කොටි තර්ජන නිසා බිෂොප් පදවිය අත්හැරීම!

Spread the News

ග්‍රෙගරි ශාන්ත කුමාර් ප්‍රැන්සිස්‌ යනු කුරුණෑගල බිෂොප්වරයාය. 2010 වසරේ සිට ලංකා සභාවේ (එංගලන්ත සභාව) කුරුණෑගල බිෂොප්වරයා වශයෙන් කටයුතු කරන හෙතෙම දෙමළ ජාතිකයෙකි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස කථා කළ හැකි මේ බිෂොප්වරයා පොල්ගහවෙල දී උපත ලබා ඇත්තේ 1955 වසරේ දීය. 2010 දී කුමාර් ඉලංගසිංහ බිෂොප්තුමා විශ්‍රාම ගැනීමෙන් පසුව ප්‍රැන්සිස්‌ පියතුමා බිෂොප් පදවියට පත්කරනු ලැබුවේ කැන්ටබරියේ අගරදගුරු රොවන් විලියම් පියතුමා විසිනි.

දෙදරු පියකු වන ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර සිටියේ තමා මේ පදවියෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බවය. මේ ඉල්ලා අස්‌වීමේ ප්‍රකාශයට එතරම් මාධ්‍ය ආවරණයක්‌ නොලැබුණේ ජනපතිවරණය නිසා දැයි අපට පැහැදිළි නැත. නමුත් මෙතුමා හදිසියේ ඉල්ලා අස්‌වන්නේ පෞද්ගලික ප්‍රශ්නයකට නම් නොවේ. ඒ අන් කිසිවක්‌ නිසා නොව එල්.ටී.ටී.ඊ. තර්ජන නිසාය. කොටි ඩයස්‌පෝරාවේ තර්ජන නිසාය. බිෂොප්වරයෙක්‌ තම පදවිය කොටි තර්ජනය නිසා හැර යන තත්ත්වයක්‌ උදාවී ඇතත් මේ ගැන කතා කරන පිරිස ගැන නම් අපට අසන්නට දකින්නට නොමැත.

ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා ප්‍රකාශ කරන්නේ තමන් දෙමළ ජාතිකයකු ලෙස උපන් මවුබිම කොටි ඩයස්‌පෝරාවට පාවා දීමට සූදානම් නොමැති බවයි. ලංකා සභාවේ පස්‌වැනි බිෂොප්වරයාට එල්ල වන කොටි තර්ජන ගැන නම් එංගලන්ත සභාව මෙතෙක්‌ කිසිවක්‌ ප්‍රකාශ කර නැත. එම ප්‍රකාශය නිකුත් කරන්නේ ජනාධිපතිවරණයෙන් පසුවද?

අප සැබවින්ම ශ්‍රී ලාංකිකයන් ලෙස මෙන්ම මවුබිමට හිතැති ශ්‍රී ලාංකිකයන් ලෙස ප්‍රැන්සිස්‌ බිෂොප්තුමාගේ දේශප්‍රේමී ස්‌ථාවරය අගය කළ යුතුය. විශේෂයෙන්ම ඔහු දෙමළ ජාතිකයකු ලෙස කොටි ඩයස්‌පෝරාවට අවනත නොවීම සැබැවින්ම අගය කළ යුතුය. කතෝලික සභාවේ මන්නාරම බිෂොප් රායප්පු ජෝශප් ලංකා රජය ගැන කවර ස්‌ථාවරයක්‌ දරන්නේද යන්න අපි හොඳින් දනිමු. ඔහුගේ කොටි සුරතල් තවමත් අවසන් වී නැත. මන්නාරමේ රදගුරු එලෙස ක්‍රියා කරද්දී ලංකා සභාවේ කුරුණෑගල බිෂොප්වරයාගේ දේශප්‍රේමිභාවය අගය කළ යුතු නොවේද?

