Spread the News

කොටි සැමරුමට බ්‍රිතාන්‍ය ආවඩයි

කීර්ති වර්ණකුලසූරිය

බ්‍රිතාන්‍ය රජය කොටි තහනම බිඳ දමමින් ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීම සඳහා කොටි ඩයස්‌පෝරාවට ඉඩදී ඇත.

එසේම කැනඩාවේ කොටි නායකයකු වූ ලාකස්‌ සුන්දරලිංගම් නමැත්තාට ප්‍රභාකරන් සැමරීමේ දේශනය පැවැත්වීම සඳහා ද අවසර දී තිබේ.

බ්‍රිතාන්‍ය තුළ කොටි සමරුව පැවැත්වීමට අවසර නොදෙන ලෙස නේස්‌බි සාමිවරයා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් බ්‍රිතාන්‍ය රජය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ දී ඇත.

එක්‌සල් මන්දිරයේ පැවැති මෙම කොටි සමරුවේදී ස්‌ටර්ලින් පවුම් 50 බැගින් එකතු කර තිබේ