිදක්‌වයි.

* ප්‍රභාකරන්ගේ හිතවතිය වූ ඇනීටා ප්‍රතාප් ඉන්දීය මැතිවරණයෙන් පැරදී ඇපයද අහිමිවේ

* ද්‍රවිඩ සන්ධාන දේශපාලනඥයන් රැසක්‌ කොටි ත්‍රස්‌තයන්ව සමරති

* ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට යෝජනාවක්‌ ඉදිරිපත් කළ ඇමරිකානු තානාපතිනි අයිරින් ඩොනහෝ හියුමන් රයිට්‌ස්‌ වොච් අධ්‍යක්‍ෂිකාව ලෙස පත්වෙයි

* ශ්‍රී ලංකා විරෝධි රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ මානව හිමිකම් කවුන්සලයේ තනතුරකට ඇයදුම් කරයි

* යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු කොටි තහනම කඩ කරමින් මියගිය කොටි ත්‍රස්‌තයන් සිහි කරති.

* උතුරු පළාත් සභාවද කොටි ත්‍රස්‌තයන් සමරති

ආනන්දි සසිකරන් ත්‍රිකුණාමල කොටි හමුදා නායකයාව සිටි එලිලන්ගේ බිරියයි. මාවිල්ආරු සොරොව්ව වැසුවේද ඔහුයි. එම්. කේ. සිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියෙකි. මේ දෙදෙනා මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා යාපනයේ කයිකඩිහි උතුරු පළාත් සභා කාර්යාලය වෙත පැමිණි නමුත් ඊට ඇතුළුවී ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ නොලැබුණි.

අනතුරුව පළාත් සභා කාර්යාලය අසල පහන් දැල්වීමට ක්‍රියාකළත් පොලිසිය එකී උත්සාහය ව්‍යාර්ථ කරනු ලැබීය.

ආනන්දි සහ සිවාජිලිංගම් කොටි ත්‍රස්‌තයන් සැමරීමට පැමිණියේ උතුරේ කොටි හිතවාදි මාධය සහ කොටි වෙබ් අඩවි ඒජන්තවරුන් සමඟය.

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි මිනීමරුවන් සැමරීමට ඉඩනොදීම නිසා කෝපයට පත් ආනන්දි මියගිය පිරිස සැමරීම තමාගේ වගකීමක්‌ බවත් ඊට ඉඩනොදීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්‌ යෑයි කීවාය.

අනතුරුව සිවාජිලංගම්ද ප්‍රකාශයක්‌ කරමින් ද්‍රවිඩයන් පරාජිත ජාතියක්‌ බවට පෙන්නුම් කිරීමට රජය උත්සාහ කරනවා. නමුත් අපි නතර කරන්නේ නැතැයි හඬ නැගීය.

ආනන්දි ඉන්පසු මුල්ලිවයික්‌කාල්හි පිහිටි හමුදා බාධකය වෙත ගොස්‌ කීරමලෙයිහි නගුලේශ්වරම් කෝවිල වෙත යැමට ඉඩදෙන ලෙස කියා සිටියාය. මෙම කෝවිල පිහිටියේ වලිකාමම් උතුරු ප්‍රදේශයේයි. ඇය හමුදා බාධකය ඉදිරියේ වාඩිවී විරෝධයක්‌ද පෑවාය. එහෙත් ආරක්‍ෂක අංශ එලිලන්ගේ බිරිය කළ ඉල්ලීමට අවසර දුන්නේ නැත. ඇය කිරමලෙයි කෝවිල වෙත යැමට උත්සාහ කලේ මුල්ලිවයිකාල්හි මියගිය ත්‍රස්‌තයන් වෙනුවෙන් පූජාවක්‌ පැවැත්වීමටය. ආනන්දි සසිකරන්. දැන් කොටි ඩයස්‌පෝරාවේ පදයට නටන චරිතයකි. ඇය ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා රජයට හා හමුදාවට අභියෝග කර ඇත. පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගිය ඇය ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකර ඇතැයි චෝදනා නැගුවාය.