කුරුණෑගල, නුවර, මාතලේ, කෑගල්ල, අනුරාධපුර, නුවරඑළිය, පොලොන්නරුව යන දිස්‌ත්‍රික්‌කවල ලංකා සභාවේ ආගමික කටයුතු පිළිබඳව ප්‍රධාන වගකීම දැරූ මෙතුමා කොටි ඩයස්‌පෝරාවේ චෝදනාවට ලක්‌වූයේ කවර හේතුවක්‌ නිසාද? 2012 මාර්තු මාසයේදී පැවත්වූ පුවත්පත් සාකච්ඡාව නිසාය. නුවර දී පැවැත්වූ මෙම පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට දෙමළ ඩයස්‌පෝරාවගෙන් හෝ පරාජිත කොටි සංවිධානයේ හිතවාදීන්ගෙන් මානව හිමිකම් ආරක්‍ෂා කර ගැනීම සඳහා උපදෙස්‌ අවශ්‍ය නැති බවයි. ලංකා සභාවේ බිෂොප්වරයකු මෙවැනි ප්‍රකාශයක්‌ කිරීම ගැන කොටි හිතවාදීහු බලවත් කෝපයට පත්වූහ. මේ නිසාම 2012 මැයි 17 වැනිදා ප්‍රබල කොටි හිතවාදියකු වන ආචාර්ය බ්‍රයන් සෙනෙවිරත්න නමැත්තා ප්‍රැන්සිස්‌ බිෂොප්තුමාට ලිපියක්‌ එවමින් දැඩි ලෙස දොaෂාරෝපණය කළ අතර එය මෙරට විකල්ප වෙබ් අඩවිවල පළවිය. මෙහිදී ආචාර්ය සෙනෙවිරත්න තම ලිපිය මගින් ලංකා සභාවේ බිෂොප්වරයා විවේචනය කරමින් සඳහන් කර තිබුණේ “රාජපක්‍ෂ රෙජීමය” ආරක්‍ෂා කිරීමට ගන්නා වෑයම ගැන තමන් විමතියට පත්වන බවය.s කොටි හිතවාදී සෙනවිරත්න මේ ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ එතෙක්‌ මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ බිහිවූ දරුණුතම හා ම්ලේච්ඡතම ආණ්‌ඩුව රාජපක්‍ෂ ආණ්‌ඩුව බවය.

මෙරට සමහර දේශපාලකයන් මෙන්ම සමහර ආගමික කොටස්‌ද උත්සාහ කරන්නේ ආණ්‌ඩු වෙනසක්‌ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ කෙසේ හෝ උදාකර ගැනීමය. ජනපතිවරණයේ දී ද මේ තත්ත්වය හොඳින්ම දැකගත හැකිය. නමුත් දැන් ජනාධිපතිවරණය නිමාවී ඇති නිසා ඒවා ගැන යළි පුනරුච්ඡාරණය කළ යුතු නැත. ජනපතිවරණය නිමාවූවත් කොටි තර්ජනය නිමාවන්නේ නැත. එලිලන්ගේ බිරිඳ ආනන්දි සසිදරන් යාපනයේ දෙමළ ජනතාවට ඡන්දය වර්ජනයට උපදෙස්‌ දෙමින් ප්‍රකාශ කළේ කවරක්‌ද? ප්‍රභා නැවතූ තැනින් සටන ආරම්භ කළ යුතු බව නොවේද? කොටි ඩයස්‌ෙµdaරාවේ ප්‍රධානියකු වන එම්මානුවෙල් පියතුමාට අවශ්‍ය කෙසේ හෝ මියගිය ප්‍රභාකරන්ට යළි ප්‍රාණ වායුව පිඹීමටය. එසේ නම් අපේ මේ මවුබිමට හිතැති ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා ආරක්‍ෂා කළ යුතු නොවන්නේද?

2013 අගෝස්‌තු මාසයේදී සන්ඩේ අයිලන්ඩ් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ තමන්ට කිසිම විටක ලක්‍ෂ්මන් වික්‍රමසිංහ බිෂොප්වරයා ලෙස කටයුතු කළ නොහැකි බවය. ඇත්තෙන්ම ලක්‍ෂ්මන් වික්‍රමසිංහ යනු රනිල් වික්‍රමසිංහ විපක්‍ෂ නායකතුමාගේ බෑණාය. ඔතුමා මීට කලකට පෙර ලංකා සභාවේ කුරුණෑගල බිෂොප්වරයා ලෙස කටයුතු කළේය. කෙසේ නමුත් බොහෝ පිරිස්‌ චෝදනා කර සිටියේ µeන්සිස්‌ බිෂොප්තුමා කටයුතු කරන්නේ ලක්‍ෂ්මන් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපයට හාත්පසින්ම වෙනස්‌ ආකාරයට බවය. එහෙත් සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා මෙසේ ප්‍රකාශ කර තිබිණි. ලක්‍ෂ්මන් වික්‍රමසිංහ බිෂොප්තුමා සෑම විටම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කථා කළා. ඇත්තටම ඔහු සිංහල ප්‍රභූ පවුලක කෙනෙකි. එනිසා සුළු ජාතික අයිතීන් ගැන කථා කළා. නමුත් මම දෙමළ ජාතිකයෙක්‌. මම ජාතීන් අතර සහනශීලිත්වය වෙනුවෙන් කථා කළ යුතුයි. සිංහල බෞද්ධ බහුතරයේ මතය හඳුනාගත යුතුයි. එනිසා මම කටයුතු කළ යුත්තේ ජාතීන් අතර එකමුතුභාවය සහනශීලිත්වය වෙනුවෙන්. එනිසා මට ලක්‍ෂ්මන් වික්‍රමසිංහ වෙන්න බැහැ.

