කොටි නායකයන් පස්‌ දෙනකු ඇතුළු ද්‍රවිඩ ජාතිකයන් 500 ක්‌ රට පැන්නූ ජාවාරම්කරු දැලේ

Spread the News

කොටි නායකයන් පස්‌ දෙනකු ඇතුළු
ද්‍රවිඩ ජාතිකයන් 500 ක්‌ රට පැන්නූ ජාවාරම්කරු දැලේ

කීර්ති වර්ණකුලසූරිය source:

කොටි ත්‍රස්‌ත නායකයන් පස්‌දෙනකු ඇතුළු ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 500 ක්‌ නීති විරෝධී ලෙස සන් සී නැවෙන් කැනඩාවට ගෙන ගිය ජාවාරම්කරුවකු වන නයාකරන් මාර්නන්දු නමැත්තා ප්‍රංශ බුද්ධි සේවාව විසින් පෙරේදා (5 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

යාපනයේ පදිංචිකරුවකු වන නයාකරන් යාපනය කොටි හමුදා නායකව සිටි තීපන්ගේ සමීපතම ඥාතියෙකි.

ඔහු අසුවූ අවස්‌ථාවේ ව්‍යාජ ප්‍රංශ ගමන් බලපත්‍රයක්‌ තිබී සොයාගත් බව ප්‍රංශ බලධාරීන් විසින් හෙළිකර ඇත.

මෙයට පෙර තායි බලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවත් නීති විරෝධී භාණ්‌ඩ ලබාගැනීම සම්බන්ධ චෝදනා මත ඩොලර් 320 ක දඩයක්‌ නියමවීමෙන් පසු නිදහස්‌ කර ඇත.

මේ කොටි ජාවාරම්කරු කැනඩාවට බාරදෙන ලෙස කැනඩා පොලිසිය විසින් ප්‍රංශ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

මේ අතර නයාකරන්ව ප්‍රංශ බලධාරීන්ගෙන් මුදාගැනීම සඳහා ප්‍රංශ කොටි ජාලය විසින් ඉහළ පෙළේ නීතිවේදීන් දෙදෙනකුගේ සහාය පතා ඇත.