Spread the News

කොටි සාමාජිකයෝ 6 ක්‌ කල්කටා පොලිස්‌ දැලේ

චතුර පමුණුව

කොටි සාමාජිකයන් හයදෙනකු කල්කටා නුවරදී ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් සිකුරාදාය. මොවුන් චෙන්නායි නුවර සිට කල්කටාවට පැමිණ ඇත්තේ අත්අඩංගුවට පත්වීමට දින හතරකට පෙරය. මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ ගුණසේකරන් හා බාලසිංහම් යන දෙදෙනා කොටි සංවිධානයේ නායකයන් දෙදෙනෙකු බව ඉන්දීය මාධ්‍ය කීය.

මාවෝවාදීන් සමඟ සම්බන්ධතාවකට මොවුන් කල්කටාවට පැමිණියේ ද යන්න ගැන එරට පොලිසිය පරීක්‍ෂණ පවත්වති.