”බුදු බව පතන බෝසත්වරුන් මහමෙර පරයන සේ හිස් ගොඩක් ඇස් ගොඩක් දන් දුන්නා යන්න අපි දන්නවා ඒ බෝසත් උතුමන්ලා සංසාරයේ අනේක ජාතිවල දී හිස්, ඇස් ආදිය දන් දුන්නා යැයි ද අපි ජාතියක් වශයෙන් විශ්වාස කරනෙමු. නැති බැරි දුප්පත් එක මිනිසෙකුගේ, වතුර පොදක් දී සිත සනසන්නට පිපාසය සංසිදවාලන්ට සිත ගොඩ නංවා ගන්නට පුලුවන්නම් ඒ ඇත්ත වශයෙන්ම එය බුදු පියාණන් ගේ මඟ යන්නෙකුට කල හැකි දෙයකි. වත් පොහොසත්කම් ඇති අපේ බොහෝ පුද්ගලයන් අහසේ වළාකුළු කපා යන තරම් උස් ඝණ්ඨාස්ථම්භ, වෙහෙර , විහාර ආදිය ගොඩ නංන්වන්නට වෙහෙසෙතත්, නැති බැරි එක මනුෂයකෙකුගේ සිත සනසන්නට සිත ගොඩ නංවා ගන්නට පිහිටක් වන්නේ නම් කවරෙකුට හෝ කළ හැකි උසස්ම පූජාව එය වන්නේය. එදා පිංතාලියකට දින පතා දිය රැස්කර තැබූ ගැමියෙකු ගේ පුණ්‍ය ක්‍රියාව පිළිබිඹු කළේ ද එවන් පුජාවකි. ඒ උතුම් පුජාව කිරීම මහනුවර නගර සභාවේ බලය ඇත්තන්ට පිපාසයක් ඇතිවේවා. පිරිසුදු සිතින් යමක් කල හැකිවේද එය කුසල් ක්‍රියාවක් වේ. ඒ අනුව ද එය පූජාගත දානයක් ද වේ.”
මේදවස්වල ශ්‍රීලංකාව තුල අධික උෂ්ණත්වයක් දහවල් කාලය පුරාවටම තිබෙන නිසා මහනුවර නගරයට පැමිණෙන බොහෝ පිරිස් පිපාසය සන්සිදවගන්න බැරිව පිඩා විදිනවා. සමහර විට බස් වල තද බදය හා කාල පරක්කුව නිසා. පැය ගන්නන් බස් නැවතුම් වල ලගින නගර වැසියන්ද දැකගැනීමට හැකියි. ඔරලෝසු කනුව අසල, ටොරින්ටන් උද්‍යානය අසල, ගුඩ් ෂෙඩ් බස් නැවතූම් පලවල මෙන්ම , බෝගම්බර හා මහනුවර කච්චේරිය ඉදිරිපස ඇති බස් නැවතුම් පලවල්වල පවා සිටින කාන්තා ,ළමා ලපටි, මහළු උදවිය මෙන්නම්, තවත් කි නොකී පිරිස් බිමට පිරිසිදු වතුර ටිකක් ලබාගැනීමට නොහැකිව අධික පිපාසයෙන් කාලය ගත කරනවා. සුන්දර මහනුවර නගරයට පැමිණෙන හැමට හැමදෙනාටම හෝටලයකට ඇතුල් වීමට තරම් මේ අතමිට මුදල් නැති කාලයකුත් බැවින් නාගරික කොමසාරිස් තුමාගෙන් නගර වැසියන් වන අප ඉල්ලා සිට්ටින්නේ එකම එක දෙයයි.ඒ බිමට පිරිසදු වතුර පොදක් ලබාදෙන ලෙසයි.
එදා අප මහ මග ගමන් කරන මගීන්ගේ පැන් පවස සංසිඳුවා ගැනීම පිණිස මාර්ගය අසල තබා ඇති පානීය ජල බඳුන පිංතාලිය/පැන්තාලිය තැබුවා වගේ. මහනගර සභාවේ අනුග්‍රහායෙන් මහ මග යන එන්නන්ගේ පිපාසය සංසිඳවා ගනු පිරිසිදු වතුර පොදක් ලබාගත හැකි ස්ථාන සකස් කර දෙනමෙන් ඉල්ලමු.
එය උසස් පින්කමක් ලෙසද , අප විශ්වාස කරන්නෙමු.
පාලිත ආරියරත්න – සිංහලේ දිනපොත ප්‍රධන කතෘ