Spread the News

කොටි ත්‍රස්‌තවාදීන් 13 දෙනකුට අන්තර්ජාතික වරෙන්තු
source:
කීර්ති වර්ණකුලසූරිය 

කොටි ජාත්‍යන්තර ජාලයට අයත් ත්‍රස්‌තවාදීන් 13 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය විසින් ඊයේ (02 වැනිදා) අන්තර්ජාතික වරෙන්තු ප්‍රකාශයට පත්කර ඇත.

ලිංගේස්‌වරන් සිවරාසා, කනගලිංගම් ප්‍රේමරාජා, කනින්සලම් ශ්‍රී ශංකර්- මානික්‌කාවාසගර් නදීපන් කනගරාජා රවිශංකර්, ශන්මුගයුන්දරම් සතිෂ් කුමාර් සේවා, විනයගමුර්ති සිතර්පිල්ලේ, වෙට්‌පිල්ලේ, රෙමනන් රාජා,වඩිවේල් නවෝදරන් පිල්ලේ සුදර්ශන්, නදී රාසන් පිල්ලේ, ජිනාන් මුරුගේසු පිල්ලේ යන මෙම කොටින් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මෙම නියෝගය නිකුත් කර ඇත.

ත්‍රස්‌තවාදී ක්‍රියා සහ ද්‍රවිඩයන් විදේශ රටවල ප්‍රවාහනය කිරීම යන චෝදනා මොවුන්ට එල්ල වී තිබේ.

ජාත්‍යන්තර පොලිසිය විසින් කොටි ජාත්‍යන්තර ජාලයේ පිරිසකට වරෙන්තු ප්‍රකාශ කළ මුල් අවස්‌ථාව මෙයයි.