Spread the News

 

ගිංතොට “ග්‍රීස්‌ යකෙකු” සෙවීමට ගිය
පොලිසියට ප්‍රදේශවාසීහු පහර දෙති

කොස්‌තාපල්වරයෙක්‌ තුවාල ලබා රෝහලට
source:
ගාල්ල – එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ – ලලිත් චාමින්ද

ගාල්ල ගින්තොට ප්‍රදේශයේ ග්‍රීස්‌ යකෙකු සිටින බවට පොලිසියට ලැබුණ තොරතුරකට අනුව ඊයේ අලුයම (23 දා) එම ස්‌ථානයට ගිය ගාල්ල පොලිසියේ නිලධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන් පහරදීම හේතුවෙන් පොලිස්‌ කොස්‌තාපල්වරයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ගාල්ල පොලිස්‌ හදිසි ඇමතුම් අංශයේ සේවය කළ පො. කො. (34357) නිරෝෂන් නමැති නිලධාරියෙකි.

ගිංතොට ප්‍රදේශයේ ග්‍රීස්‌ යකෙකු සිටින බවට පොලිසියට ලැබුණ තොරතුරකට අනුව ගාල්ල පොලිසියේ ජංගම මුර සංචාරක රථය එහි පිටත්කර හැර ඇත.

මෙහිදී පොලිස්‌ නිලධාරීන් ගිංතොට ප්‍රදේශයට ගොස්‌ විමර්ශන ආරම්භ කර ඇත.

මෙහිදී සෙනඟ අතර සිටි පිරිසක්‌ විසින් පොලිසිය මෙහි ආවේ කුමකටදැයි අසමින් අපගේ ප්‍රශ්න අපි බේරගන්නම් කියමින් පොලිස්‌ නිලධාරීන්ට පහරදී ඇත. එහි පැමිණි යුද හමුදාව විසින් පොලිස්‌ නිලධාරීන් පිරිස බේරාගෙන ඇත.

ගාල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක සතිෂ් ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශාධිපති රොහාන් වික්‍රමසේන මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.