චැනල් 4 බොරුව එළි වෙයි

Spread the News

චැනල් 4 බොරුව එළි වෙයි

source:

බ්‍රිතාන්‍යයේ චැනල් 4 ආයතනය විසින් නිපදවන ලද වීඩියෝ පට ව්‍යාජ ඒවා බව වීඩියෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් විසින් කරන ලද අධ්‍යනයන්ගෙන් ඔප්පු කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේදීන්ගේ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය පී. ඩබ්ලියු ඈපාසිංහ මහතා පවසයි.

මානුෂිකත්වයට හා නැගී ගෙන එන ජාතියකගේ සාධාරණත්වයට එරෙහිව තාක්ෂණය යොදාගෙන ඇති අයුරු ශ්‍රී ලංකාවේ අප සියලු දෙනාම දන්නා බවත්, සමහර මාධ්‍ය සංවිධාන තමන්ගේ න්‍යාය පත්‍රයන් ඉදිරියට ගෙන යන්නට හා තමන්ගේ පටු පෞද්ගලික අරමුණු ඉටුකර ගන්නට තාක්ෂණය යොදා චැනල් 4 මේ ව්‍යාජ වීඩියෝ ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

මේ රටේ පුරවැසියන් වශයෙන් මේ වීඩියෝ පටවල ඇති ව්‍යාජත්වය මෙන්ම උතුරෙ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පිළිබඳ ඔවුන් ගෙන හැර දැක්වූ කරුණුවල අනන්‍යතාවය අපිට හොඳින් සාක්ෂි දැරිය හැකි බවත් මහාචාර්ය ඈපාසිංහ තවදුරටත් පවසයි.

කුඩා රටවල් අන්තර්ජාතික අපරාධ අධිකරණයට ගෙන එන්නට උත්සාහ කළත් මේ නීතිය ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයා හෝ බ්‍රිතාන්‍ය අගමැතිවරයා අන්තර්ජාතික අධිකරණයට ගෙන යන්නට නොවන බව හිටපු බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් රොබින් කුක් මහතා එක් අවස්ථාවක පැවසූ බවද ඒ මහතා සඳහන් කළේය.