ජිනීවා මානව හිමිකම් සමුළු කාර්යාලය සමීපයට යැම සඳහා මාර්ග අංක 11 බස්‌ රථය එනතුරු බස්‌ නැවතුම්පලේ සිටි ආනන්දිගේ ආරක්‍ෂාවට කොටි තරුණියන් දෙදෙනකුද සිටිනු අපට දක්‌නට ලැබුනි.

ආනන්දි උතුරු පළාත් සභාවට ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි පැමිණෙන විට කොටි වර්ණ වූ රතු සහ කහ පැහැති සාරියකින් සැරසී සිටියාය.

කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීය කාර්යාලවල ලිපිකාරිනියක්‌ ලෙස කටයුතු කළ ඇය හමුදාවෙන් ගැලවූනේ තමා රජයේ සේවිකාවක්‌ යෑයි පවසමිනි.

එහෙත් ඇගේ සැමියාවූ ටී. ඒ. සින්නතුරෙයි සසිතරන් හෙවත් එලිලන් හෙවත් මාවිල් ආරු එලිලන්ගේ අපරාධකාරි ක්‍රියා ද්‍රවිඩ ජනතාව දනී. 2002 සටන් විරාම පක්‍ෂයේ වව්නියාවේ කොටි දේශපාලන කාර්යාලයක්‌ පිහිටුවා විශාල ලෙස කප්පම් ගත්තේද ඔහුයි.

වන්නි මෙහෙයුම සමයේ පුදුමාතලන්හි තුවාල ලැබූ සිවිල් වැසියන් ගෙනයැමට රතුකුරුස නැවක්‌ පැමිණි විට කඩුවක්‌ අතැතිව පැමිණි එලිලන් ඊට ඉඩනුදුන් බව සාක්‍ෂි වලින් හෙලිවිය.

සිවිල් වැසියන් ඊට එරෙහිවූ විට එලිලන්ගේ නියෝග මත කොටින් වෙඩි තැබීමෙන් පස්‌දෙනකු මරුමුවට පත්වී ඇත.

එසේම වලෙයිජාර්ම්හි රෝසරි දෙව්මැදුරේ රැදී සිටි අනාථයන් අතර කොටින්ට එරෙහි කණ්‌ඩායම් සිටින බව කියමින් කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්ගේ විරෝධතා මැද ළමුන් ඇතුළු පිරිසක්‌ බස්‌රියකට ගොඩකර ගෙනගියේද එල්ලන්ය.

තම දරුවාට කිරි නැති නිසා පැන යැමට උත්සාහ කළ මවකට එලිලන් හිසට වෙඩිතබා මැරූ බවට තවත් සාක්‍ෂියකින් හෙලිවිය.

මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝණය කළ එලිලන්ගේ බිරිය දැන් හඬ නගන්නේ මානව හිමිකම් වෙනුවනි. ඇය කිසිවිටකත් කොටින්ගේ අපරාධ ගැන හඬ නගා නැත. ඇගේ එක්‌ සොහොයුරකු හමුදාව සටන කළ සටනේදී මරුමුවට පත්වී ඇතැයි වාර්තා විය.

මෙවන් පසුබිමක්‌ ඇති ආනන්දි පසුගිය කාලය තුල ජර්මනිය නෝර්වේ, ඇමරිකාව, ස්‌විට්‌සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක සැරිසැරුවාය.

ජර්මනියේ බ්‍රිමන් නුවර පැවැති ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන විනිශ්චය මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දීමටද ඇය ක්‍රියාකළාය.

මේ සියළු සංචාරවලට ඇයට වියහියදම් සැපයුවේ කොටි ඩයස්‌පොරාවයි.

මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මෙරටට පැමිණි අවස්‌ථාවේ ආනන්ද සසිකරන්ට හමුවූවත් ඇයට ආනන්දිගේ පසුබිම වසන්කර තිබූ බව පසුව හෙලිවිය.

