Spread the News

කොටි කාඩර්ලා ලතින් අමෙරිකාවේ

තාමාරා කුනනායකම් අනතුරු අඟවයි

source:

කොටි සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් ලතින් අමෙරිකානු රටවල සිය දේශපාලන ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ඇති බව ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුනනායකම් මහත්මිය පැවසීය.

ශ්‍රී ලංකා රජය ලොව සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි විදේශ ප්‍රතිපත්ති මෙහෙයවන අතර ලතින් අමෙරිකාව සහ අප්‍රිකානු රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

විවිධ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය මෙන්ම බටහිර මාධ්‍ය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරක වැඩපිළිවෙළ හේතුවෙන් එම රටවල ජනතාව වෙත වැරදි අවබෝධයක් ලැබී ඇති බව ද කුනනායකම් මහත්මිය සඳහන් කළාය.

.