කොටි ඝාතක සමාගම සැමරීමේ මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය
එසේම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදි කිරීමට යන්නේ මියගිය කොටි නායක ප්‍රභාකරන් හා කොටි ඝාතන කල්ලිය වෙනුවෙන් නොවේද?
උතුරු පළාත් සභාවේ අරමුණ වී ඇත්තේ ලබන මැයි 18 දා මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය විවෘත කිරීමයි.
මෙලෙස ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරක ඉදි කිරීමට ඉඩ දිය යුතුද යන ප්‍රශ්නය රජය හමුවේ පවතී. 2015 නොවැම්බර් 4 වැනිදා මෙම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදිකිරීමේ මුල්ම සාකච්ඡාව උතුරු පලාත් සභාවේදී පවත්වා ඇත.
උතුරු පළාත් සභා මන්ත්‍රීවරු එම ස්‌මාරකය ඉදිකිරීමට ලබා දෙන්නේ රජය විසින් සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් මුදලිනි.
උතුරු පළාත් සභාව සිය විෂය පථයට පිටින් ක්‍රියාදාමයන් රැසකට මැදිහත් වී ඇත. පසුගියදා උතුරු පළාත් සභාව මුල්ලිවයික්‌කාල්හි සන්නද්ධ අරගලයේ අවසන් සමයේදී ඝාතනය වූ පිරිස් වෙනුවෙන් යෑයි කියමින් ස්‌මාරකයක් ඉදිකිරීමට සැලසුම් කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කර තිබේ.
මේ සඳහා පළාත් සභාවේ මන්ත්‍රීවරු තමන්ට ලැබී ඇති මුදලින් රුපියල් ලක්‍ෂය බැගින් ලබාදීමට එකඟ වී ඇත.
මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය සඳහා කටයුතු කිරීමට නව දෙනෙකුගෙන් යුත් කමිටුවක්‌ද පත් කර ඇතැයි වාර්තා වේ.
ඊට ඇන්තනී ජෙයනාදන් – විරුද්ධ පක්‍ෂ නායක එස්. නඩරාජා, එම්. සිවනේසන්, ටී. රවිකරන්, ටී. පසුපතිපිල්ලේ, ටී. පුතිර්නන් අයුබ් අස්‌මින් එම්. ත්‍යාග රාජා සහ කේ. සරෙස්‌වරන් යන මන්ත්‍රීවරු පත් කර ඇත.
මුල්ලිවයික්‌කාල් ස්‌මාරකයේ කටයුතු ජනවාරි 12 දා ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය මෙයයි. මෙම ස්‌මාරකය ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ රජයේ අවසරයක් නැතිවය. එසේම රජය සතු ඉඩමක එය ඉදි කිරීමට සූදානම් වන බව හෙළි වී තිබේ.
එසේම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදි කිරීමට යන්නේ මියගිය කොටි නායක ප්‍රභාකරන් හා කොටි ඝාතන කල්ලිය වෙනුවෙන් නොවේද?
උතුරු පළාත් සභාවේ අරමුණ වී ඇත්තේ ලබන මැයි 18 දා මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය විවෘත කිරීමයි.
මෙලෙස ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරක ඉදි කිරීමට ඉඩ දිය යුතුද යන ප්‍රශ්නය රජය හමුවේ පවතී. 2015 නොවැම්බර් 4 වැනිදා මෙම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදිකිරීමේ මුල්ම සාකච්ඡාව උතුරු පලාත් සභාවේදී පවත්වා ඇත.
උතුරු පළාත් සභා මන්ත්‍රීවරු එම ස්‌මාරකය ඉදිකිරීමට ලබා දෙන්නේ රජය විසින් සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් මුදලිනි.
මුල්ලිවයික්‌කාල් ස්‌මාරකයක් ඉදි කිරීම උතුරු පළාත් සභාවේ විෂය පථයට අයත් නැත. එහෙත් උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පළාත් සභා විෂය පථය කෙරේ. තැකීමක් කර සිය ක්‍රියාදාමයන් අරඹා ඇත.
මේ අන්දමට ඉන්දීය රජය මියගිය සීක් ත්‍රස්‌තයන් වෙනුවෙන් හෝ ඇසෑම් ත්‍රස්‌තයන් වෙනුවෙන් ස්‌මාරක ඉදිකිරීමට ඉඩ දී තිබේද?
2016 වසර අපේ ඉලක්‌ක සපුරා ගැනීමේ වසර යෑයි උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පවසා තිබුණි.
මෙරට බහුතරයේ දේශපාලන පක්‍ෂ අතර අර්බුදයක් පවතින අවස්‌ථාවේ උතුරු පළාත් සභාව බොරදියේ මාළු බෑමට සැරසෙන බව මින් පැහැදිලිවේ.
මෙම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදිකිරීමේ මෙහෙයුම ගැන සාකච්ඡාව කළ අවස්‌ථාවේ පසුගිය ඉරිදා යාපනයේදී තවත් සමරු රැස්‌වීමක් පැවැත්වුණි.
ඒ 1974 දී යාපනයේ ද්‍රවිඩ පර්යේෂණ සමුළුවේදී පස්‌දෙනෙක් මිය යැමේ සිද්ධිය සැමරීමයි. එම අවස්‌ථාවට තමිල් අරසු කච්චිනායක මාවෙයි සේනාධිරාජා උතුරු පළාත් සභාපති බී. ටී. සිවඥානම් එම්. කේ. සිවාජිලිංගම් සහ පී. කර්තියන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.
වසර 42 කට පෙර පොලිස් ප්‍රහාරයකින් මියගිය බව කියන එකී පිරිස සැමරීමට ස්‌මාරකයක්‌ද ඉදි කර තිබේ.
මේ පසුබිම මැද උතුරු මහ ඇමැති විග්නේශ්වරන් වලිකාමම් ප්‍රදේශයේ අධි ආරක්‍ෂක කලාප විමර්ශනය කිරීමටද ක්‍රියා කර ඇත.
මෙම තත්ත්වය මත උතුරු පළාත් සභාවේ අරමුණ සංහිදියාව නොවන බව තේරුම් ගැනීම අපහසු නැත. වන්නි මෙහෙයුම නිම වී වසර හතක් ගතවන අවස්‌ථාවේ උතුරු පළාත් සභාවට අවශ්‍යව ඇත්තේ කොටි ඝාතන සමාගම සැමරීමේ ස්‌මාරකයක් ස්‌ථාපිත කිරීමයි.
පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කිරීම හා උතුරට පෙඩරල් පාලනයක් දිය යුතු යෑයි ද්‍රවිඩ සන්ධානය දැනටමත් ඉල්ලා සිටී.
මේ පසුබිම මැද මුල්ලිවයික්‌කාල් ස්‌මාරකයෙහි ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතන කල්ලියේ ඡායාරූප තැන්පත් කර එය පුද පූජා පවත්වන ස්‌ථානයක් බවට පත් කිරීම සිදු නොවනු ඇතැයි කිව හැකිද?
මේ නිසා උතුරු පළාත් සභාවේ ඉලක්‌ක සපුරා ගැනීමට රජය ඉඩ දිය යුතුද යන ප්‍රශ්නය එල්ල වී ඇත.
* කීර්ති වර්ණකුලසූරිය