එලෙස ජාතීන් අතර සහයෝගය ගොඩනැඟූ සිංහල බෞද්ධ බහුතරයේ හැඟීම් හඳුනාගත් ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා කොටි ඩයස්‌ෙµdaරාවේ තර්ජන හමුවේ සිය ධුරය හැරයැමට තීරණය කිරීම ගැන මෙරට බහුතරය විශේෂයෙන් සිංහල ක්‍රිස්‌තියානි භක්‌තිකයන් පවසන්නේ කුමක්‌ද? අප මේ ගැන විමසිල්ලෙන් පසුවෙමු. කොටි තර්ජන තවමත් අවසන් වී නැති බවට මෙය හොඳ නිදසුනකි.

* චතුර පමුණුවග්‍රෙගරි ශාන්ත කුමාර් ප්‍රැන්සිස්‌ යනු කුරුණෑගල බිෂොප්වරයාය. 2010 වසරේ සිට ලංකා සභාවේ (එංගලන්ත සභාව) කුරුණෑගල බිෂොප්වරයා වශයෙන් කටයුතු කරන හෙතෙම දෙමළ ජාතිකයෙකි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස කථා කළ හැකි මේ බිෂොප්වරයා පොල්ගහවෙල දී උපත ලබා ඇත්තේ 1955 වසරේ දීය. 2010 දී කුමාර් ඉලංගසිංහ බිෂොප්තුමා විශ්‍රාම ගැනීමෙන් පසුව ප්‍රැන්සිස්‌ පියතුමා බිෂොප් පදවියට පත්කරනු ලැබුවේ කැන්ටබරියේ අගරදගුරු රොවන් විලියම් පියතුමා විසිනි.

දෙදරු පියකු වන ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර සිටියේ තමා මේ පදවියෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බවය. මේ ඉල්ලා අස්‌වීමේ ප්‍රකාශයට එතරම් මාධ්‍ය ආවරණයක්‌ නොලැබුණේ ජනපතිවරණය නිසා දැයි අපට පැහැදිළි නැත. නමුත් මෙතුමා හදිසියේ ඉල්ලා අස්‌වන්නේ පෞද්ගලික ප්‍රශ්නයකට නම් නොවේ. ඒ අන් කිසිවක්‌ නිසා නොව එල්.ටී.ටී.ඊ. තර්ජන නිසාය. කොටි ඩයස්‌පෝරාවේ තර්ජන නිසාය. බිෂොප්වරයෙක්‌ තම පදවිය කොටි තර්ජනය නිසා හැර යන තත්ත්වයක්‌ උදාවී ඇතත් මේ ගැන කතා කරන පිරිස ගැන නම් අපට අසන්නට දකින්නට නොමැත.

ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා ප්‍රකාශ කරන්නේ තමන් දෙමළ ජාතිකයකු ලෙස උපන් මවුබිම කොටි ඩයස්‌පෝරාවට පාවා දීමට සූදානම් නොමැති බවයි. ලංකා සභාවේ පස්‌වැනි බිෂොප්වරයාට එල්ල වන කොටි තර්ජන ගැන නම් එංගලන්ත සභාව මෙතෙක්‌ කිසිවක්‌ ප්‍රකාශ කර නැත. එම ප්‍රකාශය නිකුත් කරන්නේ ජනාධිපතිවරණයෙන් පසුවද?

අප සැබවින්ම ශ්‍රී ලාංකිකයන් ලෙස මෙන්ම මවුබිමට හිතැති ශ්‍රී ලාංකිකයන් ලෙස ප්‍රැන්සිස්‌ බිෂොප්තුමාගේ දේශප්‍රේමී ස්‌ථාවරය අගය කළ යුතුය. විශේෂයෙන්ම ඔහු දෙමළ ජාතිකයකු ලෙස කොටි ඩයස්‌පෝරාවට අවනත නොවීම සැබැවින්ම අගය කළ යුතුය. කතෝලික සභාවේ මන්නාරම බිෂොප් රායප්පු ජෝශප් ලංකා රජය ගැන කවර ස්‌ථාවරයක්‌ දරන්නේද යන්න අපි හොඳින් දනිමු. ඔහුගේ කොටි සුරතල් තවමත් අවසන් වී නැත. මන්නාරමේ රදගුරු එලෙස ක්‍රියා කරද්දී ලංකා සභාවේ කුරුණෑගල බිෂොප්වරයාගේ දේශප්‍රේමිභාවය අගය කළ යුතු නොවේද?

