Spread the News

චීනයේ “පව්කාර” නගරය

SOURCE:

චීනයේ “පව්” නගරය ලෙස හඳුන්වන්නේ ඩොන්ග්ගුවාන් නගරයයි. එය පව් නගරය ලෙස අන්වර්ථනාමයක්‌ ගොඩනැගී ඇත්තේ එම නගර ජනගහනයෙන් 10% ක්‌ම ලෝකයේ පැරණිම වෘත්තියේ නියෑළී සිටින නිසාවෙනි.

මෙම නගරයට පැමිණෙන ගනුදෙනුකරුවන්ට නගර සෝබනියන් සපයන එක්‌ අතරමැදියෙක්‌ බ්‍රිතාන්‍ය ටෙලිග්‍රාෆ් පුවත්පතේ ටොම් µsලිප්ස්‌ට පවසා තිබුණේ තමන්ට පොලිසියෙන් කිසිම කරදරයක්‌ නොකරන බවයි. රැයක්‌ පුරා සතුටු වන්නට “යුවතියක්‌” අවශ්‍ය නම් යුවාන් 300 ක්‌ එනම් පවුම් 32 ක්‌ ලබාදෙන ලෙස ඔහු කියයි.

පර්ල් නදී ඩෙල්ටාවේ පිහිටා ඇති ඩොන්ග්ගුවාන් නගරයේ මිලියන හතක ජනතාවක්‌ වෙසෙන අතර එය චීනයේ ලිංගික වෙළෙ¹මේ අගනුවරයි. ලක්‌ෂ 5 ත් ලක්‌ෂ 8 ත් අතර පිරිසක්‌ මෙහි ලිංගික කර්මාන්තයට සම්බන්ධ කවර හෝ වෘත්තියක යෙදෙන අතර ඒ පිරිස මේ නගරයට පිට පළාත්වලින් පැමිණි අයයි. කැරොකේ, සම්භාහන මධ්‍යස්‌ථාන හා ගණිකා වෘත්තිය සඳහාම වෙන්වූ හෝටල්වල සේවය කරන පිරිස ලක්‌ෂ 3 කි.

බොහෝ බිරින්දෑවරු තම සැමියන් ඩොන්ග්ගුවාන් නගරයට එනවිට කලබල වන බව මේ නගරයේ සාද සංවිධානය කළ කළමනාකරුවකු වන ලියු සීජොන්ග් පවසයි.

මෙම නගරයේ ප්‍රකට කැරොකේ සමාජ ශාලාවක වයස 18 වඩා අඩු පෙනුමක්‌ ඇති තරුණියක්‌ යුවාන් 300 කට ලබාගත හැකිය. බියර්, විස්‌කි හා තුර්කි සිගරට්‌ සමග රාත්‍රිය පුරා මේ තරුණිය සමග සංගීතය සමගින් විනෝද විය හැකිය. යුවාන් 1200 ක්‌ ගෙවුවහොත් තමා තෝරාගන්නා තරුණිය සමග එම සමාජ ශාලාවේම ඇති කාමරයට ගොස්‌ සතුටු විය හැකිය.

කේ. වීට්‌ කැරොකේ හි සේවය කරන 28 හැවිරිදි ලියෙන් මෙසේ ප්‍රකාශ කරයි.

මම බැඳලා මට මාස 22 ක දරුවකුත් ඉන්නවා. නමුත් මගේ ස්‌වාමි පුරුෂයා මම රැකියාව කරන්නේ මෙවැනි ස්‌ථානයක කියලා දන්නේ නැහැ. ඒ වගේම මගේ දෙමාපියන්ද මේ ගැන කිසිවක්‌ දන්නේ නැහැ. මම කැසිනෝ ගහලා පරදා වෙලා යුවාන් අසූදාහක්‌ ණයවෙලා ඉන්නේ. ඉතින් මෙතැන ඉඳලා යුවාන් විසිදහක්‌ තිස්‌දහක්‌ හම්බකරගෙන ආයිත් මැකාවෝ කැසිනෝවලට ගිහිල්ලා මගේ වාසනාව යළිත් කැරකෙයිද කියලා බලනවා. ටොන්ග්ගේ වයස අවුරුදු 19 කි. නමුත් ඇයට තිබෙන්නේ වයස අවුරුදු 15 ක 16 ක පෙනුමකි. මෙතැනට එනකම්ම මේ රස්‌සාව ගැන මම දැනගෙන හිටියේ නෑ. ජුආන්ට ලෝකයේ පැරණිම රස්‌සාව කරන්නට සිදුවූයේ ඇය සේවය කළ සපත්තු කර්මාන්ත ශාලාව වැසුණු නිසාය. මම කැමැති සපත්තු කම්හලේ වැඩ කරන්න. වෙනදා මගේ අනිත් වැඩ කරලා තමයි ජිවිකාව හොයා ගන්නේ. අද ජීවිකාව හොයා ගන්න මුළු ඇඟම විකුණන්න වෙලා.

ලින්ග් ලින්ග් චීනයේ දුප්පත්ම ප්‍රන්තය වන ගුයිෂෝයු සිට පැමිණි තැනැත්තියකි. ඇය ගෙදරින් පැමිණියේ බොනික්‌කන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක සේවය සඳහාය. එහෙත් ඇය අවසානයේ නතර වූයේ කැරොකේ සමාජ ශාලාවේය. “මට කරන්න දෙයක්‌ නැහැ. මොනව කරලා හරි මගේ දෙමවුපියන්ට සලකන්න ඕනෑ යෑයි මේ තරුණිය කියයි.

වරදත්ත අකලංක