ආනන්දි ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරට පැමිණි අවස්‌ථාවේ ඇයට කටවසාගෙන සිටින ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු උපදෙස්‌ දුන්නේ එලිලන්ගේ සබඳකම් හෙලිවනු ඇතැයි සැකයෙනි.

ඒ නිසාම ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණි ද්‍රවිඩ සන්ධානයේ ශ්‍රීධරන් ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ කෙජේන්ද්‍රන් ඇය සමඟ ගමන් කළේ නැත.

මියගිය කොටි ත්‍රස්‌තයන්ව සැමරීමට උත්සාහ කළ ආනන්දි නල්ලූර්හි කාලි මාතා කෝවිලට අවුත් එම්. කේ. සිවාජිලිංගම් හා එස්‌. ශ්‍රීධරන් සමඟ එක්‌වී පොල් ගැසීමට එක්‌වූයේ නැත.

ආනන්දි සසිතරන් හමුදාවට එරෙහිව පොල් නොගැහුවේ ඇයට එය පාරාවලල්ලක්‌ විය හැකි නිසාය.

ඒ ඇගේ සැමියා දරුණු අපරාධකරුවකු නිසාය.

මේ පසුබිම මැද වව්නියාව දුම්රිය ස්‌ථානය සමීපයේ පිහිටි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දගේ නිවසේදී මියගිය කොටි සැමරීම වී ඇත. සෙබමාලෙයි අභිකලායි යන ප්‍රැන්සිස්‌ ප්‍රනාන්දු සහ මන්නාරම මීසමේ කතෝලික පූජකවරුද ඊට සහභාගිවී ඇත. සෙල්වම් අඩෙයිතලානන්දන් උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති සත්‍යලිංගම් පළාත් සභා මන්ත්‍රීවරුන්වූ සිවමෝහන් සහ පී. ඉන්ද්‍රරාජා ඇතුළු ද්‍රවිඩ සන්ධාන ක්‍රියාකාරීහු රැසක්‌ද රජයේ තහනම නොතකමින් ඊට එක්‌වී තිබේ.

මේ පසුබිම මැද සිවාජිලිංගම් උතුරු පළාත් සභා ශාලාව තුල මුල්ලිවයික්‌කාල් සමරුව පැවැත්වීමට සැලසුම් කර තිබූ බව බුද්ධි අංශ වෙත හෙලිවී තිබිණි. ඔහු ඒ බව ද්‍රවිඩ සන්ධානයේ නායකයන්ට දැනුම් දීමෙන් වැලකුණේ එකී සැලසුම උතුරේ හමුදා බලධාරීන්ට හෙලිවනු ඇතැයි සැකයෙනි.

නව සැලසුම සාර්ථක වනු ඇතැයි සිතා පළාත් සභා ගොඩනැඟිල්ල වෙත ආනන්ද සසිකරන් සමඟ පැමිණි සිවාජිලිංගම් අන්දමන්ද වූයේ පළාත් සභා කාර්යාලය වෙත ආනන්දි සසිතරන් සමඟ පැමිණි සිවාජිලිංගම් අන්දමන්ද වූයේ පළාත් සභා කාර්යාලයේ ගේට්‌ටුව වසා තිබීමත් පොලිසිය හා ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඒ අවට රැඳීසිටිමත් නිසාය.

මේ අතර කොටින්ට සැමරීම රජය තහනම් කිරීමේ සිද්ධිය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුලද වාර්තාවිය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ තොරතුරු වාර්තාකරන මාධ්‍යපාර්ශව අතර කොටින්ගෙන් වැටුප් ලබන මාටින් රසල්ලි නමැත්තෙක්‌ද සිටී.

