Spread the News

කොටි ස්‌මාරකයට රජය අවසර නොදෙයි

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන SOURCE:

මුල්ලිවයික්‌කාල්හි කොටි ස්‌මාරකයක්‌ ඉදිකිරීම සඳහා උතුරු පළාත් සභාවට අවසර දීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත. 2009 මැයි 19 දා මියගිය පිරිස සැමරීම සඳහා මෙම ස්‌මාරකය ඉදිකිරීමට උතුරු පළාත් සභාව තීරණය කර තිබේ.

“මෙය ජාතික ආරක්‍ෂාවට අදාළ ප්‍රශ්නයක්‌. උතුරේ හමුදා ස්‌මාරකයට එරෙහිව මෙවැනි ස්‌මාරක ඉදිකිරීමට ඉඩදිය නොහැකියි යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (28 දා) පැවසීය.

මෙම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදිකිරීමට සැලසුම් කිරීමේ වැඩපිළිවෙළ පසුපස ද්‍රවිඩ සන්ධානයේ කොටි හිතවාදී කණ්‌ඩායම සිටින බව බුද්ධි අංශ විසින් රජයට දන්වා ඇත. මුල්ලිවයික්‌කාල්හි මියගිය කොටි සැමරීමේ ස්‌මාරකයක්‌ තමිල්නාඩුවේ තංජවූර්හිදී ඉදිකර ඇත.