Spread the News

ගිය ආණ්‌ඩුව කළ වැරදි යහපාලන ආණ්‌ඩුවත් කරනවා

පැෆරල් විධායක අධ්‍යක්‍ෂ

චමින්ද සිල්වා

මැතිවරණ සමයේ පසුගිය රජය කළ වැරදිම යහපාලන ආණ්‌ඩුව මගින්ද සිදුකරමින් සිටින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (5 වැනිදා) පැවැසීය.

මැතිවරණයක්‌ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නව පත්වීම්, ස්‌ථාන මාරුවීම් පසුගිය රජය මගින් සිදුකළ බවත් එම වැරැද්දම මේ වන විට වත්මන් රජය මගින්ද සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බවත් හෙතෙම පැවැසීය.

මේ වන විට ඖෂධ අධිකාරියට, වෘත්තීය පුහුණු අධිකාරියට, තරුණ සේවා සභාවට, පළාත්පාලන ලේකම්වරුන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් පත්වීම් ලබාදීම් සහ පත්වීම් ලබාදීමට සූදානම්වීම් වාර්තාවී ඇතැයිද කී හෙට්‌ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කිරීමට කටයුතු කරන බවද පැවැසීය.