Spread the News

චෝදනා කරන රටවලටත් යුද අපරාධ චෝදනා

ටී. චන්ද්‍රසේකර source:

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන රටවල් සිදුකර ඇති යුද අපරාධ පිළිබඳව ප්‍රශ්න කෙරෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට යුරෝපා මානව හිමිකම් සංවිධානය තීරණය කර ඇත.

මාර්තු මස ජිනීවා හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 25 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් යෝජනා සම්මත කිරීමට උත්සාහ කරන රටවල් සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් ද විමසීම් කළ යුතු බව යුරෝපා මානව හිමිකම් සංවිධානයේ ජර්මානු උපදේශක ඇන්රේන්ස් සුක්ලර් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන චෝදනා කරමින් එංගලන්තය තමන් සිදුකළ යුද අපරාධ යට ගැසීමට පියවර ගනිමින් සිටින බවට ද හෙතෙම චෝදනා කරයි. ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ සිදු කෙරුණත්, 2003 – 2008 කාලය තුළ බ්‍රිතාන්‍ය ඉරාකයේ යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල වූ අතර ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය මේ දක්වා අභ්‍යන්තර පරීක්ෂණයක් හෝ සිදුකර නොමැති බවත් සුක්ලර් ප්‍රකාශ කර තිබේ. මේ අනුව එංගලන්තය ඉරාකයේ සිදුකළ යුද අපරාධ සම්බන්ධ විමර්ශනයක් සිදුකරන ලෙස යෝජනාවක් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට සැලසුම් කරන අතර සෙසු රටවල ද යුද අපරාධ චෝදනා පිළිබඳ සොයා බලමින් සිටින බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.