ගව ඝාතනයට විරෝධය පා හිමිනමක් සිරුරට ගිනි තබාගෙන

Spread the News

ගව ඝාතනයට විරෝධය පා හිමිනමක් සිරුරට ගිනි තබාගෙන

අසේල කුරුළුවංශ Dinamina.lk

මෙරට ගව ඝාතනයට විරෝධය දක්වමින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වෙසක් පුන්පොහෝ දිනය වූ ඊයේ (24) පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේදී සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතළ පිලිස්සුම් තුවාල ලැබ මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි සිට හෙලිකොප්ටර් මඟින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර එවීමට පියවර ගෙන තිබේ.

මේ හිමිනම ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ වූ රථ ගාලට පැමිණ එහි බෝ ගස අසලදී සිරුරට පෙට්රල් වත් කර ලයිටරයක් මඟින් ගිනි තබා ගෙන මහ හඬින් පවසා ඇත්තේ මෙරට ගව ඝාතනය නැවැත්විය යුතු බවයි.

අදාළ ස්ථානයේ එම අවස්ථාවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වෙසක් දන්සලක් ක්‍රියාත්මක වෙමින් තිබූ අතර ඊට සහභාගී වූ පිරිස් මහත් පරිශ්‍රමයක් දරු ගින්න නිවා හිමිනම රෝහලට රැගෙන ගොස් ඇත.

සිරුරට ගිනි තබාගත් හිමිනම රත්නපුර කහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන රතනසාර නමැති භික්ෂුවක බව දැන ගන්නට තිබේ.

මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කිරීමෙන් පසු එම හිමිනම පවසා ඇත්තේ ගව ඝාතනය මෙරට නතර නොවුණොත් ඊට විරෝධය දක්වා තවත් පිරිස් දිවි හානිකර ගැනීමට සූදානමින් සිටින බවයි.

ගව ඝාතනයට විරෝධය දක්වන බව කියමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ක්වින්ස් හෝටලය අසල දී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර අපවත් වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ‘එසැණට‘ පැවැසීය.

උසස් අර්ථයෙන් සිය දිවි නසා ගැනීමෙන් කිසිදු පවක් සිදු නොවේ. තම තමන්ගේ ධර්ම විනිශ්චයන් පසෙක ලා රේරුකානේ හිමියන්ගේ ධර්ම විනිශ්චය පොතේ මීට අදාළ විග්‍රහය කියවා බලන ලෙස මේ අවස්ථාවේ මම අපේ රටේ බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිනවා

One thought on “ගව ඝාතනයට විරෝධය පා හිමිනමක් සිරුරට ගිනි තබාගෙන

  1. උසස් අර්ථයෙන් සිය දිවි නසා ගැනීමෙන් කිසිදු පවක් සිදු නොවේ. තම තමන්ගේ ධර්ම විනිශ්චයන් පසෙක ලා රේරුකානේ හිමියන්ගේ ධර්ම විනිශ්චය පොතේ මීට අදාළ විග්‍රහය කියවා බලන ලෙස මේ අවස්ථාවේ මම අපේ රටේ බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිනවා

    http://balawegaya.wordpress.com/2011/04/11/%E0%B6%AE%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AE-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD/

Comments are closed.