Spread the News

චැනල් 4 මගඩියට උදව් දුන් අයෙක් දැලේ

source link:

දයා ඩී.ෆොන්සේකා

ශ්‍රී ලංකාවට මහත් අපකීර්තියක් ඇති කරවමින් චැනල් 4 නාළිකාව මඟින් ප්‍රචාරය කළ “කිලිං ෆීල්ඩ්” ශ්‍රී ලංකා වීඩියෝ පටය නිර්මාණය කිරීමට අනුබල දුන් බවට සැක කරමින් රහස් පොලීසිය විසින් මහනුවර දී අත්අඩංගුවට ගත් කන්දවනම් පේදීස්වරම් නමැත්තා මාසයක් රහස් පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා ගිය සිකුරාදා අවසර දුන්නේය.

ඔහුට විරුද්ධව චෝදනා නඟා තිබුණේ චැනල් 4 වීඩියෝ පටය නිර්මාණය සඳහා ආධාර අනුබලදීම හා ශ්‍රී ලංකාවේ යුද හමුදාව හා රජය අපකීර්තියට පත්කිරීම යනුයි.

”කිලිං ෆීල්ඩ්” වීඩියෝ පටය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් ඇතිකරමින් පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඊට එරෙහිව ශ්‍රී ලංකාවේ ජනමතය ද ගොඩනැඟෙමින් තිබිණ.