කුරුණෑගල, නුවර, මාතලේ, කෑගල්ල, අනුරාධපුර, නුවරඑළිය, පොලොන්නරුව යන දිස්‌ත්‍රික්‌කවල ලංකා සභාවේ ආගමික කටයුතු පිළිබඳව ප්‍රධාන වගකීම දැරූ මෙතුමා කොටි ඩයස්‌පෝරාවේ චෝදනාවට ලක්‌වූයේ කවර හේතුවක්‌ නිසාද? 2012 මාර්තු මාසයේදී පැවත්වූ පුවත්පත් සාකච්ඡාව නිසාය. නුවර දී පැවැත්වූ මෙම පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට දෙමළ ඩයස්‌පෝරාවගෙන් හෝ පරාජිත කොටි සංවිධානයේ හිතවාදීන්ගෙන් මානව හිමිකම් ආරක්‍ෂා කර ගැනීම සඳහා උපදෙස්‌ අවශ්‍ය නැති බවයි. ලංකා සභාවේ බිෂොප්වරයකු මෙවැනි ප්‍රකාශයක්‌ කිරීම ගැන කොටි හිතවාදීහු බලවත් කෝපයට පත්වූහ. මේ නිසාම 2012 මැයි 17 වැනිදා ප්‍රබල කොටි හිතවාදියකු වන ආචාර්ය බ්‍රයන් සෙනෙවිරත්න නමැත්තා ප්‍රැන්සිස්‌ බිෂොප්තුමාට ලිපියක්‌ එවමින් දැඩි ලෙස දොaෂාරෝපණය කළ අතර එය මෙරට විකල්ප වෙබ් අඩවිවල පළවිය. මෙහිදී ආචාර්ය සෙනෙවිරත්න තම ලිපිය මගින් ලංකා සභාවේ බිෂොප්වරයා විවේචනය කරමින් සඳහන් කර තිබුණේ “රාජපක්‍ෂ රෙජීමය” ආරක්‍ෂා කිරීමට ගන්නා වෑයම ගැන තමන් විමතියට පත්වන බවය.s කොටි හිතවාදී සෙනවිරත්න මේ ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ එතෙක්‌ මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ බිහිවූ දරුණුතම හා ම්ලේච්ඡතම ආණ්‌ඩුව රාජපක්‍ෂ ආණ්‌ඩුව බවය.

මෙරට සමහර දේශපාලකයන් මෙන්ම සමහර ආගමික කොටස්‌ද උත්සාහ කරන්නේ ආණ්‌ඩු වෙනසක්‌ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ කෙසේ හෝ උදාකර ගැනීමය. ජනපතිවරණයේ දී ද මේ තත්ත්වය හොඳින්ම දැකගත හැකිය. නමුත් දැන් ජනාධිපතිවරණය නිමාවී ඇති නිසා ඒවා ගැන යළි පුනරුච්ඡාරණය කළ යුතු නැත. ජනපතිවරණය නිමාවූවත් කොටි තර්ජනය නිමාවන්නේ නැත. එලිලන්ගේ බිරිඳ ආනන්දි සසිදරන් යාපනයේ දෙමළ ජනතාවට ඡන්දය වර්ජනයට උපදෙස්‌ දෙමින් ප්‍රකාශ කළේ කවරක්‌ද? ප්‍රභා නැවතූ තැනින් සටන ආරම්භ කළ යුතු බව නොවේද? කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානියකු වන එම්මානුවෙල් පියතුමාට අවශ්‍ය කෙසේ හෝ මියගිය ප්‍රභාකරන්ට යළි ප්‍රාණ වායුව පිඹීමටය. එසේ නම් අපේ මේ මවුබිමට හිතැති ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා ආරක්‍ෂා කළ යුතු නොවන්නේද?

එලෙස ජාතීන් අතර සහයෝගය ගොඩනැඟූ සිංහල බෞද්ධ බහුතරයේ හැඟීම් හඳුනාගත් ප්‍රැන්සිස්‌ බිෂොප්තුමා කොටි ඩයස්‌ඩයස්‌පෝරාවේ තර්ජන හමුවේ සිය ධුරය හැරයැමට තීරණය කිරීම ගැන මෙරට බහුතරය විශේෂයෙන් සිංහල ක්‍රිස්‌තියානි භක්‌තිකයන් පවසන්නේ කුමක්‌ද? අප මේ ගැන විමසිල්ලෙන් පසුවෙමු. කොටි තර්ජන තවමත් අවසන් වී නැති බවට මෙය හොඳ නිදසුනකි.

* චතුර පමුණුව