Spread the News

‘චැනල් ෆොට උදව් කරන
ශ්‍රී ලාංකිකයන් ගැන සොයයි
source:
නෝමන් පලිහවඩන

‘චැනල් ෆො නාලිකාවට රහසේ උදව් කරන ශ්‍රී ලාංකිකයන් සිටී නම් ඔවුන් පිළිබඳව රජයට දැනුම් දෙන ලෙස රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලයි.

ඇතැමුන් විවිධ වාසි ලබාගැනීම සඳහා උපන් රට පවා අමතක කරමින් චැනල් ෆො නාලිකාවට විවිධ ආකාරයෙන් උදව් කරන බවට විශාල සැකයක්‌ පහළ වී තිබේ. මෙවැනි පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබුණු සැණින් නොපමාව රජයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආරක්‍ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ “දිවයින” ට පැවසීය.

කච්චතිව් දූපත පිළිබඳව තමිල්නාඩුව කුමන ආකාරයට සිහින මැව්වත් එම සිහින සැබෑ නොවන බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය කියයි.