වරෙව් , වරෙව් , වරෙව් , වරෙව්
වරෙව් , වරෙව් …….//
කොල්ලනේ වරෙව්
සිහල කෙල්ලනේ වරෙව්
නිදාසිටියා ඇති බොලව් දැන් , මිහිර වින්දා මදිද තොපි දැන් ,
තැලී පොඩිවෙන අපේ උරුමය රකී සිතුවද අන් එවුන් .
වරෙව් , වරෙව් ,……….
කියාපිය කුලුගෙඩියටත් , ඌට පනදෙන කහවනුවටත්,
තලන්නේ තොපි කුලක් නොව බොල , පුදා උවටැන් කලයුතු උරුමයක්.
වරෙව් වරෙව්……….වරෙව්….
කෙලක් රහතුන් වැඩ විසූ ,
කපක් හෙලයන්ට වැඩ සැදූ ,
කපක් නොසිදී පවත්වන කය
ඉන්මුදා ….පරම සුඛයට පමුනුවාලන ,
ලෙයත් පුදසුන මත තබා පිදුවද
අහවරක් නැති පින්කමක් සතු
නොසිදෙනා මහ මෙහෙවරක් සතු
දැයක ,
කටත් , බඩගෙඩියටත්…. ලොල්වී…..
තොපි ….. …….මකන්නේ…………
ඉනක් නැනයේ ගිලී රැකිය යුතුවූ ,
අති ශ්‍රේෂ්ඨ වූ අබිමානයක්.
ව.රෙව්… වරෙව්…… ව.රෙව්…..
-වෛද්‍ය ධම්මික විජේරත්න