ඔහු විගස එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්‌ටීපන් ඩ්‍රජාරික්‌ අමතමින් ශ්‍රී ලංකා රජය මියගිය කොටින්ව සැමරීම තහනම් කර ඇති බවයි. ඒ ගැන පියවරක්‌ නොගන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

එහෙත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ බලධාරීහු මේ දක්‌වාම ඊට ප්‍රතිචාරය දක්‌වා නැත.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව කොටි මිනීමරුවන් කණ්‌ඩායම පැරදවීමේ පස්‌වැනි විජයග්‍රහණය පසුගිය ඉරිදා මාතරදී උත්කර්ෂවත් ලෙස පවත්වන අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරාව සමඟ එක්‌වූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු හමුදා බලධාරීන් විසින් කොටි ත්‍රස්‌ත නායකයන් මරාදැමූ බව කියමින් පිටු 42 ක සාවද්‍ය වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කළත්

මේ සාවද්‍ය වාර්තාවට නම්කර තිබුණේ සුදුකොඩි සිද්ධිය යනුවෙනි මේ වාර්තාවේ 42 වැනි පිටුව විමර්ශන කරන විට ඊට මුල්වී ඇති තැනැත්තා කව්දැයි සනාථ වේ. පසුගිය මාර්තු මස ජිනීවා නුවර මානව හිමිකම් සමුළු ශාලාවකදී එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌වූ යස්‌මින් සුකා සහ චැනල් 4 අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ සමඟ එකතුවී ශ්‍රී ලංකා හමුදාව ලිංගික අපරාධ සිදුකළ බවට සමුළුවක්‌ මෙහෙය වූයේද මොහුයි. මොහු බෑගයක්‌ රැගෙන සමුළු ශාලාවට පැමිණ “නවතිනු” නමින් ලියවිල්ලක්‌ බෙදාහැරියේය. එම “නවතිනු” ලාංජනයට සුදුකොඩි සිද්ධිය ගැන සකස්‌වූ සාවද්‍ය වාර්තාවේ සඳහන් විය.

මොහු මෙරටින් ස්‌විට්‌සර්ලන්තයට පැනගොස්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්‍රියාකරන වඩුමෙස්‌ත්‍රිගේ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජි නැමැති 1971 හිටපු කැරලිකරුවායි.

මෙකී සුදු කොඩි වාර්තාවේ අරමුණ වූයේ පුලිතේවන්, නඩේසන් ඇතුළු කොටි ත්‍රස්‌තයන් ඝාතනයවීම ගැන ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මේජර් ජනරාල් ජගත් ඩයස්‌ වගකිවයුතු බව පෙන්නුම් කිරීමයි.

නඩේසන් සහ පුලිතේවන් ජීවතුන් අතර නැතත් ඔවුන් නෝර්වේ තානාපතිව සිටි ටොරේ හැට්‌රන්, එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොංගාන එක්‌සත් ජාතීන්ගේ ප්‍රධාන මාණ්‌ඩලික නිලධාරි විෙ- නම්බියර් බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් මාරි කොල්වින් ඇමතූ වේලාවන් පවා එකී වාර්තාවේ සදහන් කර ඇත.

එසේම පුලිතේවන් හා නඩේසන් කළ කතාබහද එහි දක්‌වා තිබේ. මෙය සැලසුම් සහගතව ගොතන ලද ප්‍රබන්ධයක්‌ යෑයි සනාථ වේ.

මෙම සුදුකොඩි කතාවට මුල්වූයේ වන්නි මෙහෙයුම සමයේ යුද පිටියේ සිටි බව කියන මාධ්‍ය පාර්ශවයක්‌ හිටපු හමුදාපති සරත් ෙµdන්සේකාට පැවසූ බව කියන ප්‍රකාශයයි.

යටත් වීමට එන ත්‍රස්‌තයන් විනාශ කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා එවකට 58 වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට පැවසූ බව එම මාධ්‍ය පාර්ශව ප්‍රකාශ කර තිබුණි.

