Spread the News

චන්දිමට සහ අනෝමාට කෝටි 6ක සැප වාහන 2ක්‌

ශිරාන් රණසිංහ

යහපාලන රජයේ ඛනිජ තෙල් කර්මාන්ත හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතාගේ හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියගේ පරිහරණය සඳහා රුපියල් ලක්‍ෂ හයසියකට (කෝටි 6 කට) ආසන්න වටිනාකමින් යුත් බී. එම්. ඩබ්ලිව්. වාහන දෙකක්‌ ආනයනය කිරීමට අනුමැතිය ලබාගෙන තිබේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හෙවත් සී. පී. එස්‌. ටී. එල්. ආයතනයේ මුදල් යොදවා මෙම සුඛෝපභෝගී වාහන දෙක මිලදී ගැනීම සඳහා හදිසියේ පිහිටවූ තාක්‍ෂණික කමිටුවේ සහ නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ද අනුමැතිය ලබාගෙන ඇත.

පසුගිය රජයේ ඇමැතිවරුන් පරිහරණය කළ KI 2091, KI – 0786 “KD – 2399” K H 4355 යන අංක සහිත මොන්ටේරෝ රථ හතරක්‌ හා KD – 4078 දරන අංකය සහිත බී. එම්. ඩබ්ලිව්. රථයක්‌ තිබියදී රුපියල් කෝටි හයසියයකට ආසන්න සුඛෝපභෝගී රථ දෙකක්‌ මිලදී ගැනීමට යැම අපරාධයක්‌ යෑයි තෙල් සංස්‌ථාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සේවක ප්‍රශ්න, බවුසර් ප්‍රශ්න හා ඉන්ධන මිල ගණන් අඩු කිරීම වෙනුවට රජයේ මුදල් සුඛෝපභෝගී රථ මිලදී ගැනීමට යෙදවීම යහපාලනයට කැළලක්‌ බව ද එහි උසස්‌ නිලධාරියෙක්‌ සනාථ කර සිටියේය.