Sat. Jan 18th, 2025
Spread the News

📌 ඡන්දයක් ලංවෙනකොට මැම්බර් උන්නැහේලාට මතක්වෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

සිංහල ජාතියට ප්‍රශ්ණ ඇති කළෙත් පාර්ලිමේන්තු කාරයෝ. දැන් අවුරුදු 35+ තාම 13 විකුණං කනවා. නැත්නම් 13 නෙන් ඇති කල විනාශය උග්‍ර කිරීමට තව තව සංශෝධන ව්‍යවස්තාවට ගේනවා. 22 සංශෝධනය රටට ජාතියට ඉතා භයානක ඉරනමක් අත්කර දීමට ගේන සංශෝධනයක්.

සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් උදෙසා පැවැත්විය යුතු නීති එතුලින්ම නසා දමමින් කටයුතු කරන්නේ පාර්ලිමේන්තු කාරයෝ.
රටේ සංස්කෘතිය ගොඩනගපු ජාතිය සුරක්ශා කිරීම පිණිස පමණයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබිය යුතු.

අත්තොනෝත්මතිකව සංශෝධන ගෙන එන්නේ සිංහල ජාතියත් බුද්ධ සාසනයත් මෙරටින් අතුගා දැමීමේ දීර්ඝකාලීන කුමණ්ත්‍රනයක ප්‍රතිඵලයක් ලෙසයි.

පස්චාත් යුධ සමයේ කළ යුතු වන්නේ 13 මුලුමනින්ම උදුරා ඉවත් කිරීමයි. සැබෑ ජාතික ඒකාබද්ධ කිරීම නම එසේ කිරීමයි.

13 වන ව්‍යවස්තා සංශෝධනය දිගින් දිගටම උලුප්පා දමමින් එය පවත්වා ගැනීමට පාර්ලිමේන්තු කාරයෝ උත්සහ කරන්නේ රටේ අරාජිකත්වය දිගින් දිගටම පවත්වා ගැනීමේ Retention Plan එකක් ලෙසයි.

මේ සමග අමුණා ඇත්තේ ඉන්දු ලංකා ගිවිසුමේ අවශේෂ කාර්ණා මගින් සිංහලයා මුලුමනින්ම නිදහස් කරගන්නා රාජතාන්ත්‍රික පිළිවෙතයි.

– ඉන්දික සහභණ්ධු✍️
©️2022

👥🎙️https://youtu.be/PmSTiIfi-sU

Protected by Security by CleanTalk