මෙලෙස වසර 5 කට පසු යළිත් සුදුකොඩි කතාව පිටු 42 ක ප්‍රලාප සමඟ එළිදැක්‌වෙන අවස්‌ථාවේ ඊට මුවාවී කරවල වෙලෙන්දන්, සපත්තු මහන්නන්ද, මාධ්‍යවේදීන් යෑයි හඳුන්වා ගනිමින් ස්‌විට්‌සර්ලන්තයේ සැන්ටි ගැලන් යන නගරවල සුර සැපවිදී.

එම සුදුකොඩි කතාව නිසා තමන්ටද මරණ තර්ජන එල්ල වූ බව කියමින් මාධ්‍ය යයි හඳුන්වාගත් සිවිදෙනකු වින්ට්‌තුර්, බර්න්, ප්‍රිට්‍රස්‌ යන සුරිඩ් සහ නගරවල ජීවත්වේ.

මෙම සුදුකොඩි බේගල් කතාවේ නිර්මාතෘ කවුරුන්ද?

ඒ වන්නි මෙහෙයුම සමයේ හිටපු හමුදාපතිවරයා තමන්ගේ ඥතියකු බව පවසමින් පුද්ගලික පුවත්පතක සේවය කළ බොම්බඩියර්, රුවන් ජයවර්ධන, ගෝඨාභය රණවීර, රණදේව ලලන්ත නානායක්‌කාර යන නම් වලින් ක්‍රියාකල මාධ්‍ය අඳබාලයායි.

ඔහු නේපාලය හරහා ස්‌විට්‌සර්ලන්තයට පැනගිය අතර සුදුකොඩි කතාව ගැන මානව හිමිකම් විමර්ශන මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දීමට නියමිත බව ජිනීවා ආරංචි මාර්ග දන්වයි.

මොහුට දේශපාලන රැකවරණ ලබාගැනීමට සහයවූ එක්‌සත් ජාතීන්ගේ නිලධාරීහු ආරක්‍ෂක ලේකම්වරයා, ශවේන්ද්‍ර සිල්වාට කොටින් විනාශ කරන නියෝගය දුන්නේ වන්නි යුද පිටියේ සවිකල ශබ්ද විකාශන යන්ත්‍රයකින්ද යන්න විමසා නැත.

පසුගිය 18 දා ශ්‍රී ලංකා හමුදාව කොටි පැරදවීමේ පස්‌වැනි ජයග්‍රහණය සමරන අවස්‌ථාවේ තවත් විශේෂ සිද්ධියක්‌ හෙලිවිය. ඒ ශ්‍රී ලංකා හමුදාව වන්නිමෙහෙයුමින් සමූල ඝාතනයවී ප්‍රභාකරන් ජයගනු ඇතැයි තරයේ විශ්වාස කළ ඉන්දීය මාධ්‍යවේදිනි ඇනිටා ප්‍රතාප් ඉන්දීය මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වීමයි.

ඇනිටාගේ දෛවය ඇයට සරදම් කළ බව සනාථ වූයේ ඇගේ ඇපයද රාජ සන්තකවීමයි. ඇනිටා තරග කළේ තවත් ගත්කතුවරයකුවූ කොංග්‍රස්‌ පක්‍ෂයේ කේ. වී. තෝමස්‌ය.

ඔහුට ඡන්ද 353841 ක්‌ ලැබෙද්දී ආම් ආද්මි පක්‍ෂයෙන් තරගකළ ප්‍රභාකරන්ගේ හිතවතියවූ ඇනිටාට හිමිවූයේ ඡන්ද 51517 කි.

මේ අතර 2013 වසරේ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කළ ඇමරිකානු තානාපතිනියවූ අයිරින් ඩොනහෝ හියුමන් රයිට්‌ස්‌ වොච් නැමැති ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්‍ෂිකාව ලෙස පත්වී ඇත. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ වාර්තා ඉදිරිපත් කළේ එකී සංවිධානයයි.

මෙයට සමගාමීව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ඉහල තනතුරකට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු අයදුම්කර ඇතැයිද හෙලිවිය.

කීර්ති වර්ණකුලසූරිය